පුරවැසි කොලම

ලෝකයම සොලවා එහි ගමන නැවතූ ඊනියා කොරෝනා වසංගතය

අද දවසේ මුහුණ දෙන කොරෝනා වසංගතයේ ආරම්භය, පැතිරීම සහ ලෝක තත්ත්වය ගැන සැලකීමේ දී එහි විද්‍යාත්මක පසුබිමට වඩා ආර්ථික සහ දේශපාලන පසුබිම සහ ඉතිහාසය, මරණ බියෙන් ඔබ්බට ගොස් සලකා බලනු වටී .

2003 පෙබරවාරි මස චීනයෙන් හමු වූ නව කොරෝනා වෛරසය මගින් පැතිරෙන රෝගය SARS ලෙස හඳුන්වන ලදී .

කොරෝනා ගැන  සාමාන්‍ය ජනතාව නොදැන සිටිය ද, ලෝකය තුළ වෛරස විද්‍යාඥයින්, වසංගතවේදීන් සහ එයට අදාළ අනෙකුත් පුද්ගලයන් හා ආයතන ඒ බව හොඳින් දැන සිටියේ ය.

මිනිසාට බෝවන වෛරස රෝග තුළ කොරෝනා වෛරසය වැදගත් ස්ථානයක් නොගත්තද ,ලොව පුරා ඇති රසායනාගාර සහ එන්නත් නිපදවන සමාගම් කොරෝනා පිළිබඳව නිරන්තර පර්යේෂණවල යෙදුණහ .එහිදී  කොරෝනා වෛරස වර්ග හඳුනා ගැනීමත් ,එම වෛරසවල ව්‍යුහය හඳුනා ගැනීම සහ වෙන් කර ගැනීම තුළින් සහ එහි ජානමය ලක්ෂණ සහ ජාන වින්‍යාසය ඇතුළු කරුණු සඳහා පේටන්ට් බලපත් ලබා ගනිමින්  ඒවා ඉතා අධික මුදලට එන්නත් නිපදවන සමාගම් වල ඉදිරි ප්‍රයෝජන සඳහා විකුණනු ලැබීම මෙම එන්නත් ක්ෂේත්‍රයේ  සුලබ කරුණකි .

බිල් ගේට්ස් මහතා කොරෝනා වෛරස ප්‍රභේද සඳහා පේටන්ට් තමා සතු කර ගැනීමට සමත් වන්නේ 2012 දී පමණ ඈත කාලයක සිටය.

භයානක ලෙස පැතිරෙන කොරෝනා  වසංගතයක් ලෝකය තුළ ඇතිවේ යැයි බිල් ගේට්ස් මහතා පුරෝකථනය කරන්නේ 2015 දී ඔහු විසින් කරන ලද “ Ted Talk”  දේශනයක දී ය . එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා 2015 සිටම පෙර සූදානම් විය යුතු බවට ඔහු විසින් තවදුරටත් අවධාරණය  කරන ලදී .

රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය ප්‍රචලිත කිරීම සඳහා 1970 දශකයේ දී ආරම්භ කරන ලද World Economy Forum නැමැති රාජ්‍ය නොවන සංවිධානය  විසින් 2016 දී එහි සභාපති Klaus Schwab විසින් ඉදිරිපත් කරන ලද දේශනයේ සාරාංශයට අනුව ,අද ලෝකය “හතරවන කාර්මික විප්ලවයට” මුහුණ දෙමින් සිටිනා බවත් ඒ සඳහා  ලෝක ආර්ථිකය නැවත සැකසීම කළ යුතු බවත් අවධාරණය කරන ලදී . කෘත්‍රීම බුද්ධිය , රොබෝ තාක්ෂණය  ,සුපිරි තොරතුරු තාක්ෂණය, ජාන ඉන්ජිනේරු තාක්ෂණය ,රියදුරු රහිත වාහන , මොළයට බද්ධ කළ පරිපථ චිප මගින් ක්‍රියා කරන බුද්ධිය දියුණු කල මිනිසුන් පාලනය කරන ලෝකයක් වසර 2025 , 2030 වන විට දැක ගත හැකි බවට ඔහු පුරෝකථනය කරන ලදී . එය නොවලැක්විය හැකි බවත් ,ඒ සඳහා මුහුණ දීමට ලෝක ආර්ථිකය මුළුමනින් (Economic Reset) වෙනස් කර නැවත  ස්ථාන ගත කළ යුතු බවත් පවසන ලදී .

