උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරයක නිරතවී සිටින චීන ජනාධිපති ෂී ජිනිපින් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා මෙහිදී කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.
මෙහිදී චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් අන් තම කැමැත්ත පළ කළ ද බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. චීනය, උතුරු කොරියාවේ අසල් වැසියෙකුද වෙයි.
රුසියාව ද උතුරු කොරියාවට මායිම් වන අතර, උතුරු කොරියාව සහ රුසියාව අතරේ ද හොඳ සබඳතාවක් පවතී.
කෙසේ වෙතත් බටහිර මාධ්‍ය මෙම හමුව පිළිබදව පවසන්නේ පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැතිි හමුව ඵලදායී වූ බවත්, එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුවීම සිදුවී ඇති බවත් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...