දරුණු ලියුකේමියා තත්ත්වයෙන් පසුවන රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් ඇති බව වාර්තා වේ.
එම රෝගීන්ගේ සිරුර තුළම ජාන වෙනසකට ලක්කර සිදුකරන මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගය නිට්ටාවටම සුවපත් වන බවයි සොයාගෙන ඇත්තේ.
වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ මෙම නව ප්‍රතිකර්මය මගින් ලියුකේමියා පිළිකා රෝගීන් තුළ බලාපොරොත්තු දැල්වීමට හේතුවක් වන බවයි.
මෙම නව ප්‍රතිකර්මය අත්හදා බැලීමට තෝරා ගැණුන 13 හැවිරිදි ඇලීසා නම් දැරිය ‘ටී සෙල් ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියා’ නමැති දරුණු ලියුකේමියා රෝගියකු බව හඳුනා ගෙන ඇත්තේ 2021 වසරේදීය.
ඇලීසාගේ පිළිකා රෝගී තත්ත්වය කීමෝ ප්‍රතිකාරවලින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමෙන් හෝ සුව කළ නොහැකි වූ බව වෛද්‍යවරුන් සදහන් කරයි.
පසුව ඇය ලන්ඩනයේ ‘ඔර්මන්ඞ් ස්ට්‍රීට්’ ළමා රෝහලට ඇතුළත් කෙරූ බවත්, දැරියගේ මාපියන්ගේ කැමැත්ත පරිදි ඇය අත්හදා බැලීමේ නව ප්‍රතිකාරයට යොමු කෙරුණු බවත් සදහන්ය.
ඇලීසාට කළ මෙම නව ප්‍රතිකර්මයෙන් දින 28 ක් තුළ පිළිකාව සම්පූර්ණයෙන්ම අඩපණ වුණු බවද, ඉන්පසු ඇට මිදුළු බද්ධ කිරීමක් මගින් ඇලීසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යළි ශක්තිමත් කිරීමට හැකිවුණු බවද වෛද්‍යවරුන් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...