සැලසුම් සහගතව කොරෝනා වසංගතය පතුරවා සමස්ත ලෝක ජනතාවම අසරණ කොට ,හව්හරණක් නැති කොට , භීතිය වපුරා  තහවුරු නොකල “ජාන තරල නික්ෂේපණ” එන්නත් ලෙස හුවා දක්වමින් බලහත්කාරයෙන් එන්නත් කරණය සදහා  සමස්ත ලෝකයම  දක්කමින්  බිල් ගේට්ස් ලා අද මේ පිටිය සකසන්නේ Klaus Schwab ගේ “Economic Reset” සඳහා  නොවන්නේද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් මහතාගේ බලපෑම ඉතා ඉහළය. පසුගිය දස වසර තුළ දී bill and Melinda gates foundation මගින් එහි සමස්ත අයවැයෙන් සියයට 9% සිට 13% (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික අයවැය සාමාන්‍ය වශයෙන් ඩොලර් බිලියන 5.5 කි) දක්වා අතිවිශාල ප්‍රමාණයක් ප්‍රදානයන් වශයෙන් ලබා දී ඇත .එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගේ පත් වීමේ සිට එහි සමස්ත කාර්යාලය සඳහා බිල්ගේට්ස් මහතාගේ බලපෑම ඉතා ඉහළ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ .

2019 world economic forum වැඩසටහන තුළ Event 201, නමින් ලෝක වසංගත රෝග පිළිබඳ සෞඛ්‍ය පුරෝකථනයක් කරන ලදී .

Event 201,ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සමඟ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් ඩොලර් මිලියන 50ක බරපැන දරමින් 2019 ඔක්තෝබර් මස 18 වෙනි දින නිව්යෝක් නගරයේ දී පවත්වන ලදී .එහිදී ලෝක පරිමාණ corona virus වසංගතයක් ඇතිවන ආකාරයත් එහි පල විපාක සහ එම වසංගතය පාලනය කරන ආකාරය ගැන (Computer simulation)පරිගණක පරිලෝකනයක් මඟින් පෙන්වා දෙන ලදී .

එහිදී  කොරෝනා වෛරසය පැතිරෙන ආකාරය සහ ලෝක පරිමානයේ ව්‍යාප්ත වීම තුල ඇතිවන භයානක ප්‍රතිඵල ලෙස ,එන්නතක් නොමැති වීම හේතු කොට ගෙන පලමු මාස 18 තුලදී මිලියන 65 ක ජනතාවක් මියයන බවත්, පසුව සාර්ථක එන්නතක් සොයාගත් පසු ඒ ජනතාවගෙන් සියයට 80% -90% ක ප්‍රමාණයක් එන්නත් කරන තෙක් මෙම රෝගය ලොව පුරා රැළි නගමින් ව්‍යාප්ත වෙන ආකාරයත් ඉන් පසු එය එන්නතේ පිහිටෙන් මර්දනය වී කලින් කලට එළි බහින දරුවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස පවතින ආකාරයත් ලොමු දැහැ ගැන්වෙන ආකාරයෙන් පෙන්වා දෙන ලදී .

කොරෝනා  වසංගතයේ මරණ ප්‍රමාණය වෙනස් වුවද මාස 18ක් පසු කරන අද දවසේ මෙහි තක්කඩි ලෙස භීතිය පතුරවමින් නිත්‍ය වෙළෙඳ පොලක් සකසා ගැනීම සදහා කල  පුරෝකථනයක කොතරම් සමාන කම් දක්වයි ද යන්න සහ මේ පසුබිම තුළ එම පුරෝකථනය අහඹු සිදුවීමක් නොවන බව ළදරුවකුට පවා තේරුම් ගත හැකි කරුණකි .

බිල්ගේට්ස් ගේ මෙම පුරෝකථනය කර මසක් ගතවන තැන පළමු වන කොරෝනා ලක්ෂණ ඇති රෝගියෙකු  2019 නොවැම්බර් 17 දින චීනයේ දී හමුවන අතර 2019 දෙසැම්බර් අග විට චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ එක සමාන රෝග ලක්ෂණ සහිත අලුත් රෝගයක ලක්ෂණ පෙන්වූ රෝගීන් සමූහය තුල කරණ ලද පර්යේෂණයේදී චීන විද්‍යාඥයන් විසින් පළමු වරට  එය නව කොරොනා ප්‍රභේදයක් ලෙස සොයා ගනු ලැබිනි .

