විදේශ පුවත්

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන රොකට්ටුවක් නිපදවීම සඳහා ඉදිරියට යාමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පොරොන්දු වී තිබේ. අගෝස්තු 8 වැනි දින ධවල මුහුදේදී සිදුකළ පරීක්ෂණ පරාසයකදී රොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් මෙම අදහස...

යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකිරීමේ ඇමෙරිකානු දෙබිඩි පිළිවෙත දැන් හෙලි වී ඇත. මේ සතියේ දිනෙක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සිදු වූ යුද අපරාධ පිළිබඳව වරද කරුවන් වූ හමුදා නිලධාරීන් තිදෙනකුට සමාව දුන්නේය. ඉරාකයේ සිදු වූ යුද අපරාධයක්‌ පිළිබඳව නිලයෙන් පහත දැමු නාවික සීල් බලකා ඒක...

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (19දා) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් ක...

ISIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග සම්බන්ධ වීමට ඉරාකයට සහ සිරියාවට ගොස්, යළි සිය මවුරටට පැමිණීමට උත්සාහ කරන්නන් යළි භාරගැනීම යුරෝපය ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසයි. යුරෝපය, ඇමෙරිකාව සහ ඇතැම් ආසියානු රටවලින් පවා ISIS ඉස්ලාම් රාජ්‍ය සමග සම්බන්ධ වීමට විශාල වශයෙන් ඉස්ලාමීය තරුණ තරුණියන් සම්...

රුසියාවේ එස් -400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබේ.රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙකී මිසයිල පද්ධතිය ලබා දීම සඳහා ඉන...

දකුණු කොරියාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යැම සඳහා දැනට ගෙවන මුදල පන්සිය ගුණයකින් වැඩි කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට දැනුම් දී තිබේ. ඇමරිකාවේ මෙම දැනුම් දීම දකුණු කොරියාවේ දැඩි විරෝධයට හේතුවී තිබේ. උතුරු කොරියාවේ තර්ජනවලින් දකුණු කොරියාව බේරා ගැනීම සඳහා ඇමැර...

අපරාධකාරී ක්‍රියාවලට අදාළ පොලිස්‌ වාර්තා සිය ගණනක්‌ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකාට ලැබීමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත. මෙය රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කිරීමකි. රාජ්‍ය විරෝධී පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ මෙම වාර්තා ඇයට සපයා ඇතැයි ආරංචිමාර්ග කියා සිටියි. මෙම පොලිස්‌ වාර්තා යස්‌මින් ...

බොලිවියානු විපක්ෂයේ සෙනෙට් සභික ජෙනින් ෂීස්,ඊවෝ මොරාලෙස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු තමන් රටේ අන්තර්වාර ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මොරාලෙස්ගේ පක්ෂයේ නීති සම්පාදකයින් සැසිය වර්ජනය කර ඇති අතර, ඉන් අදහස් වන්නේ මෙම පත්වීම නීත්‍යනුකූල වීම සඳහා අවශ්‍ය ගණපූරණය නොමැති බවයි.එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්...

ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමේ අපේක්ෂාවෙන් 2020 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කර තිබෙනවා. ඩිමොක්ක්‍රටික් පක්ෂයෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බිල් ක...

එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව නවදිල්ලි මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. එල්.ටී.ටී.ඊ තහනම මීට පෙර ඉන්දියාව විසින් ක්‍රියාත්මක කර තිබූ අතර එය තවදුරට...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More