තායිවාන අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමේ ( Taiwan Semiconductor Manufacturing Corporation-TSMC) නිර්මාතෘ මොරිස් චෑන්ග් පවසන පරිදි, විවිධ බාධා සමඟ පොරබදමින් සිටින අර්ධ සන්නායක නිෂ්පාදකයින් මුහුණ දෙන තත්වය භූ දේශපාලන තත්වයන් විසින් විශාල ලෙස වෙනස් කර ඇත.
“චිප්” කර්මාන්තයේ ප්‍රවීණයා වන මොරිස් චෑන්ග් පසුගිය අඟහරුවාදා(6) ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටිහි ෆීනික්ස් කර්මාන්තශාලාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව පවසා සිටි බව විදෙස් වාර්තා පවසයි. එහිදී ලොව ප්‍රමුඛතම අර්ධ සන්නායක නිෂ්පාදකයා වන ඔහුගේ TSMC සමාගම එහි නව කර්මාන්තශාලාව පුළුල් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන ඩොලර් බිලියන 40 ක සැලැස්මක් එළිදක්වන ලදී.
එක්සත් ජනපදයේ පිහිටි TSMC කර්මාන්ත ශාලාවේ දශක දෙකකට වැඩි කාලයක් තුළ වැඩිදියුණු කළ පළමු උසස් චිප් කම්හල වන අතර, එය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ “වෙහෙස මහන්සි වී වැඩ කළ” බව මොරිස් චැන්ග් පැවසීය.
වැඩි දියුණු කිරීම් මඟින් තත්පරයකට ට්‍රිලියන 17කට ආසන්න විශේෂිත ගණනය කිරීම් සිදු කළ හැකි ඇපල් සමාගම නිෂ්පාදනය කරන අයි ෆෝන් සඳහා චිප්ස් නිෂ්පාදනය කිරීමට ෆීනික්ස් කර්මාන්ත ශාලාවට හැකි වනු ඇතැයි වාර්තා වේ. අනාගත ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ අනෙකුත් ස්මාර්ට් උපාංග ඉලක්ක කරගනිමින් ඊටත් වඩා දියුණු නිෂ්පාදන තාක්ෂණයෙන් සමන්විත තවත් කර්මාන්ත ශාලාවක් එහි ඉදිකිරීමට TSMC තවදුරටත් සැලසුම් කරන බවද වාර්තාවේ.
“අර්ධ සන්නායක කර්මාන්තයට අවුරුදු විසි හතක් ගෙවී ගොස් ඇති අතර ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට මෙම කර්මාන්තයට හැකි වූවා. එපමණක් නොවෙයි මෙම කර්මාන්තය ලෝකයේ භූ දේශපාලනය තුළ විශාල වෙනසක් කරනු ලැබුවා,” චෑන්ග් පැවසුවේය. “ගෝලීයකරණය දැනටමත් බොහෝ දුරට මිය ගොසින්. නිදහස් වෙළඳාම යන ප්‍රපංචයත් බොහෝ දුරට මිය ගොසින්. බොහෝ අය තවමත් ගෝලීය කරණය සහ නිදහස් වෙළෙඳාම නැවත පැමිණේ යැයි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒවා නැවත එනු ඇතැයි මම කිසිවිටකත් හිතන්නේ නැහැ. ”
ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ අර්ධ සන්නායක ඇතුළු ප්‍රධාන තාක්ෂණයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ඇතිවී ඇති ආතතීන් ගෝලීය තාක්ෂණ සැපයුම් දාමයට තව දුරටත් හානියක් විය හැකි බවට ලෝකය තුළ ඇතිවී තිබෙන බිය මධ්‍යයේ ය.පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, වොෂින්ටන් පරිපාලනය් විසින් නව සීමා පැනවූ අතර, එම තත්වය TSMC වැනි සමාගම්වලට තම මෙහෙයුම් වඩ වඩාත් දුෂ්කර කරවන්නට විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...