පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින් කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ.
යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකමින් ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් තීරණය කර ඇත.
පසුගියදා පැවැති රැළියක දී පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, එම වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් රෝහලේ සිට චෝදනා නැගීය.
මෙම ප්‍රකාශ පදනම් කරගනිමින් ඔහුට මාධ්‍ය තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...