මීට පෙර ජාතිය ඇමතීමේදී සිදු වූ හාස්‍යජනක ඉවෙන්ට් සියල්ල නැතිව ඒවා නිවැරදි කර ගෙන හරවත් සහ කෙටි ජාතිය ඇමතීමක් සිදු කිරීම ගැන ඔබතුමාට කෘතඥපූර්ව ස්තූතිය නොපැකිලිව පිරිනමමි.. එසේම මේ කතාව ඔබ කල යුතුව තිබුනේ සති දෙක තුනකට පෙර බවද විශ්වාස කරමි..
එසේම ඔබතුමාගේ කතාවේ පදනමට හේතු සාධක වූ බවට හැගෙන කරුණු කිහිපයක් ගැන මගේ අදහසද ලියා තබමි..
📌 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවෙන් හමු වූ පසු අදාල ප්‍රදේශ /පලාත් තුල කෙටිකාලීන දැඩි සංචරණ සීමා පනවා රටම බිලි නොදී එම ව්‍යාප්තිය පාලනය කිරීමට දැනෙන පියවර නොගත්තේ කවුදැයි ඔබතුමා හඳුනාගන්නේ නම් මැනවි..
📌 රටේ තෙල් ඇතැයි ආණ්ඩුව පුන පුනා කීවත් ඒවා විශ්වාස නොකරන මට්ටමට රජයේ ප්‍රකාශවල විශ්වාසණීයත්වය බින්දුවට දමමින් කොවිඩ් ව්‍යසනයට අදාලව අද දිනයේත් විහිළු සහගත සහ බලුකපුටෙකුට උවද බොරු යැයි වැටහෙන සංඛ්‍යා නිල වශයෙන් ලබා දෙන විහිළුව නතර කිරීමට පියවර ගන්නේ නම් මැනවි..
📌 මෙවැනි ඉතා දුශ්කර අවස්ථාවක අවුරුදු 24කටද වඩා පැරණි රසායනික පොහොර සහ කෘමිනාශක ප්‍රශ්ණයක් කරලියට ගෙන ප්‍රශ්ණ මදිවාට තවමත් විසදුමක් නැති ප්‍රශ්ණ ඇති කර ගැනීමේ වගකීම පිලිගන්නේ නම් මැනවි.. කොටින්ම මෙය විප්ලව කිරීමට වේලාව නොවේ..
📌 සමාජයේ නියත කැලඹීමක් ඇතිවන කොතලාවල පනත වැනි මේ මොහොතට කිසිසේත් නුසුදුසු අනවශ්‍ය ප්‍රශ්ණ මේ මොහොතේ කරලියට ගෙන තවත් නැති ප්‍රශ්ණයක් ඇති කිරීමේ වරදේ වගකීමද ඔබ බාර ගත මැනවි..
📌 කොතලාවල පනතට එරෙහිව පැවති කුඩා උද්ගෝෂණ සදහා දියත උයන අසලදී මෙන් මරි මෝඩ ප්‍රතිචාර දක්වමින් රටක් බහුලව නොදැන සිටි ස්ටාලින්ලාට ඉන්දන සපයමින් ගෙදර සිටි උන්ද උද්ගෝෂණවලට කැදවූ ළණු දුන් උන් දැන්වත් හදුනාගන්නේ නම් මැනවි..
📌 එන්නත්කරණය සතුටුදායක මට්ටමෙන් ක්‍රියාත්මක වුවද එහි අග්‍රපලයට මෙහා තවමත් අප සිටින බවත්, ආණ්ඩුව මුළු වැර යොදා මෙම වසංගත තත්වය පාලනය කිරීම ප්‍රමූඛ රාජකාරිය කර ගත යුතු බවත් තේරුම් ගෙන අවස්ථාවාදීන්ට පිටිය හදන අනවශ්‍ය ප්‍රශ්ණ දැන්වත් ඇති නොකර සිටීමට නුවණ පහල වේවායි පතමි..
📌 ඩොලරය ව්‍යාජව පාලනය කරමින් රටට ලැබෙන ඩොලර්ද ජාත්‍යන්තර කළුකඩ වලට හරවන ආර්ථික ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කර, බැංකු පද්ධති ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි..
📌 තවමත් කුප්‍රකටව සිදුවන කොවිඩ් ටෙස්ට් කිට් ජාවාරම් ඇතුළු විවිධ ක්ශ්‍රේත්‍ර බිලි ගෙන ඇති ගජමිතුරු සේවනය හැකි ඉක්මනින් අවසන් කර ජනතාව සූරාකෑමේ නින්දිත ක්‍රියාවලි නතර කිරීමට පියවර ගන්නේ නම් මැනවි..
කියන්නට තව බොහෝ කරුණු ඇතත් මෙයින් නවතිමි..
අවසාන වශයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ජෝකර්ලා සහ අවස්ථාවාදීන් වෙනුවට ඔබතුමා මේ දුශ්කර මොහොතේ රටේ ඉහළම පුටුවේ සිටීම ගැන තවමත් සතුටු වන අතර එම සතුට තවදුරටත් රැකගැනීමේ කාර්යය ඇත්තේද ඔබතුමා අතම බව සිහිපත් කරමි..
කැපකිරීම් කිරීමට ඔබ සූදානම් නම් ඕනෑම කැපකිරීමක් කිරීමට අපද සූදානම් බව දන්වනු කැමැත්තෙමි..
ළණු දෙන්නන් හදුනාගැනීමට සහ ළණු නොකා සිටීමට ඔබට ශක්තිය ලැබේවා..
– මෙයට, ඔබට පුටුව දෙන්නට හැකි පමණ අම්බානක කඩේ ගිය පුරවැසියෙක්..
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...