දේශීය පුවත්

ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ආවරණය කරන වෙබ් අඩවියක් වන “Decrypt” විසින් උපුටා දක්වන ලද පරිදි, ආයෝජකයින් සඳහා වෙළඳපල විශ්මයක් ඇතිකරමින් බිට්කොයින් හි මිල ලබන වසරේ ඩොලර් 5,000 දක්වා අඩු විය හැකි බව බහුජාතික බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි.

එක්සත් රාජධානිය පදනම් කරගත් බැංකු සමූහය විශ්වාස කරන වාර්ෂික සිදුවීම් ලැයිස්තුවේ කොටසක් ලෙස මෙම අනාවැකිය සිදු කරන ලද අතර ජගත් වෙළෙඳපොලවල් නොසලකා මෙම තතවය උද්ගත වන බව ඔවුහු පවසති.

“බිට්කොයින්හි ලාභය තාක්ෂණික කොටස් සමඟ පහත වැටී බිට්කොයින් විකිණීම මන්දගාමී වන අතර එමගින් හානිය දරුණු ලෙස සිදුවනු ඇත” යනුවෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් හි ගෝලීය පර්යේෂණ ප්‍රධානී එරික් රොබට්සන් තම සේවාදායකයින්ට සටහනක් තබමින් පවසා ඇති අතර එම සටහන කෙසේ හෝ මාධ්‍යය අතට පත්ව තිබේ. “ක්‍රිප්ටෝ සමාගම් වැඩි වැඩියෙන් ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් නොමැති වටහාගන්න අතර එමගින් ක්‍රිප්ටෝ සමාගම් තවදුරටත් බංකොලොත් වීමට පටන් ගන්නා අතර ඩිජිටල් වත්කම් සම්බන්ධයෙන් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටීමට එම කාරනා තුඩු දෙයි.”
විශ්ලේෂකයා වැඩිදුරටත් සඳහන් කළේ තරමක් ආන්තික අවස්ථාවන් ඉදිරි වසරේ සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර ද්‍රව්‍යමය වශයෙන් වෙළඳපල එකඟතාවයෙන් හෝ අපගේම මූලික අදහස්වලින් බැහැරව කරුණු පෙල ගැසේවි යනුවෙනි.

බිට්කොයින් හි මිල පහත වැටීම රත්‍රං සමඟ රැලියක් මෙන් සමපාත විය හැකි බව රොබෙර්ට්සන් පැවසීය. ඔහුට අනුව රත්‍රං මිල පහත වැටීමේ විභවය 30% දක්වා එනම් රත්‍රං අවුන්සයකට $2,250 දක්වා අඩුවීමට නියමිතය. “ක්‍රිප්ටෝ මුදල් වල අගය තවදුරටත් පහත වැටෙන අතර තවත් ක්‍රිප්ටෝ සමාගම් ද්‍රවශීලතා මිරිකීම් වලට ලක්වී ආයෝජකයින් තම ආයෝජන ආපසු ගැනීමට පවා පෙලබෙනු ඇත.” එරික් රොබට්සන් පවසයි.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් විශ්ලේෂකයා වැඩිදුරටත් පැවසුවේ, වෙළඳපල අස්ථාවරත්වයේ කාලවලදී ස්ථාවරත්වය සඳහා ආයෝජකයින් වෙළඳ භාණ්ඩ වෙත ඇදී යාමත් සමඟ රත්‍රන් ආරක්ෂිත තෝතැන්නක් ලෙස නැවත ස්ථාපිත කළ හැකි බවයි.

ක්‍රිප්ටෝ මුදල් අවකාශයේ ඉහළ පෙළේ බිඳවැටීම් මාලාවකින් මෙන්ම විශේෂයෙන් ප්‍රධාන ක්‍රය්ප්ටො හුවමාරු FTX බංකොලොත් වීමෙන් පසුව මේ වසරේදී දැනටමත් බිට්කොයින් 60% කට වඩා වැඩි අගයකින් බිඳ වැටී ඇත. FTX හි බිඳවැටීමෙන් ඇති වන බලපෑම මෑතකදී වෙළඳපල හරහා පැතිරෙමින් පවතින අතර, ක්‍රිප්ටෝ කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටෙමින් තිබේ.

පසුගිය බදාදා, බිට්කොඉන් එක කාසියක් ඩොලර් 16,800 කට පමණ අලෙවි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More