සිකුරාදා(9) කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර පැවති යුරේසියානු ආර්ථික සංගමයේ සමුළුවෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වාර්තාකරුවන් සමඟ අදහස් දැක්වූයේය. ඔහු අදහස් දැක්වූ මාතෘකා අතර, හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ නවතම හෙළිදරව් කිරීම්, යුක්රේනයේ මිලිටරි මෙහෙයුම, න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය, එක්සත් ජනපදය සමඟ ඉහළ පෙළේ සිරකරුවන් හුවමාරුව සහ යුරෝපා සංගමය සහ අප්‍රිකාව සමඟ රුසියානු සබඳතා ආදී වූ මාතෘකා විය. පහත දැක්වෙන්නේ ඔහු ගේ දිගු අදහස් දැක්වීම් වල සංක්ෂිප්ත සටහනයි.
(1)හිටපු ජර්මානු චන්සලර් මර්කෙල්ගේ මත දැක්වීම රුසියාවේ යුක්රේන මෙහෙයුම සාධාරණීකරණය කරනවා
මින්ස්ක් සාම ගිවිසුම්වල අරමුන යුක්රේනය වෙනුවෙන් “කාලය මිලට ගැනීම” බවට හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ පාපොච්චාරණය ගැන තමා පුදුමයට හා කලකිරීමට පත් වූ බව පුටින් පැවසීය. කෙසේ වෙතත්, එය වත්මන් කියෙව් පාලනයට එරෙහිව මොස්කව් හමුදා මෙහෙයුම සාධාරණීකරණය කරන බව ඔහු අවධාරණය කළේය.
“අමෙරිකාව ඇතුලු බටහිර ජාතීන්ගේ අරමුණ වූයේ යුක්රේනයට ආයුධ පටවා යුක්රේනය රුසියාවට එරෙහිව සතුරුකම් සඳහා සූදානම් කිරීම පමණයි. අපි එම තත්වය වටහා ගත්තා .කෙසේ වෙතත් අවංකවම, අපි එය ප්‍රමාද වී තේරුම් ගත්තා වෙන්නට පුළුවන්. සමහර විට දැනට යුක්රේනයේ කරන මෙහෙයුම් ඉක්මනින් ආරම්භ කළ යුතුව තිබුණා ”පුටින් පැවසීය.
යුක්රේනය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බව ඔහු දැන සිටි ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මම සිතුවේ එම ක්‍රියාවලියේ අනෙකුත් පාර්ශවයන් අවංක බවයි.නමුත් ඔවුනුත් අපිව රැවැටූ බව පේනවා.” රුසියානු ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.
(2) “ශුන්‍යයේ විශ්වාසය” සමඟ සාකච්ඡා පැවැත්වීම
මින්ස්ක් පිළිබඳ රැවටීම මේ වන විට අප තුළ “විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්” මතු කරන බවත් එය දැනට “බිංදුවට ආසන්න” බවත් අදහස් දක්වමින් පුටින් පැවසීය. “දැන් පැන නැගී ඇති සැබෑ ප්රශ්නය වන්නේ ඕනෑම දෙයක් ගැන ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කළ හැකිද යන්න සහ අවසාන එකඟතාවයකින් සහතික කරන්නේ කුමක් ද යන්නයි. කෙසේ වුවත් ප්රශ්නය අවසානයේදී සාකච්ඡා මේසයට රැගෙන ඒමට සිදුවනු ඇත.අපි කීප වතාවක්ම අවධාරණය කළා අපි සාකච්ඡාවට සූදානම් බව . නමුත් අපගේ අවංක උත්සාහය සම්බන්ධයෙන් පවා අපව නැවත සිතන්නට සලස්වනවා. අප ගනුදෙනු කරන්නේ කා සමඟද යන්න සම්බන්ධයෙන් අපි නැවත නැවතත් ගැඹුරින් සලකා බැලිය යුතුයි.” පුටින් පැවසීය.
