ඉන්දීය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසංකර් ඊයේ(7) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරද්දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් දැඩි විවේචනයක් එල්ල කළ බව වාර්තා වේ.
ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් සඳහන් කර ඇත්තේ, ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවයි.
ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී කිසිදු ජන වර්ගයක පැත්ත නොගන්නා බවත්, ඉන්දීයාව සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට බවත් එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා ඇතැයි සදහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...