වසර 53කට පසු පළමු වරට මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මැතිවරණයකින් දරුණු පරාජයට පත්ව තිබේ.
ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට කිසිදු ආසනයක් දිනාගැනීමට නොහැකි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වී ඇති බව වාර්තා වේ.
97 හැවිරිදි මහතීර් මොහොමඩ් සැලකෙන්නේ නූතන මැලේසියාව ගොඩනැගූ නායකය ලෙසයි. එහෙත් ඔහුට මෙන්ම ඔහුගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.
1981 සිට 2003 දක්වා වසර 22ක් මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් 2018 වසරේදී ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් තේරී පත්වන්නේ එවකට පැවැති පාලනය ජනතාව විසින් බරපතළ ලෙස ප්‍රතික්ෂේප කළ නිසාය.
කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය කිසිසේත් පිළිගත නොහැකි බව ඔහුගේ ආධාරකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...