(3) යුක්රේනයේ ගැටුම “දිගු කාලයක් පවතීවි
යුක්රේනයේ මිලිටරි මෙහෙයුම “දිගු කල් පවතින ක්‍රියාවලියක්” විය හැකි බව රුසියානු ජනාධිපතිවරයා මීට කලින් කරති තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ විට පුටින් පැහැදිලි කළේ ඔහු සැබවින්ම දැඩි අවධානය යොමු කරන්නේ යුක්රේනයේ ගැටුම විසඳීමට බවයි. “විශේෂ හමුදා මෙහෙයුම වේගයෙන් සිදුවෙමින් පවතිනවා, සෑම දෙයක්ම ස්ථාවරයි, අද වන විට එම මෙහෙයුමේ ප්‍රශ්න හෝ ගැටළු පැන නැගී නැහැ.” ඔහු පැවසීය. සමස්ත තත්වයම විසඳීම “සමහර විට පහසු නොවන අතර ඒ සඳහා යම් කාලයක් ගතවේවි. නමුත් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, මෙම ක්‍රියාවලියේ සියලුම පාර්ශවයන්ට භූමියේ හැඩගැසෙන යථාර්ථයන් සමඟ එකඟ වීමට සිදුවේවි.”
(4)පළමු න්‍යෂ්ටික ප්‍රහාරය දියත් කිරීම
එක්සත් ජනපදයට බොහෝ කලක සිට රුසියානු මිලිටරි පාලන පද්ධතිවලට එරෙහිව “නිරායුධ” ප්‍රහාරයක් දියත් කිරීමේ මූලධර්මයක් සක්‍රියව ගොඩ නැගු අතර ඒ සඳහා ඔවුන් සෝවියට් සංගමයට නොමැති කෲස් මිසයිල නිපදවූ බව පුටින් අනාවරණය කළේය. “දැන් රුසියාව සතුව “වඩාත් නවීන සහ අමෙරිකානු කෲස් මිසයිලවලට වඩා ඵලදායී” වන හයිපර්සොනික් මිසයිල පද්ධතියක තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් අපගේ ඇමරිකානු හවුල්කරුවන්ගේ වර්ධනයන් සහ හැසිරීම් අනුගමනය කිරීම ගැන අප වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි.”
“එක්සත් ජනපද යුධ මූලධර්මය පූර්ව න්‍යෂ්ටික ප්‍රහාරයක් අපේක්ෂා කරන අතර, රුසියාවේ මූලධර්මය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පමණයි” පුටින් පැහැදිලි කළේය. “රුසියානු පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සතුරු මිසයිල ප්‍රහාරයක් හඳුනා ගත් විගසම, අපගේ මිසයිල සිය ගණනක් අහසේ පියාසර කරන අතර ඒවා නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත.සතුරාගේ සමහර ප්‍රහාරක මිසයිල රුසියාවට පහර දුන්නද, අපගේ මිසයිල ප්‍රහාර වලින් සතුරාට කිසිවක් ඉතිරි නොකරනු ඇත. එලෙසම සතුරාට න්‍යෂ්ටික නිරෝධායනය සිදු කිරීමට ක්‍රමවේදයක් පවා නැත.” පුටින් අවධාරණය කළේය.
(5) බවුට්-ග්රිනර් වැනි තවත් හුවමාරු කිරීම් ඉදිරියටත් සිදු විය හැකිය.
වික්ටර් බවුට් වෙනුවෙන් බ්‍රිට්නි ග්රිනර් හුවමාරු කිරීම සඳහා වූ සාකච්ඡාවල සාර්ථකත්වය එක්සත් ජනපදය සමඟ අනෙකුත් විෂයයන් සාකච්ඡා කිරීමට විවෘත කිරීමක් ලෙස රුසියාව සලකන්නේ නැති බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා සාකච්ඡා “නිශ්චිත වාතාවරණයක් නිර්මාණය කළත්” ඔවුන් හුවමාරු කිරීමේ රාමුව තුළ වෙනත් ගැටළු මතු නොවූ බවද පැවසුවේය.
