පුරවැසි කොලම

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින්, පසුගියදා සමාජ හා සිවිල් ක්‍රියාකාරී, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් මුලසිටම කටයුතු කරන තරුණ ක්‍රිස්තියානි ක්‍රියාධරයෙක් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ශෙහාන් ගමගේ නමැත්තෙකු විසින් පවත්වන්නට යෙදුන පුවත්පත් සාකච්ඡාවේදී අනාවරණය කෙරුණු කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් වහන්සේ වෙත යවන ලද ලිපිය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වෙත,

පසුගියදා සමාජ හා සිවිල් ක්‍රියාකාරී, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් මුලසිටම කටයුතු කරන තරුණ ක්‍රිස්තියානි ක්‍රියාධරයෙක් යැයි හඳුන්වා ගන්නා ශෙහාන් ගමගේ නමැත්තෙකු විසින් පවත්වන්නට යෙදුන පුවත්පත් සාකච්ඡාවේදී ඔහු විසින් ප්‍රකාෂ කරන ලද අති භයානක කරුණක් පිළිබඳව ඔබවහන්සේගේ කාරුණික අවධානය යොමුකරණු කැමැත්තෙමු.

එහිදී ශෙහාන් ගමගේ පවසා සිටියේ පාස්කු ප්‍රහාරය වත්මන් ජනපති ගෝඨාභය මහතා එම තනතුරට පත්කරගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත්ව සිදුවුන කුමන්ත්‍රණයක් බවත් ඒ සඳහා අභ්‍යන්තර හෝ භාහිර කිසිදු මුස්ලිම් සංවිධානයක් සම්බන්ධ නොමැති බවත් මේ පිළිබඳව නුදුරේදී ඔබවහන්සේලාගේද අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව පෙත්සමක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

තමුන්ගේ සමීපතමයින් අහිමිවීම ඉතා කනගාටු දායක සිදුවීමක් බව අප සැවොම එකසේ පිළිගන්නෙමු. එහෙත් මෙම ක්‍රියාව ඉතා ව්‍යවසන සහ අනර්ථකාරී ක්‍රියාවක් බව ඔබවහන්සේට ඉතා කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමු. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉතා සෙමෙන් සිදුවෙන බව අපද පිළිගන්නා නමුදු කිසිදු හේතුවක් මත පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම පිණිස එතුමා විසින් සංවිධානය කරන ලද්දක් බව අප විශ්වාස නොකරන්නෙමු. එසේම 69 ලක්ෂයක් පමණක් නොව සජබ, ජේවීපී යනාදී පක්ෂවලට සහයදුන් විශාල සංඛ්‍යාවක්ද එය පිළිනොගන්නවා ඇතැයි කියා අප විෂ්වාස කරමු. ශෙහාන් ගමගේ විසින් ඉදිරිපත් කරනු ලබන්නාවූ සියයක නියැඳිය කෙරෙහි කෙසේවත් සෑහීමකට පත්විය නොහැකි බව ඔබවහන්සේද පිළිගන්නේ යැයි සිතමු.

ඉතිහාසගත කරුණු පවා වෙනස්කරමින් ශෙහාන් ගමගේ මෙම කරනලද ප්‍රකාෂය සහ ඔවුන් විසින් සිදුකිරීමට නියමිත මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කිරීමට යෝජිත පෙත්සම අප තරයේ පිළිකුල් සහගතව හෙලා දකින්නෙමු.

මෙම ක්‍රියාව පිටුපස වෙනත් කුමණහෝ කූට අරමුණු තිබෙන්නට ඉඩ ඇති බව පෙනෙන්නට ඇත. කුමක් හෝ අරබයා රට ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දීමක් සිදුකිරීම කුමනම හේතුවක් මතවත් ඔබවහන්සේද අනුමත නොකරන බව අප පමණක් නොව සියළුම ශ්‍රී ලාංකික ජාතිහිතේශීන් පවා පිළිගන්නා කරුණක් බව ස්තිරව ප්‍රකාෂ කරණු කැමැත්තෙමු.

එල්ටීටීඊ සංවිධානය විසින් අරන්තලාව භික්ෂූ ඝාතනය, අනුරාධපුරයේ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ අභිමුඛව සිදුකළ සිල්ගත් උවසු උවැසියන් ඝාතනය, නුවර දළදා වහන්සේ වැඩසිටින මාළිගාවට එල්ලකළ ප්‍රහාරය ආදී අවස්ථාවල පවා උතුරේ සහ නැගෙනහිර ක්‍රිස්තියානි පූජකවරුන් සහ පල්ලිය විසින් එල්ටීටීඊ සංවිධානයට පක්ෂව කටයුතු කිරීමෙන් ක්‍රිස්තියානි ජනයා පිළිබඳව පෑරුන සිත් ඇතිව සිටි බෞද්ධ ජනයාගේ සිත් නැවත ක්‍රිස්තියානි ජනයාවෙත නැඹුරු කිරීමට ඔබවහන්සේ කටයුතු කළ බව ජනතාවගේ විශ්වාසය බව නොපැකිළිව කිව හැක්කේය. එසේ වුවද ශෙහාන් ගමගේ සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදුකරන්නට යන ක්‍රියාවෙන් නැවත්ත එම සංහිඳියාව නැතිවී කවරදාකවත් නොවුන ආකාරයේ ඉරිතැලීමකට ලක්ව කිසිදා සුවකළ නොහැකි පැලීමක් ඇතිකිරීමට සමත්වනු ඇත.

2015 දී යහපාලන රජය විසින් අවිවාදිතව පිළිගන්නා ලද ඊනියා යුද අපරාධ චෝදනා වලින් මෙතෙක් ගැලවීමට නොහැකිව සිටින වාතාවරණයක් තුල ඊටත් නොදෙවැනි අභූත චෝදනාවක් යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදුකිරීම අප රටට එරෙහිව සිදුකරනු ලබන සාහසික ද්‍රෝහී සාපරාධී ක්‍රියාවක් බව සඳහන් කරණු කැමැත්තමු.

එම ක්‍රියාවට අදාල ශෙහාන් ගමගේ, ඔහු විසින් ක්‍රිස්තියානි ක්‍රියාධරයෙක් යනුවෙන් හඳුන්වනු ලබන බැවින්, ඔබවහන්සේ මැදිහත්ව එම දුෂ්ඨ ක්‍රියාව වළක්වන ලෙසත් මේ පිළිබඳව ප්‍රකාෂයක් ඔබවහන්සේ විසින් සිදුකරන ලෙසත් අප ඔබවහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නෙමු. එසේම පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සහ ඉන් ගැලවීමට උත්සාහ දරණ සියල්ලම ජාති, ආගම්, පක්ෂ, තනතුරු භේදයකින් තොරව නීතිය ඉදිරියට ගෙනවිත් ඳඬුවම් ලබාදීමට කටයුතු කීරීමට අපද ඔබවහන්සේ ප්‍රමුඛව කටයුතු කරන බව ඉතා ගෞරව පූර්වකව වගකීමෙන් යුක්තව ප්‍රකාෂ කරන්නෙමු.

මෙයට

යසස් ධර්මදාස                        එරික් මාකේවිට

ලේකම් – විධායක සභාව      සභාපති – ස්විට්සර්ලන්තය

සේනක රාජපක්ෂ                 ජගත් චන්ද්‍රවංශ

සභාපති – පෝලන්තය            සභාපති – රුසියාව

ලලිත් ප්‍රේමලාල්                         ප්‍රසංග ජයමාන්න

සභාපති – අයර්ලන්තය           සභාපති – මහා බ්‍රිතාන්‍යය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More