මෙරට ආහාර සුරක්ෂිතභාවය හා සෘජුවම සම්බන්ධ මෙරට වී වගාව ප්රමුඛ කොටගත් අතිරේක ආහාර බෝග වගාවත් එලවළු වගාවත් ඇතුළු සමස්ථ යැපුම් හා වාණිජ කෘෂිකර්මාන්තය කෙරෙහි කෙටිකාලීනව හා දිගුකාලීනව බලපෑ කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැතිව ,දැන් කාපු දැන් නූල්, පන්නයේ ගනු ලැබූ රසායනික තෙල් පොහොර පනතට බලපාන ලදි බවත්, එම තීන්දුව ප්රමුඛ කොට ගනිමින් මෙරට ජන ජීවිතය හා සම්බන්ධ භාණ්ඩ හා සේවා පිළිබඳ ගනු ලැබූ මිල පාලන හා නව විකෘති අණ පනත් හා ගැසට් කිසිදු ප්‍රායෝගික ඒවා නොවූ අතර ඉන් වාසිය සැලසුනේ මෙරට ජාවාරම්කාර ගජ මිතුරු වෙළද ප්‍රජාවට බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තොන්නකෝන් මහතා ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජන දිවිය නංවාලන තෙවැදැරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පවසයි.
එම සම්පූර්ණ යෝජනාවලිය සඳහා සබැදිය පහතින්
ජාතික ගොවිජන එකමුතුව මගින් ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජන දිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය ක් ඉදිරිපත් කර ඇත.
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අරාජිකත්වයට මෙන්ම සමාජයීය වශයෙන් ඇති වී ඇති ජාතික නොසන්සුන්තාවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් ක්රිසෘජුව හා වක්‍රව බලපාන ලද්දක් බව අප තරයේ විශ්වාස කරන්නෙමුග විශේෂයෙන්ම මෙරට ආහාර සුරක්ෂිතභාවය හා සෘජුවම සම්බන්ධ මෙරට වී වගාව ප්රමුඛ කොටගත් අතිරේක ආහාර බෝග වගාවත් එලවළු වගාවත් ඇතුළු සමස්ථ යැපුම් හා වාණිජ කෘෂිකර්මාන්තය කෙරෙහි කෙටිකාලීනව හා දිගුකාලීනව බලපෑ කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැතිව, දැන් කපු දැන් නූල්, පන්නයේ ගනු ලැබූ රසායනික තෙල් පොහොර පනතට බලපාන ලදි. එම තීන්දුව ප්රමුඛ කොට ගනිමින් මෙරට ජන ජීවිතය හා සම්බන්ධ භාණ්ඩ හා සේවා පිළිබඳ ගනු ලැබූ මිල පාලන හා නව විකෘති අණ පනත් හා ගැසට් කිසිදු ප්‍රායෝගික ඒවා නොවූ අතර ඉන් වාසිය සැලසුනේ මෙරට ජාවාරම්කාරල ගජ මිතුරු ව්යාපාරිකයනක්ට යැයි පවසයි.
