අද ‘කපුටන් ඇගයීමේ ජාත්‍යන්තර දිනය’යි. අදින් වසර 36කට පෙර, එනම් 1986 පෙබරවාරි 23 වැනි දින, දයාසේන ගුණසිංහ නමැති මෙරට අග්‍රගණ්‍ය තීරු රචකයා විසින් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ලියන ලද ‘සීයාගේ කොලම’ තීරු රචනාව මෙලෙස උපුටා පළ කරන්නේ ඒ වෙනුවෙනි.
සීයාගේ කොලම
මේ පහුගිය දොහක අපේ මාර පුත්තරයා මෙන්න මේ විදිහෙ පුරස්නයක් මගෙන් ඇහුවා ආයිබොවං.
‘හෙනහුරාගෙ වාහනේ කාක්කා නේද සීයෙ?’
‘ඒ වංගියෙ උඹ මොකාටද එන්ඩ හදන්නෙ?’
‘ඇයි සීයෙ එහෙම කිවුවෙ? සීයාටත් මං ගැන ඔය තරම් සැකද? හෙහොහ්… හොහ්!’
‘උඹේ දහං ගැට මං නොදන්නා එකක්වයැ!’
‘අනේ නෑ සීයේ… මං වගේ තව පපුව උණුවෙන මිනිස්සු තව ඉන්නවා නං බොහොම ටික දෙනයි!’
‘ඒක මං දන්නවා මයෙ පුතේ. ඒත් ඉතිං උඹේ දිව කඩුවක් වගේ නෙව!’
‘ඒ මගේ ආරස්සාවට සීයේ… මටත් වැඩිය අනිත් මිනිස්සුන්ගේ ආරස්සාවට!’
‘ඒකත් මං දන්නවා මයෙ පුතේ. මොකද්ද උඹ අර මුලින්ම අහපු පුරස්නෙ?’
‘හෙනහුරාගෙ වාහනේ කාක්කා නේද?’
‘ඔව් බොලං… කාක්කා නේන්නං හෙනහුරාගෙ වාහනේ!’
‘ඩීසල්ද? පෙට්රල්ද?’
‘ඕං… ඕං… ඕං… බලහං. මං කිවුවෙ බොරුද?’
‘හෙහොහ්… ඕවා ගණන් ගන්ඩ එපා සීයේ. මං ඊයෙ රෑ හීනෙන් කාක්කෙක් දැක්කා. ඒකයි අහන්ඩ හිතුනෙ…’
‘කාක්කො පේන්නෙ නං හෙනහුරු අපලෙට!’
‘එහෙම නං සීයෙ මේ රටේ ඉන්න හැමෝටම, හැම රාත්තිරියකම… කාක්කො දුසිං ගණන් පේන්ඩ එපායැ!
‘ඒක මන්දා බොලං. හෙනහුරා කියන්නේ නං හිඟන පෙනුමක් තියෙන, පයක් අද්දන, සරුවාංගෙම ගඳ ගහන මළ පෙරේතයෙක්! එහෙව් එකෙක් ඒරාෂ්ටක වුනොත් කාරිය කොහොමට හිටීද?
‘මෙහෙමට හිටී සීයේ!’
‘මොකද්ද බොලං ඒ හරුපෙ?’
‘හොහ්… හොහ්… ඒ මොක වුනත් ඊයේ රෑ මං දැකපු කාක්කා හෙනහුරාගෙ වාහනේ නෙවෙයි! කොටිං කියතොත් ඌ මොකෙක්ගෙවත් වාහනයක් නෙවෙයි!’
‘එහෙනං?’
‘ඌ ඩ්‍රයිවර් කෙනෙක්!’
‘උඹ මට කෝචොක් කරනවද කොලුවො?’
‘පිස්සුද සීයෙ?’
‘කාක්කෙක් කොහොමද ඩැයිබොර කෙනෙක් වෙන්නෙ?’
