මේ වනවිට 50 වන මානව හිමිකම් සැසිවාරය ජිනීවාහි ආරම්භවී ඇත. ප්‍රථමයෙන්ම විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් සැසිවාර 47 දී ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව සම්මත කරගන්නා ලද රණවිරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමේ බාහිර යාන්ත්‍රණයට නැවතත් එහිදී විරෝධය ප්‍රකාශ කිරීම පිළිබඳව එතුමාට අපගේ ප්‍රසාදය පල කරන්නෙමු. එසේම අප්‍රසාදය පළකිරීමට තවත් හේතු තිබුණද පළමුව රණවිරුවන්හට එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා වලින් ඔවුන්ව නිදොස් කර ගැනීමට ගන්නා ක්‍රියා මාර්ගයක් සඳහන් නොකිරීම පිළිබඳව අපගේ කනස්සල්ලද ප්‍රකාශ කරන්නෙමු. එහෙත් අප මෙහිදී එතරම් කනස්සල්ලකට පත්වියයුතු නොමැති බව වැටහෙන්නේ යුද අපරාධ චෝදනා ලාභී ප්‍රභල රණවිරුවන්ද ඒ පිළිබඳව කිසිදු කනස්සල්ලකින් පසුවෙන බවක් දකින්නට නොමැති නිසාවෙනි. ප්‍රභල යැයි විශේෂයෙන් සඳහන් කළේ ඔවුන් දැනුදු සක්‍රීය සේවයේ ප්‍රභල ස්ථාන හෝ රාජ්‍ය පාලන තන්ත්‍රයේ ඉහළ ස්ථානවල ඉන්නා බැවිනි.
2017 වසරේ සිට ගෙවීගිය පස් අවුරුදු කාළය තුල අප 16 වතාවක් රණවිරුවන් වෙනුවෙන් ජිනීවාහී කුමන හෝ කටයුත්තක් කළෙමු. මහ සභාව ඇමතීම, සමාන්තර රැස්වීම් පැවැත්වීම, වාර්තා භාරදීම, උද්ගෝෂණ පැවැත්වීම, ප්‍රදර්ශන පැවැත්වීම සහ විවිධ නියෝජිතයින් මුණගැසීම ආදිය ඒ අතර වේ. එපමණක් නොව, කොළඹ බලධාරීන්ද ජිනීවා මෙහෙයුමට පෙළඹවීමටද දායක උනෙමු. එහි ප්‍රථිඵලයක් ලෙස මෙම රජය විසින්ද ප්‍රතියෝජනා නමින් ගෙල වැලලා ගැනීමට සූදානම්වූ උගුලෙන් ගලවා ගැනීමට දායකවුනි. මෙවර ඒ කිසිවක් අප හට කිරිමට අවශ්‍යතාවයක් සහ හැකියාවක් නොමැතිවිය. අවශ්‍යතාවය ඇති නොවීමට බලපෑවේ රාජ්‍ය බලධාරීන් සහ අදාල රණවිරුවන් හටද එවන් මැදිහත්වීමක් අවශ්‍ය බවක් නොපෙනීමයි. හැකියාවක් ඇති නොවූයේ ලංඩන්හි අප සාමාජික ජයරාජ් පලිහවඩන මහතාට විරුද්ධව යස්මින් සූකා මහත්මිය විසින් පටලවා ඇති නඩුකරයයි.
යුද අපරාධ චෝදනාලාභී ආරක්ෂක අංශයේ ඉහළම තලයේ සිට රාජ්‍යයේ විධානයේ ඉහළම තලය දක්වා යුද අපරාධ චෝදනාවලින් ගැලවීමේ ඒකායන මාර්ගය ලෙස සළකනු ලබන්නේ මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව ‘එන්ගේජ්‘ කරගැනීමයි. 50 වෙනි සැසිවාරය ඇමතූ ජී. එල්. පීරිස් මැතිතුමා පවසා සිටියේ නම් කරනලද ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන් නිදහස් කළ බවත් තවත් ඉදිරියේදීද එසේ කරනු ලබන බවයි. මෙහිදී ජිනීවා සමුළුවෙන් නොව ජී. එල්. පීරිස් ඇමතිතුමාගෙන් අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔය නම් කිරීමෙන් ඉවත්කිරීමට සූදානම්වන ආයතන සහ පුද්ගලයින් නම් කිරීමට සිදුවූ කාරණා වලින් නිදොස්වී තිබේද යන්නයි.