එම යෝජනාවලිය පහතින්
ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජන දිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අරාජිකත්වයට මෙන්ම සමාජයීය වශයෙන් ඇති වී ඇති ජාතික නොසන්සුන්තාවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් ක්රිසෘජුව හා වක්‍රව බලපාන ලද්දක් බව අප තරයේ විශ්වාස කරන්නෙමුග විශේෂයෙන්ම මෙරට ආහාර සුරක්ෂිතභාවය හා සෘජුවම සම්බන්ධ මෙරට වී වගාව ප්රමුඛ කොටගත් අතිරේක ආහාර බෝග වගාවත් එලවළු වගාවත් ඇතුළු සමස්ථ යැපුම් හා වාණිජ කෘෂිකර්මාන්තය කෙරෙහි කෙටිකාලීනව හා දිගුකාලීනව බලපෑ කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැතිව ,දැන් කාපු දැන් නූල්, පන්නයේ ගනු ලැබූ රසායනික තෙල් පොහොර පනතට බලපාන ලදිග එම තීන්දුව ප්රමුඛ කොට ගනිමින් මෙරට ජන ජීවිතය හා සම්බන්ධ භාණ්ඩ හා සේවා පිළිබඳ ගනු ලැබූ මිල පාලන හා නව විකෘති අණ පනත් හා ගැසට් කිසිදු ප්‍රායෝගික ඒවා නොවූ අතර ඉන් වාසිය සැලසුනේ මෙරට ජාවාරම්කාරල ගජ මිතුරු ව්යාපාරිකයනක්ට යග මෙම ආණ්ඩුව බලයට පත්වීමට දුන් ජනතා වරම පිළිබඳව අංශුමාත්රයක් හෝ නොසිතා රට තුළ බඩු මිල ඉහළ යාම ඇතුළු ගෑස් හා තෙල් අර්බුද වල වගකීම ගත යුත්තේ වැරදි ආර්ථික මුලෝපායන් හා සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබූ මෙරට ආණ්ඩුම යග එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි මහජන විරෝධයක් රට තුළ ඇති වී අද ආණ්ඩුවේ බොහෝ මැකි ඇමතින්ට ද රට තුළ ජීවත් වීමට ද නොහැකි බව පිළිගත යුතු සත්‍යයකි.
මෙකී ජාතික සමාජ නොසන්සුන්භාවය තවදුරටත් වර්ධනය වී මුළු මහත් රටම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද අරාජික තත්වයට පත් වන බවට කිසිදු සැකයක් නොමැතග මෙම ඇති වූ තත්වයට සහමුලින් ම වගකිව යුතු වන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට ජනවරමින් නොලැබූ බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ නිල නොලත් නායකයා වීමත් මුළුමණින්ම ආර්ථික වැරදි දිශානතියකට යොමු කිරීම නිසාවෙන් මෙකී හෙළිදරව් කළ නොහැකි තත්ත්වය ඇති වූ බව අපගේ දැඩි විශ්වාසයයිග එසේම මෙකී වර්තමානය පිළිබඳව පූර්ණ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරෙන අතරම මෙකී අර්බුදය විසඳිය හැක්කේ ද එහි වගකීම හා යුතුකම ඇත්තේ ද ජනාධිපතිවරයාටයග එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ද මෙකී තත්ත්වය පාට පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව පටු දේශපාලන අරමුණු පසෙකලා රටත් ජනතාවත් පත්ව ඇති තත්ත්වයෙන් වහා මුදවා ගැනීමට කටයුතු කළ යුතුයග ඒ සඳහා වහ වහා මැදිහත් වී අද පත්ව ඇති දේශපාලනිකල ආර්ථික අරාජිකත්වයෙන් රටටත් පොදු ජනතාවටත් කඩිනම් සහන ලබා දීමේ වැඩපිළිවෙළක් කෙටිකාලීන හා මධ්‍යකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජාතික ගොවිජන එකමුතුවේ අපිල පොදු මහත් ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින්නෙමු.
අප විසින් ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කරනු ලබන මෙකී යෝජනාවලිය ප්‍රමුඛත්වය සේ සලකා ක්‍රියාමාර්ගයන් තුනක් ඔස්සේ වූ තෙවැදෑරුම් යෝජනාවලියකි.
1. කඩා වැටුණු ජන ජීවිතය නඟා සිටුවීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්
2. ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්
3. වත්මන් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් ඇති විය හැකි බෙදුම්වාදීල අන්තවාදීල වර්ගවාදී තත්ත්වයන් සහමුලින්ම පරදවන ජාතික ඒකාග්‍රතා ප්‍රවේශගත ක්රියාමාර්ගයන්ග
1) කඩා වැටුණු ජන ජීවිතය නඟා සිටුවීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්
වැරදි ආර්ථික කළමණාකරණය හා තීන්දු තීරණ නිසාවෙන් ඇති වූ බඩු මිල ඉහල යෑම හා භාණ්ඩ හිඟය ලෙස ප්රමුඛ වූ ගෑස්ල ඉන්ධන හා කිරිපිටි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම හා මිල පහත හෙලීමේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බැවින් එකී ක්‍රියාමාර්ගය ප්‍රමුඛතම කාර්ය සේ සලකා පහත ප්‍රවේශගත ක්‍රියාමාර්ගයක් වහ වහා ගත යුතුය.
