පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යවන ලද ලිපියෙහි සඳහන් “ඔබලා යුධ අපරාධ කළයි කියල බැංකි මූන් හේග් ජාත්‍යන්තර අධිකරණය ට ගෙනියන්න 2011 ක්‍රියාකළ වෙලාවෙ මම විතරයි ඔහුට අභියෝග කළේ. ඒකත් විපක්ෂයෙ ඉඳන් කළේ. ඔබලා ඉල්ලලා පත්කර ගත්ත දරුස්මාන් කොමිටිය ම තමයි ඔබලා යුධ අපරාධ කළයි කියල චෝදනා ඉදිරිපත් පත් කළේ. ඒකට මහින්ද මට ප්‍රසිද්ධියේ ස්තුති කළා. 2015 ආණ්ඩුවෙ අපි ජිනීවා ගිහිල්ල බොහොම අමාරුවෙන් තමයි ඒවා සමනය කළේ” යන ප්‍රකාශය පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ විජේදාස මහතාගෙ එම ප්‍රකාෂයෙන් ඔහුගේ ලිපියේ විශ්වාසනීයත්වය මුළුමනින්ම පාහේ අහෝසි වන බවයි. විජේදාස මහත්මයාලා එසේ අමාරුවෙන් සමනය කරානම් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයක් අවශ්‍ය නොවන බවත් 2017 වසරේ සිට මානව හිමිකම් කොමිසමට බඩගාමින් මිලියන ගනනක මුදලක් වැය කිරීමට සිදුනොවන බවත් එතුමා තවදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යසස් ධර්මදාස මහතා, “ඇත්ත වශයෙන්ම ,අප දන්නා එක කාරණයක් පිළිබඳව එතුමා අසත්‍ය ප්‍රකාශ කර නොසිටියනම් ලිපියේ අනෙකුත් කාරණා පිළිබඳව බරපතලව හිතන්න ඉඩ තිබුනා . දරුස්මාන් වාර්තාව රාජපක්ෂල ඉල්ලා ලබාගත් වාර්තාවක් යැයි පැවසීම සමහර විට විජේදාස රාජපක්ෂ මහතාගේ දැනුමේ ප්‍රමානය අනුව කරණ ප්‍රකාශයක් විය හැකියි. කොහොමත් සමහර කාරණා එතුමාට පෙනෙන්නේ ඒ ආකාරයෙන්ම තමයි. දරුස්මාන් වාර්තාව සම්බන්ධව බැන්කීමූන් මහතා පැවසූ ආකාරය්ට නම් බැන්කීමූන් මහතාව දැනුවත් කර ගැනීමට කිසිදු කොමිටියකින් අවසරයකින් හෝ බලාත්මක කිරීමක් පැවරීමකින් තොරව සිදුවුන දෙයක්. කොටින්ම කියනවනම් එය බැන්කීමූන් මහතා එතුමාගේ බලතල ඉක්මවා ක්‍රියා කිරීමක්. මර්සුකී දරුස්මාන්, යස්මින් සූකා හා ස්ටීවන් ආර් රැට්නර් කළේ කොටි ඩයස්පෝරාවේ තිබුන කැලෑ පත්තර ටික එකතු කරල වාර්තාවක් සෑදීම. එහි තමයි තිබුනෙ හමුදාව යුද්ධයේ අවසාන කාලයේදී සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කලා කියල. ඒ වගේම විවිධ යුද අපරාධ කරා කියල. ඒ සියළු කාරණා ඇතුලත් කරල තමයි 2015 දී අපට විරුද්ධව යුද අපරාධ චෝදනා ගොනු කරණු ලැබුවෙ. ඒ යුද අපරාධ චෝදනා පිළිගත්තඑක තමයි විජේදාස මහත්මයා මහන්සි වෙලා පත් කරපු යහපාලන ආණ්ඩුවෙන් කළේ. එතුමාල එම යුද අපරාධ චෝදනා පිළිගත්තෙ ක්සිදු විරෝධතාවයකින් තොරව සම අනුග්‍රහය දීමෙනුයි. එසේ කිරීම යුද අපරාධ චෝදනා සමනය කිරීමක් වෙන්නෙ කොහොමද?