නීති ක්ශේෂ්ත්‍රයේ විශාරදයෙකුගේ අදහස වන්නේ රණවිරුවන්ට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා වලට පිළිතුරුදීමෙන් එම යෝජනා ඉදිරිපත් කල ආයතනවලට නීතිමය පිළිගැනීමක් ලබාදෙන බවය. එම කරුණු පිළිබඳව මින් පෙර සඳහන් කර ඇති බැවින් නැවත ගැන සඳහන් නොකරන්නෙමු.
යුද අපරාධ චෝදනාලාභී ඉහල ස්ථරයේ පිළිගැනීම එසේ වුවද මෙතක් කල් අප හට එහි අනෙකුත් ස්ථරවල අදහස දැනගැනීමට ඉඩක් නොලැබුණි. ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධව අදහසක් ඉදිරිපත් වුවද පවතින වාතාවරණය හමුවේ ඒ සඳහා ඉඩක් නොලැබුනි. මේ සඳහා උපකාර කරන ලෙස මුද්‍රිත ජනමාධ්‍යයේද අදහස් ප්‍රකාශ කරන ප්‍රභල රණවිරුවෙකුට ආරාධනා කළද ඔහුගේ උපදෙස වූයේ වෙනත් ප්‍රභල රණවිරුවෙකුගේ සහාය ඒ සඳහා ලබාගන්නා ලෙසයි.
කාරණා කටයුතු පෙළගැසෙන ආකරය අනුව රණවිරුවන් හට ඔවුන්ගේ නිර්දෝශීභාවය ලෝකයට පෙන්වාදීමට අවශ්‍යතාවයක් නොමැති බව දකින්නට හැක. ඒ වෙනුවට තිස් අවුරුදු ත්‍රස්ථවාදි යුද්ධයකින් දිනාගැනීමට උත්සාහ කළ අරමුණ සපුරාලීමේ ඉලක්කයක් වෙත ක්‍රමයෙන් ගමන් කරන අයුරු දක්නට හැක. නමුත්, ප්‍රශ්ණයක් සහ කැළලක් ඉතිරිවනු ඇත. ප්‍රශ්ණය වන්නේ 47 වන සැසිවාරයෙන් සම්මතවූ බාහිර යාන්ත්‍රණයෙන් සොයාගත් රණවිරුවන්ට එරෙහි චෝදනා හමස් පෙට්ටිගත කරන්නේද නැතහොත් ප්‍රසිද්ධකර අවශ්‍ය ඕනෑම රටක ඕනෑම පාර්ශවයකට එම චෝදනා රණවිරුවන්ට එරෙහිව යොදාගැනීමට ඉඩ දෙන්නේද යන්නයි. කැළැල වන්නේ එවක මානව හිමිකම් කොමසාරිස්වූ සෙයිඩ් අල් රහල් මහතා පැවසූ 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා සහ දිවංගත මංගල සමරවිර මහතා ප්‍රමුඛ යහපාලන රජය විසින් පිළිගත් ඇමරිකාව ප්‍රමුඛ රටවලින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස ඉදිරිපත් කළ චෝදනාව අහෝසි නොවී සදාකල් පැවතීමයි. අනාගතයේ යම්කිසි දිනෙක කවුරුන්හෝ ලංකාවේ වීරයින් ලෙස සළකනු ලබන්නන් පිළිබඳව හැදෑරීමේදී 2009 වසරේදී අපගේ යුද විරුවන්සේ සැළකුණු හා පුදලද රණවිරුවන් බොහෝ දෙනෙක් යුද අපරාධ කරුවන් ලෙස සාධාරණ සැකයකින් තොරව නොව ඒකමතිකව පිළිගෙන පවතිනු ඇත.
යසස් ධර්මදාස
විධායක කමිටු ලේකම්,
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...