Event 201සමුළුව තුළ දී ලෝක පරිමාණ වසංගතයක දී ලෝකය මුහුණ දෙන ආර්ථික සමාජ සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කළහ .ඒ සඳහා  මුහුණ දීමට ඉදිරිපත් කළ යෝජනාවලට අනුව,

  1. විශ්වාසදායී මහා සමාගම්.
  2. ජාතික රාජ්‍යය .
  3. ජාත්‍යන්තර සංවිධානවල වගකීම සහ ඒවායේ ව්‍යුහයන් වෙනස් විය යුතු ආකාරය, සම්බන්ධව කතා කළහ .

එහිදී ඉදිරිපත්වූ යෝජනා වශයෙන්,

  1. ලෝක පරිමාණයෙන් එන්නත් කාර්යක්ෂමව නිපදවීමට සහ බෙදාහැරීමට අවශ්‍ය අවකාශය සැකසීම.
  2. මහා සමාගම් සතු තාක්ෂණය සහ මූල්‍ය ශක්තිය උපයෝගී කොට ගෙන ඔවුන්ට එන්නත් නිපදවීම හා බෙදා හැරීමට ජාතික රාජ්‍යයන්ගේ සෞඛ්‍යය නීති නීතිරීති ලිහිල් කිරීම.
  3. එන්නත්කරණය අනිවාර්ය කිරීම.
  4. මහා පරිමාණයෙන් එන්නත් නිපදවීම මගින් නිකුත් කරන එන්නත් රිසි සේ ලෝකය පුරා බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීම සහ ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය  වැනි ආයතන සහ ජාතික රාජ්‍ය  මගින් පහසුකම් සැලසීම, වැනි ක්‍රියා කාරකම් ඉදිරිපත් විය .

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක එන්නත් නිෂ්පාදකයන්ගේ සහ ආයෝජකයන්ගේ මෙන්ම බිල් ගේට්ස් වැනි එන්නත් “ ප්‍රවර්ධන- ආයෝජකයන්” ගේ අවශ්‍යතාවයට අනුව නියෝග නිකුත් කරන රූකඩ ආයතනයක් බවට පත්වී ඇත . අප රටේ සෞඛ්‍ය ආයතන සහ බලධාරීන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පදයට නටන එන්නත් සමාගම් වල රූකඩ වෙළද  ප්‍රවර්දකයින් (Sales Rep)    පමණක් වනවා මිස රටට අවශ්‍ය දේශීය (Domestic )  ස්වාධීන ක්‍රමවේදයකට විද්‍යාත්මකව මෙම වසංගතයට මුහුණ දීමට ක්‍රියා නොකිරීමෙන්  බිල් ගේස්ට්ලාගේ එන්නත් අනිවාර්ය කරණය (mandatory vaccination) දක්වා රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් රට සහ එහි ජනතාව අගාදයකට ඇද දමමින් සිටී.

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලපෑම මත සමස්ත ලෝකයේ ම සෞඛ්‍යය පිළිබඳ ඇතිකරගෙන ඇති ප්‍රතිපත්ති ප්‍රමිතීන් සහ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් එන්නත් නිෂ්පාදකයන්ගේ අවශ්‍යතාව ඉටු කරමින් සිටී .

විවිධ රටවල  ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා  එම රටවල ව්‍යවස්ථාව මගින් වගන්ති පනවා  තහවුරු කර ඇත.  එහෙත් අද වන විට දැන හෝ නොදැන සමාගම් වල අවශ්‍යතාවය සඳහා තම උත්තරීතර ව්‍යවස්ථාවන්  පවා උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීමට ජාතික රාජ්‍යයන් පත්වී ඇත . වර්ෂ 2011 සැප්තැම්බර් මස 11 දින නිව්යෝක් හි ලෝක වෙළෙඳ මධ්‍යයස්ථානයට පහර දීමට දඬුවම් ලෙස ඉරාකයට පහර දීමට තම රටේ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝනය කරමින්  ආදර්ශය සැපයූ ඇමෙරිකාව මේ අවස්ථාවේ දී ද තම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ජනතාවගේ අයිතිවාසිකම් දෙවැනි කොට එන්නත් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පෙරට පැමිණ ඇත .

