කොඩ්‍රිලියන 10000ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන “16 සිහී” නම් ග්‍රහකය ගවේෂණය කිරීමේ මෙහෙයුමක් එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොඩ්‍රිලියන එකක් ට්‍රිලියන 1000ක් වන අතර, 2022 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම ට්‍රිලියන 100ක් බව ද සදහන් ය.
“16 සිහී” ග්‍රහකය පළලලින් කිලෝ මීටර 226 කි. 1852 මාර්තු 17 වැනි දින ඉතාලි තාරකා විද්‍යාඥ ඇනිබෙල් ද ගැස්පරිස් විසින් මෙම ග්‍රහකය සොයා ගන්නා ලදී.
2026 වසරේ සිහී ග්‍රහකය වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් නාසා ආයතනය සිහී මෙහෙයුම මෙම වසරේ අගෝස්තු මස ආරම්භ කිරීමට සිටියත් ඇතිවූ නොයෙකුත් ගැටලු නිසා නියමිත කාලයේ දී වැඩකටයුතු ආරම්භ කිරීමට නාසා ආයතනයට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...