දේශීය පුවත්

පාකිස්තාන පොලීසිය විසින් මාධ්‍යට නිකුත්කළ නවතම වීඩියෝවක දැක්වුණේ, ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරු සිදුකරන පාපෝච්චාරණයකි.

එහිදී වෙඩික්කරු පවසා ඇත්තේ තමාගේ අරමුණ වුයේ ඉම්රාන් ඛාන්ව ඝාතනය කිරීම බව ය.

ඉම්රාන් ඛාන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කිරීම ඊට හේතුවූ බවද සැකකරු පවසා ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, වහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඉස්ලාමාබාද් නුවර දක්වා සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුරදී ඊයේ (03) වෙඩි ප්‍රහාරයකට ලක් වුණි.

පාකිස්තාන වාර්තා සඳහන් කළේ, ඉම්රාන් ඛාන්ගේ පාදයට වෙඩි ප්‍රහාරය එල්ල වු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

මෙම ප්‍රහාරයෙන් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු මියගියේය.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ තමා ඝාතනය කිරීමට උත්සාහ දරන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු බවය.

ඉම්රාන් ඛාන් චෝදනා කරන පරිදි, ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ප්‍රධාන පුද්ගලයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය. සෙසු පුද්ගලයන් දෙදෙනා වන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන හමුදා ජනරාල් ෆයිසාල් නසාල්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More