රටේ සංස්කෘතිය සදාචාරය අපේ උරුමයන් ගැන ජවිපෙ තරම් කතා කරපු වෙනත් පක්ෂයක් නැති තරම්. මම මේ කියන කාරණය 2000 -2005 වගේ කාලයේ පරණ ලංකා පත්තර ටික කාට හරි බලන්න පුළුවන් නම් තේරෙයි. උදාහරණයක් විදිහට ජිප්සීස් සුනිල් පෙරේරා කොළොඹ රාජකීය විද්‍යාලයේ කළ “කලර් නයිට් ” ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කිරීම සඳහන් කරන්න පුළුවන්. ඔහු එහිදී මී අඹ වනයේ ගී හඩ පතුරා කියන ගීතය ගායනා කලේ ගැහැනියක් එකිනෙක ඇදුම් ගලවන නර්ථනයක්ද සමගින්. මේ සිද්දිය පාදක කරගෙන සුනිල් පෙරේරාට පමණක් නොව මෙවැනි පාදඩ සංස්කෘතියේ ගායකයින් රාජකීය විද්‍යාලයට වද්දා ගැනීමෙන් පාසලේ නම්බුවද එහි ආදී ශිෂ්‍යයන් විනාශ කළ බවට චෝදනා කරමින් පිටු ගණන් ලිපි ලංකා පත්තරේ පළ කළා. ඒ සිදුවීම රටේ ආන්දෝලනයක් ඇති කරවපු සිද්දියක් බවට පත් කලේ ලංකා පත්තරෙන්. මේ රටේ බොහෝ මිනිස්සුත් ලංකා පත්තරේ එම වාර්තා අගය කළා.
එහෙත් අවුරුදු දහයකට විතර පස්සේ ජිප්සීස් සුනිල් පෙරේරා ජවිපෙ සමුළුවල පොල්තෙල් පහන පත්තු කරන ප්‍රධාන ආරාධිතයා වෙනවා.
ජිප්සීස් සුනිල් ජවිපෙ වුණා ද ? නෑ.
එකට කිව්වේ ජවිපෙ ජිප්සීස් වුණා කියලා.
ඊට පස්සේ ජවිපෙ වේදිකාවල එදා රැස්වීම් පටන් ගන්න කලින් ඇහුණ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ , ඉදුනිල් ගගුළැල් -රුව ලස්සන මව් ලංකා l රත්න දීප ජන්ම භුමි වගේ ගීත ඇහෙන්නේ නැතුව ගියා පමණක් නෙමෙයි ඒවා ජාතිවාදය කුළුගන්වන ගීත ලෙස වර්ණ ගන්වන එන්ජිඕ දෘෂ්ටිවාදයකට මාරු වුණා. සාම ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස රටේ ලොකු මතවාදයක් සහ විරෝධයක් ගොඩ නගලා අධිරාජ්‍ය විරෝධී වූ ජවිපෙ අද අධිරාජ්‍යවාදීන්ගේම ශාඛා සමතියක් වෙන තැනට අනුර කුමාර දක්කාගෙන ගිහින් තිබෙනවා. ධනේෂ්වරයට එරෙහි නිර්ධන පංති විප්ලවය UNP සල්ලි වලින්ම කරන තැනකට විතැන්වෙලා ජනතා කැමැත්ත 3% ට සිමා කරගෙන තිබෙනවා. සුනිල් පෙරේරාගේ මරණය මට ජවිපෙ මේ මතවාදී විතැන්වීම ද සිහිපත් කළා.
©රත්තනදෙණියේ මේධානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...