‘මොකද නැත්තෙ සීයේ! භාගීරථ නදිය ඔස්සේ ඇත් කුණ ඩ්‍රයිව් කරගෙන ගියේ ඔය කපුටා නෙව! බොරුද හැබෑද මං දන්නෙ නෑ. ඌමයි මට ඒ කතාව කිවුවෙ!’
‘මොන හත්ඉලව්වක්ද වසවර්තියො උඹ ඒ කිවුවෙ?’
‘සීයා අහල නැද්ද ලෝ වැඩ සඟරාවෙ තියෙන මේ කවිය?
ගඟ යන ඇත් කුණ ඉඳ මස් රසටා – සිඳු මැද වන වැනසුණු මෙන් කපුටා….’
‘මොකද බොල නැත්තෙ?’
‘ආන්න ඒ කපුටා තමයි සීයෙ!’
‘මොන කපුටාද මාරෙ? කපුටො කිවුවම මේ රටේ කපුටො ඉන්නෙ එකෙක්ද දෙන්නෙක්ද?’
අර ඩගියා කියන පෝරිසාදයත් ඕං ඔහොම පුරස්න කොරගෙන ඔය වෙලාවෙ ඔතෙන්ට ආපි.
‘අර භාගීරථෙන් පහළට ගිය කාක්කා හෙවත් කාකයා හෙවත් කපුටා හෙවත් ක්‍රාකයා… ඩගී!’
‘ඌ දැම්මෙ නියම භාෂ්මතී ඩයට් එකක් නේද මාරෙ? ඒත් ඉතිං අන්තිමේදී කෑවේ මූදුබත්!’
‘පිස්සුද?’
‘ඒ කිවුවෙ?’
‘ ඌ ඊයෙ රෑ හීනෙන් ඇවිත් මට කිවුවෙ වෙන කතාවක්!’
‘ඒ මොකද්ද මාරෙ? හොඳ එකා වගේ පූර්වාපර සන්ධි ගලපලා කියපං…’
‘මහ රාත්තිරියෙ ඌ පියඹාගෙන ඇවිත් යටලීයෙ නාරිලතා මල් මැද්දෙ වැහුවා ඩගී…!’
‘ඒ කියන්නෙ හීනෙන්!’
‘හොඳයි හීනෙන් කියලා කියමුකෝ! ඉතිං ඌ යටලීයෙ වහලා මහේශාඛ්‍ය විදියට මා දිහා බලලා කාරිය… ක්… ක්… රස් ගාලා සද්දයක් දැම්මෙ නැතෑ. ඒ පාර මං මෙහෙම ඇහැව්වා.’
‘තමා කවුද?’
‘තමා මාර පුත්‍ර නෙව! ඌ කියාපි.’
‘හොඳයි මම කවුද? මම කපුටෙක්!’
‘හරි හලෝ කපුටෙක් තමයි. ඒත් මොන කපුටද? කල ගෙඩියට ගල් කැට ගෙනත් දාලා වතුර බීපු කපුටද? එහෙම නැත්නං කේජු කෑල්ල නරියට දීපු කපුටද? එහෙමත් නැත්නං මොණර පිහාටු අලවාගෙන ඩාන්ස් කරපු කපුටද? උන් තුන් දෙනාමත් නෙවෙයි නං, ඇත් කුණේ නැඟිලා භාගීරථෙන් යාත්‍රා කරපු කපුටද?’
‘අන්න හරි ඒ නුවණක්කාර කපුටා මම තමයි!’
‘යකාගෙ කතාවක් නෙව මිස්ට කපුට්ස්. තමුසෙ කොහොමද නුවණක්කාරයෙක් වෙන්නෙ?’
‘එහෙනං මම මෝඩයෙක්ද?’
‘නිකං මෝඩයෙක් නෙවෙයි, සුපිරි මෝඩයෙක්!’
‘සතයක්වත් අතිං වියදං නොකර, ආහාර ගමනාගමන හා නිවාස කියන ප්‍රශ්න තුනම විසඳා ගැනීම මෝඩ කමක්ද ළමයෝ?’
‘ඒ කොහොමද?’
