පුරවැසි කොලම

අප නව යටත්විජිතකරණය නම් ප්‍රපංචය අවබෝධ කරගන්නා මොහොත වන විටත් එය කල් ඉකුත් වූ ප්‍රපංචයක් බවට පත්ව හමාරය. නමුත් එම තත්වය අප ප්‍රත්‍යක්ෂ කරගන්නේද තවත්  බොහෝ කාලයක්  ගත වීමෙන් පසුව වීම හාස්‍යයට කාරණයකි . කෙසේ වුවද අප නව යටත්විජිතකරණය අවබෝධ කරගෙන  එයට විරුද්ධව ක්‍රියාත්මකවීමේදී අප විසින් භාවිතා කරන මෙවලම් ද නූතන යටත් විජිත වහල්කරණයේ උපාංගම බව වටහා ගන්නා විට නූතන යටත් විජිත වහල් කරණයේ ප්‍රාග්ධන  හිමිකාරත්වය විසින් තවත් වටයකින් අපව වහල්කරණයේ ඉම දක්වා රැගෙන ගොස් අවසානය. අප ඒ බව වටහා ගන්නා මොහොත වන විට, අපට තවදුරටත්  සටන් කිරීමට  භූමියක්, දේශයක්, පරිසරයක්, ජනතාවක් හෝ අවකාශයක් ඉතිරිව ඇත්තේ නැත.ඒ වන විට අපට ඉතිරි වන්නේ නූතන කෘතීම බුද්ධියෙත්, රොබෝ තාක්ෂණයේ සහ  5G  සහ 6G සංනිවේදන තාක්ෂණය මගින් වට කොට ඇති සිර ගෙදරක සිරකරුවන් බවට පත්වූ කෘතීම බුද්ධිය හා නව තාක්ෂණයේ ප්‍රාග්ධන අයිතිකරුවන් විසින් ජානමය වශයෙන් විකෘති කරන ලද ලෝකවාසී ජනතාවකි. එලෙසම එම කෘතීම බුද්ධිය හා නව තාක්ෂණයේ ප්‍රාග්ධන අයිතිකරුවන් ඉහත කී ලෝක වාසී සාමාන්‍යය ජනතාව ,  ඔවුන්ට රිසි සේ පාලනය කළ හැකි “පාලිත ලෝකවාසී සත්ව කොට්ඨාශයක්” බවට පත් කරමින් සිටින බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එන්නත් සහ රෝග පාලනය

1796 දී එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය සඳහා එන්නතක් සොයා ගැනීමේ සිට අද වන තෙක් බෝවන රෝග සදහා එන්නත් මගින් ප්‍රතිකාර කර  ලෝකවාසී ජනතාව එම රෝග වලින් මුදවා ගෙන ඇත. එදා සිට අද දක්වා මෙම එන්නත් නිපදවන තාක්ෂණය දිනෙන් දින දියුණු විය. එන්නත් මගින් මිනිසාගේ බෝවන රෝගයන් හට විරුද්ධව ප්‍රතිශක්තිය උත්පාදනය කර දුන්නද යම් ප්‍රමාණයක සංකූලතා ඇතිවීම එම තාක්ෂණයටම ආවේනික වූ ඌනතාවයකි.

ලෝකය තුළ ආයුධ වෙළඳාමටත් වඩා බටහිර ඖෂධ නිෂ්පාදනය සහ වෙළඳාම ලාභදායී යන මතය ලොව පුරා ප්‍රචලිත මතයකි. එම නිසා බොහෝ දැවැන්ත බහු ජාතික සමාගම් ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර අතර ඖෂධ නිෂ්පාදනය සඳහාද නිරන්තරයෙන් ආයෝජනය කිරීම දක්නට ලැබේ.

එම නිසා ඖෂධ නිෂ්පාදනය යනු සැබෑ මිනිස් අවශ්‍යතාවයට වඩා ලාභය අරමුණුකරගෙනම සිදු කරණ නිෂ්පාදන අංශයේ ව්‍යාපාරයක්  බව විද්වතුන් හඳුනාගෙන  දැනට දශක හතකටත් වඩා ගත වී ඇත්තේය.

ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයේ  මුල් යුගයේ දී එන්නත් නිපදවීම බහුජාතික සමාගම් වලට විශාල ලාභය ගෙන දුන්නක් නොවිණි. මන්ද යත් රෝග නිවාරණය කළ යුත්තේ රෝගයක් නැති අවස්ථාවකදී වීමත්, ඒ සඳහා ඒ ඒ රටවල සෞඛ්‍ය පරිපාලනය මගින් ගන්නා තීන්දු තීරණ බලපාන බැවින්  වෙළෙඳපොළ ප්‍රචාරණය තුලින් රිසි සේ හැසිරවිය හැකි විශාල වෙළඳ පොලක් සාදා ගැනීමට අපහසුවීමයි. එලෙසම එන්නත් නිපදවීමට අධික මුදලක් සහ දීර්ඝ කාලයක් ගතවන වියදම්කාරී ක්‍රියාවලියක් වීමද තීරණාත්මක විය. සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කර නිසි ක්‍රමවේදයට අනුව  අනුමත කිරීමට අවම වශයෙන් වර්ෂ 10 ක පමණ කාලයක් ගත වන්නේ ය. එම නිසා  මෑතක් වනතුරු ජාතික රාජ්‍යයන්ගේ මුදල් මත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලුම අනුව අඩු ලාභාංශ මත එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා කළ යුතු  විවිධ ක්‍රමවේද සහ පර්යේෂණ උපයෝගී කර ගනු ලැබිණි. එලෙස  එන්නත් නිෂ්පාදනය  ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට බහු ජාතික සමාගම් නිරන්තර උත්සාහයක යෙදුණහ.

ලාභදායී එන්නත් වෙළඳපොළක් සඳහා සංක්‍රමණය

එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය කර්මාන්තයක් බවටත් එම කර්මාන්තය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා එම ව්‍යාපාරයේ කළ යුතුවූ ක්ෂණික ක්‍රියා මාර්ග හතරක් හඳුනා ගැනුණි.  ඒවා නම්,

1.එන්නත් ලාභදායී ලෙස නිපදවීමට නම් සම්ප්‍රදායික ක්‍රමවේදයන් ගෙන් තොර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් එන්නත් නිපදවන තාක්ෂණයක් භාවිතා කිරීම .

2.එම තාක්ෂණය භාවිතා කොට දැනට එන්නතක් නිෂ්පාදනය කොට භාවිතය සඳහා යන කාලය අඩු කිරීම සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්  සහ නීති ලිහිල් කිරීම.

3.කෙටි කාලයක් තුල මහා පරිමාණ වශයෙන් එන්නත් නිපදවීමට හැකි වීම සහ ඒ සඳහා විශේෂයෙන්ම නිර්මිත වෙළඳ පොලක් සකසා තිබීම.

4.එන්නත විවාදයකින් තොරව ලබා ගැනීම සඳහා ලෝකයේ සියළුම රාජ්‍යයන්,එම රාජ්‍යවල දේශපාලන නායකයන්,ඉහළ රාජ්‍යය නිලධාරින් සහ සමස්ත ලෝකවාසි ජනතාව ඒ දෙසට යොමු කිරීම සඳහා වෙළඳ ප්‍රවර්ධනයක් ඇති කිරීම.

යන ප්‍රධාන කාරණා හතරයි.