උද්ධමනය පාලනය කීරිම සඳහා වූ කඩිනම් පියවර ගැනීමට මැදිහත් වීම.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනයකට යටත්ව හැකි උපරිමයෙන් මිල පහත හෙලීමට කටයුතු කරලීම.
ගෑස් හා ඉන්ධන මිල සඳහා ලෝක වෙළඳපොළේ මිල දිගුකාලීන උච්චාවචනයන්ට යටත්ව දේශීය මිල උච්චාවචනය වන පරිදි නව පාරිභෝගික මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීම.
ආනයනික හා දේශීය මහා පරිමාණ වෙළෙන්දන්ගේ වෙළඳ ඒකාධිකාරිය බිඳ වැට්ටවීම සඳහා නිශ්චිත ප්‍රායෝගික මිල පාලන ක්‍රියාවලියක් නීතිගත කිරීම හා එය ක්‍රියාවට නැංවීම.
මෙරට නිෂ්පාදනය නොකරන එහෙත් ආනයනය කළ යුතුම පරිප්පුල සීනි වැනි අත්‍යාවශ්‍ය ආහාර සඳහා පමණක් බදු සහන ක්‍රියාත්මක කිරීමත් අනවශ්‍ය අධි පරිභෝජන භාණ්ඩ හා සේවාවන් සඳහා ආනයනික සීමා හා අධි බදු බරක් පැනවීම.
වීල අතිරේක ආහාර බෝග හා එලවළු ඇතුලු සියලු වගාවන් සඳහා උපරිම බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කර ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට ධෛර්යමත් කිරීම උදෙසා ක්‍රියා කිරීම.
එළවළු හා පළතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන රට පුරාම බෙදා හැරීම සඳහා වූ දැනට ස්ථාපිත කර ඇති ආර්ථික මධ්‍යස්ථාන කාර්යභාරය ප්රතිශෝධනයට ලක් කර එය ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා වනල ධෛර්යමත් කරන හුවමාරු මධයස්ථානයක් බවට පත් කර ලීමට අණපණත් ක්‍රියාවට නංවාලීමට පියවර ගැනීම හා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස යළි ස්ථාපනය කරලීමට අවශ්‍ය පියවර ගැනීම
02) ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජාතික ඉතුරුම් හා සංචිත ඉහළ නංවාලීම සඳහා වන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවාලීමට අවශ්‍ය කටයුතු කෙටිකාලීනවල මධ්‍යකාලීනව හා දිගු කාලීනව ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍ය වන අතර අප විසින් ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනා මෙසේ ය
වී වගාව ප්රමුඛ කොට අනෙකුත් එළවළු පළතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන ආර්ථිකයට යළි පණ දීම හා ආහාර සුරක්ෂිතතා පනතක් ඒ වෙනුවෙන් සම්මත කොට මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට බාධා වන අණපනත් ප්‍රතිශෝධනය කිරීමග (විශේෂයෙන් 2003 අංක 22 දරණ බීජ පනත)
කෘෂි නිෂ්පාදන යෙදවුම් හා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා 100්‍ර ක බදු සහන ලබා දීම හා එමඟින් ගොවියන් ඇතුළු කෘෂි නිෂ්පාදන ව්‍යවසායකයින් ධෛර්යමත් කිරීම
කෘෂි නිෂ්පාදන අපනයන ආර්ථිකයක් ඉලක්ක කර ගනිමින් එලවළුල පළතුරුල විසිතුරු මල් හා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා පුළුල් අවධානයක් යොමු කොට ඒ සඳහා සහනදායී ආයෝජන සහන ණය ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම
අල්ලස, දූෂණය හා නාස්තිය පිටු දැකීම සඳහා වන ක්‍රියාමාර්ගයන් දේශපාලනිකව හා රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ක්‍රියාවට නංවාලීම වෙනුවෙන් ක්ෂණික පියවර ගැනීම.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පුද්ගලීකරණය කිරීම වෙනුවට “පූර්ව විපරම්” ක්‍රියාවලියකට යටත් කොට නව ක්‍රියාන්විත සැලසුම් මත නැවත ස්ථාපනය කිරීම.
රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ අතිකාල, ඉන්ධන ඇතු`ඵ සියලු ආකාරයේ ප්‍රසාදිත දීමනා ප්රතිශෝධනයකට ලක් කිරීම.
අතීතයට බලපාන ලෙස වත්කම් අධීක්ෂණ හා සියලු ආකාරයේ අයථා ඉපයීම් යළි පවරාගැනීම සඳහා වූ අණ පණත් සම්මත කිරීම.
අල්ලස් හා දූෂන විමර්ශණ කොමිෂන් සභාවට හා එහි විමර්ශණ ඒකකය පූර්ණ බලැති අධිකාරියක් බවට පත් කිරීමට කටයුතු කිරීම.
පත් කරනු ලබන්නා වූ සංස්ථා හා ආයතන සභාපති, අධ්‍යක්ෂකවරුන්ගේ වැටුප්, දීමනා හා අනෙකුත් වරප්‍රසාද හා නිලතල අවම මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ප්රතිශෝධනයට ලක් කර ගෞරවනීය මහජන සේවාවක් බවට ස්ථාපනය කිරීම.
කඩා වැටුණු ජාතික ආර්ථිකයට බලපෑමක් නොවන අත්‍යාවශ්‍ය වූ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාවක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවක් පත් කිරීම හා ඔවුන්ගේ දීමනා, වරප්‍රසාද, කාර්ය මණ්ඩල වරප්‍රසාද ඇතු`ඵ අසීමාන්තික වරප්‍රසාද අහෝසි කරමින් මහජන සේවයක් උදෙසාම වන ලෙස අධික අනවශ්‍ය නාස්තිකාර වියදම් කප්පාදු කර ආර්ථිකය නඟා සිටුවීමට උරදෙන අමාත්‍ය මණ්ඩල සේවයක් ප්‍රතිස්ථාපනය කිරීම.
අකාර්යක්ෂම හා නිසි ලෙස සිය රාජකාරිය ඉටු නොකරන නිලධාරීන් සේවයෙන් පහ කිරීම සඳහා වූ විශේෂිත චක්‍රලේඛන නිකුත් කොට රාජ්‍ය සේවය කාර්යක්ෂමව, නාස්තියෙන් හා දූෂණයෙන් තොරව පවත්වා ගැනීම සඳහා විශේෂිත අණ පණත් ක්‍රියාත්මක කිරීම.
03) වත්මන් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් ඇතිවිය හැකි බෙදුම්වාදී, අන්තවාදී, ආගම්වාදී තත්ත්වය සහමුලින්ම පරදවන ජාතික ඒකාග්‍රතාවයෙන් යුතු ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්.
තම පුද්ගලික දේශපාලනමය බලය තහවුරු කර ගැනීම උදෙසා කවරාකාරයේ හෝ බෙදුම්වාදී, ආගම්වාදී, අන්තවාදී ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම.
බෙදුම්වාදී හෝ ජාතිවාදී, ආගම්වාදී ලෙස සෘජුව හා වක්‍රව බලපාන අණපනත් අහෝසි කිරීමට කටයුතු කිරීම.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන්ට මෙරට ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියකට පාර්ලිමේන්තුව තුළ යටත් කරලීම.
ඉහත තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය ක්‍රියාවට නැංවීම තුළින් වත්මන් අර්බුදය විසඳාලමින් අරාජිකත්වය පරාජය කර රටක් ලෙස පොදු මහජනතාවට සහන සලසමින් කටයුතු කරන්නේ නම් පමණක් මෙකී තත්ත්වය සමනය කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි.
එනිසාම ජාතික ගොවිජන එකමුතුව මෙම අර්බුදකාරී මොහොතේ මෙකී ගොවිජන යෝජනාවලිය ඔබ වෙත ගෞරවනීය ලෙස පොදු මහජනතාව වෙනුවෙනුත්, රට වෙනුවෙනුත් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
ස්තූතියි.
සභාපති
අනුරාධ තෙන්න්කෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...