ඇමරිකානු “අධිපතිවාදී පිරිමින්” විසින් කරනු ලබන “ආර්ථික වංචා” කිරීම පැහැදිලිවීමෙන් පසුව, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර “විවාහය” අවලස්සන දික්කසාදයකින් අවසන් වනු ඇතැයි හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ඊයේ (28) මාධ්‍යය සාකච්ඡාවකදී පැවසීය.
යුක්රේනයේ පවතින වත්මන් අර්බුදය මධ්‍යයේ ඇමරිකානු පරිපාලනය අවස්ථාවාදී ලෙස හැසිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් ජාතීන් වඩ වඩාත් කෝපයට පත්වෙමින් සිටින බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් තිබෙන පසුබිමක රුසියාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදයට “ඔහුගේ ආදායම තම මිතුරන් සමඟ බෙදා ගැනීමට අදහසක් නැහැ. ඊට පටහැනිව, අමෙරිකාව තම වයස්ගත සහකරුගේ අවසාන ඉතුරුම් පවා සොරකම් කර කිසිදු චකිතයකින් තොරව එම මුදල් සාක්කුවේ දමා ගනිමින් සිටිනවා.වොෂින්ටනය වැඩි වැඩියෙන් යුරෝපීය සමාගම් සඳහා යුරෝපයේම ව්‍යාපාරික තත්වයන් ආකර්ශනීය කරවීමට තැත් කරන අතර අනෙකුත් ජාතීන් හට අමෙරිකානු නිෂ්පාදන මිලදී ගැනීමට පොළඹවනවා.”, දිමිත්‍රි මෙද්වදෙව් වැඩිදුරටත් පවසා සිටියේය. රුසියාව සමඟ ගනු දෙනු අත් හැරීමට ගත් තීරණය හේතුවෙන් යුරෝපීය භාණ්ඩ සඳහා ඇති වෙළඳපල හැකිලෙමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.
“ඔබට අමෙරිකානු ධනවත් අනුග්‍රාහකයන් විශ්වාස කළ නොහැකියි. ඒ හා සමානව – යුරෝපය තමන්ට ලැබිය යුතු කෝටාවෙන් ඉවත් වී තිබෙනවා. යුරෝපා සංගමයට “අමෙරිකානු සහකරුවාගේ වංචාවෙන් මිදී නව නිදහස් ජීවිතයක් ආරම්භ කළ හැකියි”, නමුත් බොහෝ විට ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් සහ “ටෙස්ටොස්ටෙරෝන් නම් පුරුෂ හෝමෝනය” නොමැති බව හිටපු රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර යුරෝපා සංගම් නායකයින් සහ ඔවුන්ගේ ඇමරිකානු සගයන් අතර වැඩෙන විරසකය, කන්ඩායම තුල ප්‍රසිද්ධ ප්‍රකාශ බටහිර මාධ්‍ය තුල වාර්තා වී ඇත.
සාමාජික රටවල් අතර ඇති අර්බුදයෙන් වොෂින්ටනය ලාභ ලබන බවට ඇති මතය හේතුවෙන් යුරෝපා සංගමය තුල වැඩෙන අර්බූදය සම්බන්ධයෙන් පසුගිය සතියේ විවිධ දේශපාලන විචාරකයන්ද විග්‍රහ කළහ.
එක්සත් ජනපද බලශක්ති සැපයුම්කරුවන් යුරෝපීය සංගමයේ රටවලට ද්‍රව ස්වභාවික වායුව රුසියාව ඉදිරිපත් කරන මිළට වඩා හතර ගුණයකින් වැඩි මිලකට අලෙවි කරන අතර, මිලිටරි කොන්ත්‍රාත්කරුවන් යුක්‍රේනයට “වැඩිපුර ආයුධ විකිණීමෙන්” ප්‍රතිලාභ ලබන බව දේශපාලන ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ අතර යුරෝපා සංගම් නිලධාරීන්, එක්සත් ජනපදය උද්ධමනය අඩු කිරීමේ පනත සහ එක්සත් ජනපදය ලබා දෙන පරිසර හිතකාමී ව්‍යාපාර සඳහා මූල්‍ය දිරිගැන්වීම් නිසා යුරෝපීය සමාගම් කෙරෙහි ඇති කරන බලපෑම සහ වාර්තාගත ඉහළ බලශක්ති මිල සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපහසු බව පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...