එදා 2015 දී විජෙදාස මහත්මයල ජිනීව ගිහින් යුද අපරාධ චෝදනා පිළිගන්න විට එම චෝදනා අසත්‍යයි කියා යුද විශේෂඥයින්, මහාචාර්යවරුන් සහ කොමිසම් මගින් වාර්තා අටක් ඉදිරිපත් කර තිබුන. ඉන් හයක් 2014 වසරේ නිකුත් කරන ලද වාර්තා. එම වාර්තා සාදන ලද්දෙ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්ව, මහාචාර්ය ඪ්. M. ක්‍රේන්, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රාජ නීතිඥ රොඩ්නි ඩික්සන් සහ මහාචාර්ය මයිකල් නිව්ටන් ආදීන්. ඒ හයම නිසි ආකාරයට මානව හිමිකම් කොමිසමේ සභාගත කිරීමට එවක පැවති රාජපක්ෂ රජයට හැකි වුනේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරේ කුප්‍රකට පුද්ගලයෙකුව යොදාගෙන ඇමරිකාව ලොබිකිරීමට යෑමයි. ඒ පිළිබඳව අපි වෙනම කතාකරමු. එසේම 2015 මාර්තු මාසයේ මේජර් ජනරාල් ශ්‍රීමත් ජෝන් හොලම්ස්ගෙ වාර්තාවත් 2015 අගෝස්තු වනවිට මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාවත් ලැබුන. නමුත් මේ එක වාර්තාවක්වත් විජේදාස රාජපක්ෂ මහත්මයලගෙ රජය පාවිච්චි කරේ නෑ අපේ හමුදාව යුද අපරාධ කළේ නැහැ කියල පහදා දෙන්න. ඒ වෙනුවට ඔවුන් කළේ 30/1 යෝජනා දොහොත් මුදුන් දී පිළිගැනීමයි. එහි චෝදනා එකොලහකින් අටක්ම තිබුනෙ හමුදාව යුද අපරාධ කරා කියල. ඒවා කුමනම විරෝධයකින් තොරවම පිළිගැනීමද මේ විජේදාස මහතා පවසන්නෙ යුද අපරාධ සමනය කළා කියල?
තමා භාරගත්ත වගකීම් සියල්ල ම හරියට ම ඉටු කළා කියා එතුමා තවත් උදම් අනනව. එයනම් අසත්‍යක් නොවෙයි. එතුමාල බාර ගත්ත හමුදාව යුද අපරාධ චෝදනා කළා කියන මතය පිළිගැනීමට අවශ්‍ය පනත් හතරක් එතුමා අධිකරණ ඇමති වශයෙන් සිටියදී සම්මත කරදීමෙන් ඉටුකරා. එතුමාට නොහැකි වුනේ වගවීමේ පනත සම්මත කර දීමට නොහැකි වීම සහ දැනට පවතින ත්‍රස්ථවාදය වැළක්වීමේ පනත අහෝසි කර ප්‍රති ත්‍රස්ථ පනත සම්මත කරදීම පමණයි. ප්‍රති ත්‍රස්ථ පනත ක්‍රියාත්මක වෙලා තිබුනනම් සයින්දමරුදු වලදි මුස්ලිම් ත්‍රස්ථවාදී පව්ලට දිවි තොරකර ගන්න වෙන්නෙ නෑ. එයට හේතුව ප්‍රති ත්‍රස්ථ පනත අනුව ත්‍රස්ථවාදී සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට යනවිට ඒ බව මානව හිමිකම් කොමිසමට දැන්විය යුතුයි. එහෙම කළවිට සිදුවෙන දෙය ගැන අමුතුවෙන් කිවයුතු නොවෙයි. එසේනම් ඔවුන්ට ඊළඟට කිරීමට බලාපොරොත්තුවුන අගෝස්තු ප්‍රහාරය සිදුකරන්න හැකිවෙන්න ඉඩ තිබුන.