ඉහත සඳහන් කරුණු සාක්ෂාත් කර ගත හොත් එන්නත් යනු ලොව අංක එකේ ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කර ගත හැක. මේ සඳහා එන්නත් නිපදවන සමාගම් සමඟ එකතුවූ  නව ලොව අංක එකේ ධනවතා වන බිල් ගේට්ස් මහතාගේ නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස 2006 සිට සැලසුම් කොට ආරම්භ කළ එන්නත් නිපදවීමේ ව්‍යාපෘතිය අද වන විට මල් පල දරා ඇත. Bill Gates  විසින් ආරම්භ කරන ලද Bill and  Melinda Gates Foundation නැමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය මගින් එන්නත් පිලිබඳ විවිධ අත්හදා බැලීම් සදහා  ඩොලර් බිලියන ගණන් තුන් වන ලෝකයේ රටවල් තුල වියදම්  කළේය .එතැන් පටන්  වෛද්‍යවරයකු නොවන බිල් ගේට් වෛද්‍යවරයකු මෙන් තමාගේ මතවාදය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සහ ලෝකයේ අනෙකුත් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර  තුල තම මුදල් බලය යොදවාගෙන අධිපතීත්වය දරණු ලබයි. බිල් ගේට්ස් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කැපී පෙනෙමින් ලෝකවාසී, බෝවන රෝග වලින් පෙලෙන දුප්පත් ජනතාව බේරා ගන්නා සාන්තුවරයෙකු සහ තරුවක් ලෙස කැපී පෙනුණේ ය. එහෙත් ඔහු විසින් කරණ ලද්දේ දුප්පත් රටවල ජනතාව පර්යේෂණාගාර මීයන් සේ බිල්ලට ගෙන රිසි සේ ඔහුගේ අනාගත එන්නත් වෙළඳාම සඳහා පර්යේෂණ කිරීම පමණි .

2006 වර්ෂයේ ආරම්භ කරන ලද  ඔහුගේ  Bill and  Melinda Gates Foundation යන රාජ්‍ය නොවන සංවිධානය එතෙක් ලෝකය ප්‍රභල ලෙස නොදැන සිටි ගැබ් ගෙල පිලිකා සාදන වෛරසය (Human Papilloma Virus- HPV )  සඳහා මහා පරිමාණ වශයෙන් එන්නත් ලබාදීමේ හැකියාව පරීක්ෂාවට ලක් කළේය . ඔවුන් විසින් කල පර්යේෂණයන්ගෙන්  සොයාගත් වාර්තාවක් බවට පවසමින් නව ලෝකය තුල පියයුරු පිළිකා අභිබවා වෛරසයක් මගින් පතුරුවන ගැබ් ගෙල  පිළිකා පැතිරීමේ සීඝ්‍රතාවය මත අංක එකට පැමිණ ඇති බවත් එහි ව්‍යාප්තිය පාලනය කල හැකි එකම මග එය වැළැක්වීමට නිපදවන එන්නතක් මගින් පමණක් බවට ප්‍රචාරය කෙරිණි.

ඉන් පසු ඒ සඳහා නිපදවූ එන්නතක් ඇති බවත් ඒවා දුප්පත් රටවල බහුතර ජනතාවට නොමිලේ දෙන බවට පවසමින් ඉන්දියාව, පේරු සහ අප්‍රිකානු රටවල සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන්ගේ සහයෝගය මත එම රටවල එන්නත්කරණය ආරම්භ කළේය. 2006 දී ඇමෙරිකානු FDA  ආයතනය විසින් මෙම එන්නත සහතික කරණ ලදී.  ඉන්දියාව තුල මෙම එන්නත නොමිලේ ලබාදීමට Bill and  Melinda Gates Foundation ඉදිරිපත් වූ අතර 2009 දී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේදී ප්‍රථමයෙන් එන්නත්කරණය ආරම්භ කරන ලදී. ඉන් පසු එන්නත් ලබා ගත්  දැරිවියන් හත් දෙනෙකු මරණයට පත්වීම මත ඇති වූ ජනතා විරෝධය හමුවේ කරන ලද පරීක්ෂණයක් මගින් එම මරණ එන්නත් නිසා නොව වෙනත් බාහිර කරුණු මත ඇති වූ මරණ ලෙස සලකා කටයුතු කිරීමට ගුජරාට බලධාරීන් උත්සාහ කරණු ලැබීය. එහෙත් නැවත ඉන්දියානු “ parliamentary Standing committee on health and family welfare “  මගින් කරන ලද පරීක්ෂණයක් මගින් එය එන්නත් මගින් ඇති වූ සංකූලතා මත ඇති වූ මරණ බවට තහවුරු විය.ඊට අමතරව තවත් දැරිවියන් අසූවකට වඩා මෙම එන්නත ගැනීමෙන් පසු මරණයට පත්වීම නිරාවරණය වූ පසු එන්නතේ භයානකත්වය තහවුරු විය. එලෙසම ඉන්දියානු සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ඇති කළ ප්‍රමිතීන් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම මත මෙම එන්නත්කරණය එතෙකින් ඉන්දියාව තුල ක්‍රියාත්මක වීම ඇන හිටියේය .ඊට සමගාමීව බොහෝ රටවල් මෙම එන්නත භාවිතය  නැවැත්විය.

