චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ගල්ෆ් රාජධානියේ තෙදින සංචාරයක් සඳහා දෙසැම්බර් ඊයේ (7 වන බදාදා) සෞදි අරාබියේ රියාද් නුවර වෙත පැමිණියේය. චීන ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයේ කොටසක් ලෙස එතුමා සල්මාන් බින් අබ්දුලාසීස් අල් සවුද් රජු සහ ඔටුන්න හිමි කුමරු සහ අගමැති මොහොමඩ් බින් සල්මාන් හමුවනු ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අවසන් වරට සෞදි අරාබියේ රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ 2016 වර්ෂයේදී වන අතර එම සංචාරයේදී ඔහු සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු වන අමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් සමඟද සාකච්ඡා පැවැත්වීය. මේ අතර,සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අවසන් වරට බීජිං වෙත පැමිණ ඇත්තේ 2022 ජනවාරි මාසයේදී ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහාය. චීන සහ සෞදි අරාබියානු නායකයන් දෙපළ අතර නිල මට්ටමින් අවසන් වරට මුහුණට මුහුණ හමු වූයේ 2019 වර්ෂයේදිය. එහිදී සෞදි අරාබියානු ඔටුන්න හිමි කුමරු බලශක්ති සහයෝගීතාව මෙන්ම චීනය හඳුන්වා දෙන “තීරය සහ මාර්ග මුලපිරීම” ( Belt and Road Initiative -BRI ) ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට බීජිං වෙත ගිය අවස්ථාවේදීය.
මේ අතර චීන ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධව අදහස් පල කරන විදෙස් විත්ති විචාරකයන් පවසා සිටින්නේ, සවුදි අරාබිය චීන මුදල් ඒකකය වන යුවාන් වෙත විවෘතවීමට හෝ චීන මුදල් ඒකකය සමඟ රහසිගතව ගනු දෙනු කිරීමට තීරණය කළහොත් , පෙට්‍රෝඩොලර් යුගය ලෝකයෙන් තුරන් වනු ඇති බවයි. ඒ අනුව ඩොලරයේ ආධිපත්‍ය දරන ලෝකයේ අවසානය සහ පෙට්‍රෝයුවාන් යුගය ආරම්භය සනිටුහන් වනු ඇත.ඔවුනට අනුව මෙම ක්‍රියාව මගින් එක්සත් ජනපදයට සිදුවන ප්‍රතිවිපාකය තායිවානයේ තමන්ගේ පාලනය අහිමිට වීම සමාන වීම හෝ එය ඉක්මවා යාමට සමාන වේ.
මේ අතර රුසියාව කේන්ද්‍ර කරගත් විදෙස් විත්ති විචාරකයන් පෙන්වා දෙන්නේ බොර තෙල් වලට මුදල් ගෙවීම් ජාතික මුදල්වලට මාරු කිරීම යන්නෙන් අදහස් වන්නේ එක්සත් ජනපද නාවික හමුදාවේ සමස්ත පස්වන බලඇණියම ගිල්වීමට වඩා බරපතල පහරක් එල්ල කිරීමක් බවයි.ඔවුනට අනුව පෙට්‍රෝඩොලරයේ සම්පූර්ණ බිඳවැටීමකදී, එක්සත් ජනපදයට ලෝක වෙළඳාමේ සැලකිය යුතු කොටසක් පාලනය කිරීම ස්වංක්‍රියම නැවතෙනු ඇත.” පෙට්‍රොඩොලර් සෙමෙන් නමුත් නිසැකවම ගිලෙමින් පවතී.” ඔවුහු අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...