අනාගත වසංගත හඳුනා ගැනීම, වැළැක්වීම සහ සටන් කිරීම සඳහා “ඉහළම” මට්ටමේ බහු-කළාපීය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සහ කළමනාකරණය කළ හැකි එකම ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානය බව, එහි අරමුදල් හිඟවීම ගැන කණගාටු වෙමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ සම-නිර්මාතෘ බිල් ගේට්ස් පැවසූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියි . බිල් ගේට්ස් යනු ලෝක සෞඛ්‍යය සංවිධානයට ඉහළම ලෙස ප්රකටව ඇති පුද්ගලයාය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මිලියන 6.2 කට අධික ජනතාවක් මිය ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් , ලෝකය තවමත් මෙම වසංගතයේ නරකම දේ දැක නොමැති බව බිල් ගේට්ස් ඊයේ(01) ප්‍රකාශයට පත් කරන ලද ෆයිනැන්ශල් ටෛම්ස් පුවත් පත (Financial Times ) සමඟ සම්මුඛ සාකච්ඡාවකදී අනතුරු ඇඟවීය. ඔහුගේ නවතම ග්‍රන්ථය වන ‘ඊළඟ වසංගතය වළක්වා ගන්නේ කෙසේද’ යන ග්‍රන්ථය පොත් සාප්පු වල රාක්කවලට බර දීමටත් පෙර ඔහු මෙම පුරෝකතනය කර තිබීම විශේෂත්වයක් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති .
“මෙම වසංගතය ඊටත් වඩා සම්ප්‍රේෂණය වන සහ ඊටත් වඩා මාරාන්තික ප්‍රභේදයක් ජනනය කිරීමේ අවදානමක අපි තවමත් සිටිමු,” ගේට්ස් අනතුරු ඇඟවීය. තමාට “විනාශයේ සහ අඳුරේ හඬ” වීමට අවශ්‍ය නැති බව පවසමින් ගේට්ස්, “සියයට 5කට වඩා වැඩි ප්රමානයකින් ” වසංගතයේ “නරකම දේ අපි දැකලාවත් නැහැ” යන අවදානම තක්සේරු කළ අතර , දිගු කල් පවතින නව එන්නත් නිපදවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. .
ගෝලීය වසංගත ප්‍රතිචාරය සහ බලමුලු ගැන්වීම (Global Epidemic Response and Mobilization-GERM ) යටතේ ක්‍රියාත්මක වන අවම වශයෙන් ඩොලර් බිලියන 1ක වාර්ෂික අයවැයක් සහිතව, ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් පිහිටුවීමට, බ්ලි ගේට්ස් නම් දානපතියා තම ඉල්ලීම නැවත වරක් අවධාරණය කළේය. මුලපිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය “ප්‍රතිලාභයට සාපේක්ෂව ඉතා කුඩා” බව ගේට්ස් පැවසූ අතර එය “නව වගකීම් භාර ගැනීමට” ලෝක නායකයින්ට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණයක් බවටද ඔහු නම් කළේය.
පසුගිය මාසයේ, ඔහු වැන්කුවර් හිදි TED Talks නම් අන්තර්ජාල චැනලයක්ට සාකච්ඡාවක් ලබා දුන් අතර, ඔහුගේ නවතම ග්රන්ථයේද ද විස්තර කර ඇති අදහස විස්තාරනය කිරීම සඳහා,අවම වශයෙන් 3,000 වෛද්‍යවරුන් කණ්ඩායමක් , වසංගත රෝග විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සහ සන්නිවේදන විශේෂඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.
ගේට්ස් රචිත ග්‍රන්ථය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් අදනොම් ගෙබ්‍රෙයෙසුස් ( Tedros Adhanom Ghebreyesus) විසින් ප්‍රශංසාවට ලක් කෙරුනි, සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා “අපි කොවිඩ්-19 හි පාඩම් මත ක්‍රියා කළ යුතු අතර ඊළඟ වසංගතය වැළැක්වීම සඳහා ඉක්මන්, සාධාරණ සෞඛ්‍ය විසඳුම් ලබා දිය හැකි වන පරිදි නව්‍යකරණය කළ යුතුය” යන බිල් ගේට්ස්ගේ අවධාරණය සමඟ සම්පුර්ණයෙන්ම එකඟ විය.
ගේට්ස් සහතිකලත් වෛද්‍ය විශේෂඥයෙකු නොවන අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර නැත. ඔහුගේ දැවැන්ත ධනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට සපයන අරමුදල් සංසන්දනය කිරීමේදී එක්සත් ජනපද රජයට පමණක් පිටුපසින්, සිටින දැවැන්තම පුද්ගලික දායකයා වේ. ඔහුට, ඔහුගේ ගේට්ස් පදනම හරහා ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ ආධිපත්‍යය දැරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය ඉඩ දී ඇත. .
බිල් ගේට්ස් කොවිඩ්-19 පිළිබඳ සාකච්ඡා වලදී පොදු නමක් බවට පත් වී ඇත්තේ ඔහුගේ පදනම එන්නත් සංවර්ධනය හා බෙදා හැරීම සඳහා මිලියන ගණනක් වැය කර ඇති නිසා පමණක් නොවේ. ඔහු 2015 දි TED Talks වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබා දෙමින්, බිල් ගේට්ස් නම් “තාක්ෂණික මුදලාලි” “නොවැළැක්විය හැකි” ගෝලීය වසංගතයක් හෙවත් “කොවිඩ් 19″වසංගතය සම්බන්ධයෙන් ලෝකයට ප්‍රථමයෙන් අනතුරු ඇඟවූ නමුත් ලෝකය ඒ සඳහා සූදානම් නොවීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...