උදාහරණ  වශයෙන්,

  1. එන්නත් සහ ඖෂධ මගින් ඇතිවන සංකූලතා හා අතුරු ආබාධ වලට එරෙහිව නීතියේ පිහිට පැතීමට ජනතාවට නීතිමය ප්‍රතිපාදන බොහෝ රටවල ව්‍යවස්ථාව මගින් ලබා දී තිබේ. එහෙත් එන්නත් නිෂ්පාදකයන්ගේ අවශ්‍යතාවය මත ජනතාවට තිබූ මෙම නීතිමය සරණ ඇමරිකානු රාජ්‍ය විසින් නීති සංශෝධනයක් මගින් කොරෝනා වසංගතය තුල ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙය උදාහරණයක් කොට ගෙන ඊනියා වසංගතයට මුවා වී සෙසු රටවල් ද ඇමරිකානු ජනතා ද්‍රෝහී ක්‍රියාවලිය අනුගමනය කරමින් සිටී .
  2. නිසි ලෙස පර්යේෂණයට ලක් නොකළ නව තාක්ෂණය උපයෝගි කරගෙන ජීව රසායනිකව නිපදවූ ජීව නික්ෂේපනයක් හදිසි ආපදාවක දී භාවිතාවට පමණි යන ලේබලය යටතේ එන්නතක් ලෙස ලබාදීම .
  3. වසංගතයට විකල්ප ප්‍රතිකාර කොපමණ තිබුණද එම ප්‍රතිකාර ජාත්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව යටපත් කිරීමට මාධ්‍ය මඟින් කටයුතු කිරීම.
  4. වැරදි සංඛ්‍යාලේඛන මගින් මරණ භීතිය තීව්‍ර කරමින් ජනතාව බලෙන් එන්නත් කරණය ට තල්ලු කිරීම.
  5. විකල්ප ප්‍රතිකාර හඳුන්වා දෙන විද්‍යාඥයන් සහ මෙම ක්‍රියාවලියේ අඩුපාඩු පෙන්වා දෙන වසංගතවේදීන් සහ වෛරසවේදීන්ගේ හඬ මර්දනය කිරිම සහ යටපත් කිරීම.
  6. මෙම ලෝක පරිමාණ ජාවාරමට විරුද්ධ වන රාජ්‍ය නායකයින් සහ විද්‍යාඥයින් අකල් මරණයන් මගින් ඉවත් කිරීම ,දක්වා මෙම එන්නත් වෙළදාම ම්ලේච්ඡ වීම.

( මේ වන විටත් කොරෝනා එන්නත් සදහා විරුද්ධ වූ රාජ්‍ය නායකයන් පස් දෙනෙකු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී ඇත. එයට අමතරව හයිටි රාජ්‍ය නායකයා වෙඩි තබා ඝාතනය කරන ලදී. හයිටි රාජ්‍ය නායකයා ඝාතනය කර සතියක් තුල කොරෝනා එන්නත් තොගයක් ඇමරිකානු රාජ්‍ය නායකයා විසින් එරටට යවන ලදී)

අවසානයේ බිලියන 7.4 ක ලෝක ජනතාව අනිවාර්යයෙන් එන්නත්කරණය කිරීමට ලක් කිරීමෙන් පසු වාර්ෂික  එන්නත්කරණය මගින් ලොව අංක එකේ ආදායම් ලබන ව්‍යාපාරයක් බවට එන්නත් නිපදවීම පරිවර්තනය කෙරෙණු ඇත. ලෝකයේ සියලුම ජාතික රාජ්‍යයන්වලට ඉහලින් මහා සමාගම් තබා ගැනීමට කටයුතු කිරීමෙන් පසු මහා සමාගම් සහ ජාත්‍යයන්තර රාජ්‍යය  නොවන සංවිධාන වලට අවශ්‍යය ලෙස “ආර්ථිකය නැවත සැකසීම”(Economic Reset)  මගින් විශ්වයම එක යායට සූරා කෑමට සැලසුම් කළ “නව ලෝක පෙළ ගැස්ම” ( New World Order) නම් යාන්ත්‍රණය සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමේ වැඩ පිළිවෙලට අප වැනි දුර්වල ජාතික රාජ්‍යයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වනු ඇත. මෙම මහා චණ්ඩ මාරුතයට මුහුණ දිය හැක්කේ මෙය වටහා ගත් කොටසකට සහ ඔවුන් විසින් සොයා ගන්නා ස්වාධීන සහ ස්වයංපෝෂිත දේශීය ක්‍රමවේදයක් තුලින් පමණි.

තවදුරටත් ඔබ ස්ව කැමැත්තෙන් විලංගු දමා ගෙන වහලෙක් වී ජීවත් වනවාද නැතහොත් එයට විරුද්ධව සටන් කරනවාද යන්න මත ලෝකයේ හෙට දවස තීරණය වනු ඇත. තීරණය ඔබට බාරයි!.

වෛද්‍යය සුමිත් වන්නිආරච්චි .

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?(පළමු කොටස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More