දේශීය පුවත්

රුසියානු හමුදා යුක්රේන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර “දැවැන්ත” මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව කියෙව් පරිපාලනය අඟහරුවාදා නිවේදනය කළේය. ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡා සඳහා කොන්දේසි පැනවීමෙන් දිනක් ගත වීමටත් පෙර , රුසියානු හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඊයේ (15 වන අඟහරුවාදා ) සවස හදිසි සාකච්ඡාවකට එක් වෙමින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු හමුදා “යුක්රේනයට මිසයිල ප්‍රහාර 85ක් දියත් කළ බව විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කළේය . එහිදී ජනාධිපතිවරයා අවධාරණය කරණු ලැබූවේ රුසියානු මිසයිල් ප්‍රහාරය යුක්‍රේනයේ මධ්‍යම ප්‍රදේශය සහ උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන ඇති බවයි.

යුක්‍රේනයේ ජනාධිපති පරිපාලන ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා වන කිරිල් ටිමොෂෙන්කෝට අනුව කියෙව්හි තත්වය දුෂ්කරභාවයට පත්ව තිබේ. යුක්රේන බලශක්ති සැපයුම්කරුවන් බලශක්ති පද්ධතියේ බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා හදිසි විදුලි කප්පාදුවකට යොමු වී ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, කියෙව් නගර වැසියන්ගෙන් අඩක් සහ බටහිර යුක්‍රේන නගරයක් වන ලිවිව් වැසියන්ගෙන් 80% කට ප්‍රහාරය හේතුවෙන් විදුලිය විසන්ධි වී තිබේ.

යුක්රේන බලධාරින්ට අනුව රුසියානු හමුදා යුක්‍රේනයේ ප්‍රදේශ නවයක් ඉලක්ක කර ඇත.

යුක්රේනයේ අසල්වැසි මෝල්ඩෝවා ද රුසියානු ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. මිසයිල ප්‍රහාරය හේතුවෙන් යුක්රේන බලාගාරවල ඇති වූ බිඳ වැටීම් මෝල්ඩෝවාහි විදුලි රැහැන් විසන්ධි කිරීමට හේතු වූ අතර, “රට පුරා දැවැන්ත විදුලිය ඇනහිටීම් ඇති කළේය” යනුවෙන් යුක්‍රේන නියෝජ්ය අගමැති ඇන්ඩ්‍රේ ස්පිනු විදෙස් මාධ්‍ය වෙත පැවසුවේය.

මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවූ අතර ආර්ක්ෂක ස්ථාන වල රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුක්රේන බලශක්ති ඇමති ජර්මන් ගලුෂෙන්කෝ මිසයිල ප්‍රහාරය හැඳින්වූයේ “යුද්ධයේ ආරම්භයේ සිට යුක්රේනයේ බලශක්ති පද්ධතියට එල්ල වූ දැවැන්තම ෂෙල් වෙඩි ප්‍රහාරය” ලෙසිනි.

කෙසේ වුවද මොස්කව් පරිපාලනය මෙතෙක් ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වා නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More