දේශීය පුවත්

චීනයේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතා අද(30) ෂැංහයිහිදී අභාවප්‍රාප්ත වූ බව චීන රාජ්‍ය මාධ්‍යය පවසයි. මිය යන විට ඒ මහතා 96 හැවිරිදි වියේ පසු විය. ජියැං සෙමින් මහතාගේ වෛද්‍ය වාර්තාවලට අනුව අනුව, ඒ මහතා ලියුකේමියාව රෝගයෙන් පෙළී ඇති අතර මිය යාමට පෙර බහු අවයව අකර්මණ්‍ය වීමෙන් පීඩා විඳ තිබේ.
1989දී චීනයේ ටියනන්මෙන් චතුරශ්‍රයේ මහජන විරෝධතාවලට නොබියව සාර්ථකව මුහුණ දුන් ජියැං සෙමින් මහතා  චීනය නව සහස්‍රය කරා ගෙන යාමට කටයුතු කළේය.

ජියැං සෙමින් මහතා පසුගිය මාසයේ පැවැති 20 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයට නොපැමිණි අතර ඒ සම්බන්ධයෙන් බටහිර ජන මාධ්‍ය විවිධ අවලාද පතුරුවා හැරියේය.

ජියැන්ග් සෙමින් මහතා 1989 සිට 2002 දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය දැරූ අතර මාඕ සේතුංගෙන් පසු මාඕගේ විප්ලවවාදී සටන්කාමීන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු නොවූ පළමු ජාතික නායකයා විය.

ජියැන්ග්ගේ නායකත්වය යටතේ චීනය ආර්ථික හා දේශපාලන බලාගාරයක් බවට පත්වී දැවන්ත ප්‍රගතියක් කරා චීනය යොමු විය. ඔහු 2001 දී ලෝක වෙළඳ සංවිධානයට චීන ජාතිය ප්‍රවේශ වීම සහ 1997 දී හොංකොං රාජ්‍ය චීනයට පැවරීමේ කටයුතු අධීක්ෂණය කළේය.

අබිං යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස හොංකොං දූපත සියවසකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතුනි. හොංකොං දූපත ආපසු චීන ප්‍රධාන භූමියට පවරා ගැනීමෙන් පසු “එක් රටක්, ක්‍රම දෙකක්” යන ක්‍රමවේදය පවත්වාගෙන යාමට කටයුතු කළේය. ජාතික ආරක්‍ෂාව සහ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ මධ්‍යම රජයට වගකීම පවරන අතරම අභ්‍යන්තර කටයුතුවලදී විශාල ස්වයං පාලනයක් පවත්වා ගැනීමට මෙම යෝජනා ක‍්‍රමය මගින් හොංකොං පාලනයට ඉඩ ලබා දුන්නේය.

ජියැන්ග් 2002 සිට වසර ගණනාවක් පුරා ඔහුගේ නායකත්ව යටතේ තිබූ තනතුරුවලින් ඉවත් වූ අතර, හූ ජින්ටාඕගේ පරිපාලනයට මග පෑදුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More