දේශීය පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් වාමාංශික දේශපාලන මතවාදය නියෝජනය කරන ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි.

දෙවැනි ධුර කාලයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ අන්ත දක්ෂිණාංශිකයෙකු වූ යාර් බොල්සරානෝ හට ලබා ගත හැකි වූයේ ඡන්ද 58,205,814 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 49.1 කි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ජය ගත් ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය දැරීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More