‘අයියෝ… ෂයියෝ… තේරෙන්නෙ නැද්ද? ඇත් කුණ හරියට තරු පහේ හෝටලයක් වගෙයි. ඒකෙ ඩයට් එක රාජකීය ඩයට් එකක්. ඒ විතරක්ද, ඩයට් එකත් එක්ක ජෝයි රයිඩ් එකක්. ෂහ්! බලන්ඩ එපායැ දෙපැත්තෙ සීනරි එකේ ලස්සන. කිව්වට විශ්වාස කරන්ඩ ළමයා, ඒ වගේ ට්‍රිප් එකක් කෝටිපති ටුවරිස්ට්ලාටවත් හම්බු වෙන්නෙ නෑ.’
‘හොහ්… හොහොහ්… හොහ්!’
‘ඇයි හිනා වෙන්නෙ? මම විඳපු සැප මමයි දන්නෙ. කනවා බොනවා. ස්වභාව සෞන්දර්ය නරඹනවා. නිදිමත වුණාම නිදා ගන්නවා. ආයි නැඟිටිනවා. කනවා බොනවා. ඔය විදියට මම මහ මූදෙත් සෑහෙන දුරක් ගියා නෙව ළමයෝ…’
‘හරි හරි. ඊට පස්සේ ඔහේට මොකද වුණේ?’
‘මට මුකුත් වුනේ නෑ. මට මොනවා වෙන්ඩද?’
‘ඇත් කුණ දිය වෙලා ඇට කටු මහ මූදෙ ගිලිලා ගියේ නැද්ද?’
‘කවුද නෑ කියල කිවුවෙ? ඉතිං…’
‘ඊට පස්සෙ ඔහේට මොකද වුණේ මිස්ටර් කපුට්ස්? ඒ ටිකත් කියමු බලන්ඩ’
‘ඕ.. හ්… හ්. ඔතෙන්ට එන්ඩද මෙච්චර වෙලා වටෙන් වටෙන් තෙපර බෑවෙ? ඇත් කුණ ගිලෙන කොට මම අහසට ඉගිල්ලුණා! ’
‘ඉගිලිලා පියාඹන්න පටන් ගත්තා… පියෑඹුවා…. පියෑඹුවා… පියෑඹුවා… ඒත් ගොඩබිමට ඒ ගන්ඩ බැරි වුණා. දබහ් ගාලා මූදට වැටුණා. එහෙම නේද? මේ කතා කරන්නෙ ඒ කපුටගෙ භූතයා නේද?’
‘පිස්සුද ළමයෝ! මම ඒ ඔක්කොම දැනගෙන කල් තියා ඉමර්ජන්සි ප්ලෑන් එකක් දාලයි තිබුනෙ!’
‘ඒ කිවුවෙ?’
‘ඒ කිවුවෙ ඇට කටු මූදෙ ගිලෙන කොටම දඬු මොනරෙ ආවා. මං ඒකෙ නැග්ගා. චූං එකේ ගියා…!’
‘කොහාටද?’
‘මැඩගස්කරේට ළමයෝ… මැඩගස්කරේට.’
‘ඉතිං මෙහෙ ආවෙ?’
‘කාරණා දෙකකට. මේ රටේ පොත්පත්වල මං ගැන ලියවිලා තියෙන විස්තර යථාර්ථයට සමීප වන අන්දමින් සංශෝධනය කරවා ගැනීම එයින් එක කාරණයක්. ඒ කියන්නේ ඇත් කුණ මූදෙ ගිලුනට මම ගිලුනෙ නෑ!’
‘අනික් කාරණේ?’
‘මට ලැබුණු සුබ ආරංචියක් ළමයෝ… සුබ ආරංචියක්! දන්නෙ නැද්ද ඉතිං… රාජකීය ඩයට් දාලා පුරුදු වුණාම ඒක නැතුවම බෑ නෙව…!’
‘ඒ මගෝඩි කපුටා ඕං ඔහොම කියන ගමන් ඇහැකුත් ගහගෙන ඉගිලිලා යන්න ගියා ඩගී!’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...