“රුසියානු සහ එක්සත් ජනපද ආරක්ෂක සේවා අතර සම්බන්ධතා “අඛණ්ඩව පවතිනවා ඇත්ත වශයෙන්ම කිසි විටෙකත් ඒවා නතර වූයේ නැහැ” නමුත් මෙම සිරකරුවන් හුවමාරු කර ගැනීමේ නිශ්චිත ගනුදෙනුව ආරම්භ කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්” පුටින් පෙන්වා දුන්නේය.
“වෙනත් හුවමාරු කිරීම් කළ හැකිද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්රශ්නය්ට පිළිතුරු ඩෙමින්.” ඔව්, සෑම දෙයක්ම විය හැකි යි.මෙම හුවමාරුව සාකච්ඡා සහ සම්මුතිය යන කාරණාවල ප්‍රතිඵලයක්. මෙම කාරණාවේදී, නිෂ්චිත සම්මුතියක් දෙරටම සොයා ගනු ලැබුවා.” රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
(6)රුසියානු හමුදා තවත් බලමුලු ගැන්වීමේ අපේක්ෂාව සම්බන්ධව
“රුසියානු තරුණයන්ව නැවත වරක් හමුදා සේවයට කැඳවීම් කිරීමට අදහසක් නැහැ.මේ වන විට බලමුලු ගන්වා ඇති 300,000 න්, 150,000 ක් පමණ යොදවා ඇති නමුත්, සටන් සඳහා අනුයුක්ත කර ඇත්තේ 77,000 ක් පමණයි. අනෙක් පිරිස මේ මොහොතේ වෙනත් රාජකාරිවල නියැලී සිටිනවා.කැඳවූවන්ගෙන් අඩක් යුධ සංචිතයේ රඳවා තබා තිබෙනවා. එබැවින් අමතර කැඳවීමක් සම්බන්ධයෙන් සමහරු ප්‍රශ්න කරන්නේ කුමටදැයි පැහැදිලි නැහැ.” පුටින් අවධාරණය කළේය.
(7) බොරෙල්ගේ අප්‍රිකානු අදහසට පිළිතුරු
බොහෝ අප්‍රිකානුවන් ඩොන්බාස් තිබෙන්නේ කොහේදැයි හෝ පුටින් කවුරුන් දැයි නොදන්නවා විය හැකි බවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ යුරෝපීය යටත් විජිතවාදයෙන් ඔවුන්ගේ විමුක්තියට උදව් කළේ කවුරුන්ද යන්න අප්‍රිකානු මහාද්වීපය හොඳින් දන්නා බවයි.
යුරෝපා සංගම් දේශපාලනඥයන් “අප්‍රිකානු ජනතාව කෙරෙහි ඔවුන්ගේ ආදරය ගැන කතා කිරීම නතර කර අප්‍රිකානු රටවලට උදව් කිරීමට පටන් ගත යුතුයි” යනුවෙන් පුටින් පැවසීය. “ඔබ සමඟ අදහස් හුවමාරු කරගත් අය අප්‍රිකාව අද ලෝකයේ පවතින්නේ කුමන තැනකද, අප්‍රිකාවේ මිනිසුන් සිටින්නේ කුමන තත්වයකද යන්න දැන සිටියේ නම්, අප්‍රිකානු රටවල කෘෂි අස්වැන්න සහ ඒවා නෙලා ගැනීම අවසානයේ රඳා පවතින රුසියානු ආහාර සහ පොහොර සැපයීම මත නිසා අප්‍රිකානු මහාද්වීපයට ආදරයක් ඇත්නම් බාධා නොකරනු ඇත. අප්‍රිකාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සාගින්නෙන් පෙළෙන බව පමණක් ජෝසෙප් බොරෙල් වැනි අය සිහිතබා ගත යුතුයි.”
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...