අද වනවිට එතුමාලගෙ සමනයට පින්සිද්ධ වෙන්න කැනඩාවේ ඔන්ටාරියෝ වල පනතක් සම්මත කරගෙන ශ්‍රී ලංකාවේ දෙමල සමූලඝාතන සතිය කියල මැයි 18 වන දිනයෙන් අවසන්වන සතිය සැමරීමට. එසේම ඇමරිකාවෙ 414 කියල පනතක් සම්මත කරගෙන දෙමල නිජභූමිය කියල උතුර සහ නැගෙනහිර පිළිගැනීමට. එවන් පනතක් බ්‍රිතාන්‍යයෙත් සම්මත කර ගැනීමට නියමිතයි. එසේම යස්මින් සූක ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලන්ඩනයේ ශාඛාවේ ජෙයරාජ් පලිහවඩනට විරුද්ධව නඩුවක් දමල ඇයට අපහාස කරා කියල. පසුගිය 46 සැසිවාරයේදී 46/1 යෝජනාව වත්මන් රජයේ අකමැත්ත මත සම්මත කරගත්ත. එයින් සිදුකරේ ඕනෑම රටකට අපට විරුද්ධව යුද අපරාධ ගොනු කිරීමට ආරාධනා කිරීමයි. ඒ අනුව යමින් තමයි කැනඩාව, ඇමරිකාව සහ එංගලන්තය කටයුතු කරමින් ඉන්නෙ. ඒ වගේම පහුගිය දිනක සජබ පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් පෞද්ගලික මංත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආව මානව හිමිකම් සංවිධානය ගැසට්කිරීමත් ඔය සංසිද්ධිවල දිගුවක්. මේ සියල්ලම සිදුවන්නෙ ඔය විජේදාස මහත්මයල සමනය කර පිළිගත්ත යුද අපරාධ චෝදනා හේතුවෙන්.
රාජ්‍ය නොවන සංවිධානයක් හැටියට අපට හැකියාව ලැබුන අපේ හමුදාව යුද අපරාධ සිදුකරේ නැහැ කියල තහවුරු කරන්න. අඩුම තරමෙ අපේ එම වාර්තාව කියෙව්වනම් විජෙදාස මහතා ලැජ්ජා විය යුතුයි එතුමාල සිදුකළ මහා පාවාදීම පිළිබඳව. එතුමාම පවසා සිටින පරිදි මේ වගකීමකින් තොරව පහසුවෙන් ඉන්න කාලෙ වගකීම් රහිත හිස් ප්‍රකාශ නොකර අපගේ එම වාර්තාව රැගෙන කියවන ලෙස මම එතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනව.
එම වාර්තාව දැන් යල් පැනගිය එකක් සේ සළකා සමහරු බැහැර කරන්න හැදුවත් 30/1 යුද අපරාධ චෝදනා කරලියේ පවතින තාක් කල් අප අනුග්රහයදී බුද්ධි මණ්ඩලයක් විසින් සාදන ලද “විරුවන්ගේ විත්ති වාචකය” වලංගුයි. එසේම එමගින් දක්වා තිබෙන අනුගමනය කළයුතු ක්‍රියා මාර්ගයත් වලංගුයි. රජය කරන්නෙත් අඬුව තියාගෙන අත පුච්චා ගැනීමක්. මේ පිළිබඳව රජයටත් අපි ඕනෑ තරම් කරුණු දක්වල තියෙනව.
එසේම විජේදාස රාජපක්ෂ මැතිතුමාට අපි අභියෝග කරනව අපත් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියල. එවිට අප පෙන්වල දෙන්නම් එතුමා ඔය උදම් අනන සමනයෙන් එතුමාල පිලිගත්තෙ කුමක්ද, එහි ඇති සාවද්‍ය භාවය මෙන්ම දැන් කුමක්ද සිදුවෙලා තියෙන්නෙ සහ ඉදිරියට සිදුවෙන්නට තියෙන්නෙ කුමක්ද කියල.
මේ අවස්ථාවේ මේ පිළිබඳව නැවත කතිකාවක් ඇති වෙන එක යහපත්. හේතුව, ලබන මාර්තු මාසයේ රැස්වෙන මානව හිමිකම් සමුළුවේදී අප රටට විරුද්ධව ප්‍රභල ක්‍රියාකාරකම් රැසක් මානව හිමිකම් සමුළුව තුල හා ඉන් පිටත සිදුවීමට නියමිතයි. නමුත් ඒසඳහා සාධණිය සූදානමක් රජයෙන් තවම පෙනෙන්නෙ නෑ. එවන් අඳ ගොළු බිහිරි වෘතයක පසු උන බැවින් තමයි 46/1 යෝජනාව අපට විරුද්ධව සම්මත කරගැනීමට මානව හිමිකම් සමුළුවට හැකි උනේ. විජේදාස මහතා සමග විවාදයේදී රජයේ ඇස් ඇරවීමටත් හැකිවෙනු ඇතැයි අප සිතනවා.”යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...