එක්සත් ජනපද ආයුධ ප්‍රසම්පාදන ලේඛන වලට අනුව වොෂින්ටනය අවම වශයෙන් තවත් වසර තුනක්වත් යුක්රේනයේ ගැටුම පවත්වාගෙන යාමට අදහස් කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා අවධාරණය කරයි.
යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි තම රටේ අනාගතය තක්සේරු කිරීමේදී එය සැලකිල්ලට ගත යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවාය.
“වොෂින්ටනය අවම වශයෙන් 2025 අවසානය දක්වා යුක්රේනය රුසියාවට එරෙහිව සතුරුකම් අවුලුවාලීමට සැලසුම් කරනවා. අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට හෙළිදරව් කර ඇති ලේඛන මගින් එම සැලසුම හෙළිදරව් වෙනවා,” රුසියානු රාජ්‍ය තාන්ත්‍රික මාරියා සකාරෝවා මහත්මිය ඊයේ (8) පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ට පැවසීය.
රුසියාව පරාජය කිරීම සඳහා “කල් ගත වන තාක්” කියෙව් වෙත මිලිටරි ආධාර සැපයීමට පොරොන්දු වූ එක්සත් ජනපදය, මීට පෙර යුක්රේන හමුදා වෙත National Advanced Surface-to-Air Missile Systems (NASAMS) වර්ගයේ ගුවන් යානා නාශක පද්ධතියක් සපයනු ලැබීය.
“වොෂින්ටනයට විවිධ සැලසුම් තිබෙනවා. යුක්රේන ආධාර වැඩසටහන් හරහා වංචා කිරීමට විශාල මුදලක් අමෙරිකාව සතුව තිබෙනවා.” ඇය චෝදනා කළාය. සකාරෝවා කියා සිටියේ බටහිර ආධාර යනු ධවල මන්දිරයේ සිට කියෙව් වෙත ගොස් නැවතත් අමෙරිකාවට පැමිණෙන ගෝලීය පරිමාණයෙන් අතරමැදියන් ලාභ ලබන “දූෂණ මැරතන් තරගයක්” බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...