ශ්‍රී ලංකාව තුළ ද HPV එන්නත අනිවාර්ය කිරීමට 2017 දී සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන් සහ එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ ගත්තේය.

ලෝක ජනගහනයෙන් 50% වන ස්ත්‍රීන් හට මෙම රෝගය වැළඳීමේ භීතිය පතුරමින් නිර්මාණය කිරීමට උත්සාහ කළ එන්නත් වෙළෙඳපොළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිදු වන්නට වැලලී ගියේය. නමුත් බෝවන රෝග විස්සක් මත Bill and  Melinda Gates Foundation මගින් කරන පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙන ගියහ .

එහිදී කුරුලු උණ, සූකර උණ, SARS, MERS වැනි රෝග පිළිබඳ ව භීතිය ක්‍රම ක්‍රමයෙන් ලෝක ජනමාධ්‍ය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළින් ඉස්මතු කර පෙන්වීමෙන්, “සමස්ත ලෝක ජනතාවම විනාශ මුඛය අබියස” යන භීතිකාවක් ලෝකය තුළ තහවුරු කිරීමට ඔවුන් සමත්විය.

2010 සහ 2011 වර්ෂවල දී ඇති කරන ලද කුරුලු උණ භීතියත්, එයින් බේරීම සඳහා යයි ඔවුන් විසින්  නිර්දේශිත Tamiflu නැමැති ඖෂධය  හදිසි ආපදා මිලදී ගැනීම් ලෙස ලෝකයේ සියලුම රටවල් විසින් මිලදී ගන්නා ලදී . මෙම ඖෂධය කුරුලු උණ සඳහා කොහෙත්ම  පර්යේෂණ කර නොමැති බවත් එය හුදු වෙළෙඳ ප්‍රචාරණයක් බවත් ,අවසානයේ එම ඖෂධය කුරුලු උණ සඳහා ප්‍රතිඵල ගෙන නොදෙන ඊනියා ඖෂධයක් ලෙස අනාවරණය විය. එහෙත් ලෝකය එය තේරුම් ගන්නා විට එම ඖෂධ නිෂ්පාදන සමාගම ඩොලර් බිලියන 19 ක ආදායමක් උපයා තිබුණි.

මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ද රුපියල් මිලියන 70ක  Tamiflu ඖෂධය ගබඩා කර තබා ගත්  අතර පසුව කල් ඉකුත් වූ ඖෂධ ලෙස විනාශ කර දමන ලදී .

කෘතීම වසංගත භීතිය හා ඒ හා බැදුණු එන්නත් වෙළෙඳ පොල ගැන ඉහතින් දක්වන ලද උදාහරණ දෙක වුවද මෙවැනි වෙලඳ පොලවල් නිර්මාණය කිරීම සඳහා ලෝක බලවතුන්ගේ සහ ලෝක ජාත්‍යන්තර ආයතනවල සෙවණ යටතේ ක්‍රියා කරන ලෝක ප්‍රාග්ධන හිමිකරුවන් ක්‍රියා කරණ ආකාරය වටහා  ගැනීමට හැක. බොරුව, සත්‍ය ලෙස පෙන්වා නැත්ත ඇත්ත කර මරණ බිය ඇති කරමින් , ලෝකයේ මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය  කරමින් දිනෙන් දින ඔවුන්ගේ අපේක්ෂා සඵල කර ගනිමින් සිටිති .

වෛද්‍යය සුමිත් වන්නිආරච්චි .

ඉතිරි කොටස පසුවට…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More