56 දරුවෝ සංවිධායේ සංවිධානයේ සභාපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා වෙත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යය්වස්ථා සංශෝධනය නොකළ යුත්තේ ඇයි? යනුවෙන් කරුණු දක්වමින් යවන ලද ලිපිය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මැතිතුමා,
අංක 17,
විජයබා මාවත,
නාවල පාර,
නුගේගොඩ.
ගරු මහත්මයාණෙනි,
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව
ඔබතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ 20වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනය දුර්වල කිරීම සඳහා සිදුකළ සංශෝධන නැවත නිවැරදි කිරීම බව කියවේ. එසේ වුවත් මේ අර්බුදකාරී අවස්ථාවේදී එවැනි ඉල්ලීමක් මහජනයාගේ පැත්තෙන් හෝ උද්ඝෝෂකයින්ගේ පැත්තෙන් ඉදිරිපත් වී නැත. ඊට අමතරව වත්මන් අර්බුදය පියමන් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය පූර්වකොන්දේසියක් බවට කිසිදු සාධාරණ නිර්නායකයක් ඉදිරිපත් කළ නොහැක.
එවැනි තත්වයක් තුළ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුවේ බහුතර බලය අභියෝගයට ලක්වී ඇති අවස්ථාවක ඉදිරිපත් කළ විට විවිධ පාර්ශ්වවලට ඊට සංශෝධන එකතු කිරීම සඳහා කේවල් කිරීමේ බලයක් ලැබෙන බව ඔබතුමා පිළිගන්නවා ඇත. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී ඔබතුමා අධිකරණ ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී අසීමිත බලයක් යොදමින් කෙටුම්පතේ නොතිබූ සංශෝධන 35ක් පමණ ඊට ඇතුල්කළ ආකාරය ඔබතුමාට මතක ඇතැයි සිතමි.
ඒ අනුව බෙදුම්වාදී බලවේග විසින් කාරක සභා අවස්ථාවේදී 21 වැනි සංශෝධනයට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා වන සංශෝධන එකතුකිරීමේ පැහැදිලි ඉඩක් ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා විසින් පළාත් ආණ්ඩුකාරවරයා පත්කිරීමට අදාල වගන්තියට ‘‘මහ ඇමති උපදෙස්මත’ හෝ ‘‘මහ ඇමති විමසා’’ යන වචන දෙක එකතු කළහොත් එතැන් සිට ආරම්භ වන්නේ වෙනත් පරිච්ඡේදයකි. එනම් ඉඩම් ප‍්‍රඥප්තිය පොලිස් ප‍්‍රඥප්තිය යන මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්තිය ආදී බෙදුම්වාදී ප‍්‍රඥප්ති සියල්ල සම්මත කරමින් ඊළාම් මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාමය. ඒ මගින් රට වෙනුවෙන් ජීවිත සහ අතපය දන්දුන් රණවිරුවන්ගේ සියළු කැපකිරීම් පාවාදීමට ලක්වේ. ඔබතුමා නොසැලකිලිමත් ලෙස මෙම ක‍්‍රියාවලියට නායකත්වය ලබාදීම මගින් එම පාවාදීමේ වගකීම ඔබගේ හිස මත පැටවෙන බව පිළිග්ත යුතුය.
ඒ නිසා වඩා සුදුසු වන්නේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට තමා ලබාදුන් ප‍්‍රමුඛතම පොරොන්දුව වන නව ව්‍යවස්ථාව සම්මත කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීමය. අර්බුදය සමනය කිරීමෙන් පසුව එම ක‍්‍රියාවලිය ආරම්භ කළ හැක. ඉන් පසුව නව ව්‍යවස්ථාව යටතේ නව මැතිවරණ ක‍්‍රමයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇත. එසේ නොමැතිව ද්විත්ව පුරවැසියා විසින් සිදුකරන විනාශය වළක්වාගැනීම සඳහා 21 වැනි සංශෝධනය අත්‍යවශ්‍ය බවට ඔබතුමා තර්ක කරන්නේනම් විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එනම් ගැසට් කරනු ලබන කොටුම්පතේ අඩංගු නොවන කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් නොකරන බවට රට හමුවේ සහ පාර්ලිමේන්තුව තුළ ප‍්‍රතිඥාවක් ලබාදීමය.
එසේ නොමැතිව එදා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී අනුගමණය කළ අසම්මත ක‍්‍රමවේදය නැවත ප‍්‍රති නිර්මාණය කිරීමට යමෙකු සිහිනෙන් හෝ බලාපොරොත්තුවක් තිබේනම් එම සිහිනය සැබෑ කරගැනීමට අප ඉඩ නොතබන බව ඔබතුමාට ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.
මේ වගට,
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගරේ ධම්මරතන හිමි
සභාපති
56 දරුවෝ ජාතික සංවිධානය
2022-04-26
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...