දේශීය පුවත්

ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ජීවිතය ඊනියා ‘රීච්හි පුරවැසියන්’ විසින් කරන ලදැයි කියන කුමන්ත‍්‍රණ සූදානම ව්‍යර්ථ නොකළේ නම් ඔහුගේ ජීවිතය බරපතල අනතුරකට ලක්වීමට ඉඩ තිබූ බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. පසුගිය සතියේ ජර්මනිය පුරා ප්‍රදේශ රැසක කළ දැවැන්ත වැටලීම් වලින් පසුව,එම කණ්ඩායම ගිනි අවි ගබඩා කර තබාගෙන පාර්ලිමේන්තුවට කඩා වැදීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරගෙන ඇති බව හෙළිදරව් විය.

අඟහරුවාදා නිව්යෝක් ටෛම්ස් පුවත් පත, “අපරාධ පරීක්ෂණයට හුරුපුරුදු” නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින්, කුමන්ත්‍රණකරුවන්ට අයත් පරිශ්‍රයෙන් සොයාගත් ලේඛනවලින් පෙන්නුම් කළේ අදාල කණ්ඩායම ෂෝල්ස් ඝාතනය කිරීමට අදහස් කර ඇති බවයි. අත් අඩංගුවට ගත් ලිපි ලේඛන අතර 100 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් මරණයේ වේදනාව යටතේ පවා මෙම සැලසුම් හෙළිදරව් නොකිරීමේ ගිවිසුම් අත්සන් කරමින් ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇත.

නිව්යෝක් පුවත් පතේ මූලාශ්‍රවලට අනුව,ජර්මන් පොලිසියේ වැටලීම්වලින් ගිනි අවි 40 ක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇති අතර තවත් ආයුධ රහසිගතව සඟවා තිබිය හැකි බවට ජර්මන් බලධාරීහු සැක කරති.

එපමනක් නොව, කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් ජර්මනියේ පාලනය භාර ගැනීමට සිටි චූදිත ප්‍රධානියා වන හෙන්රිච් XIII හෙවත් රියුස් කුමරු, ලයිප්සිග් නගරයේ රුසියානු කොන්සල් කාර්යාලය සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කළ බව කියනු ලැබේ.
මෙම පුද්ගලයා රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් අවම වශයෙන් දෙවරක් මුණගැසී ඇති බව පැවසේ. කෙසේ වෙතත්, පුවත්පත පෙන්වා දුන් පරිදි, මොස්කව් පරිපාලනය මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූ බවට කිසිදු හෝඩුවාවක් විමර්ශකයින් සොයාගෙන නොමැත.

විටලියා බී නමැති රුසියානු ජාතික කාන්තාවක් ද සැකකරුවන් අතර වන බවද පරීක්ෂකයන් පවසති.

මෙම කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කුමන්ත්‍රණකරුවන් සමඟ කිසිදු සම්බන්ධයක් ක්‍රෙම්ලිනයට නැති බව අවධාරණය කළ අතර කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ජර්මනියෙ අභ්‍යන්තර කටයුත්තක් බව පැවසුවේය.

නිව්යෝක් ටෛම්ස් පුවත් පතට අනුව සැකකරුවන් අතර ජර්මනියේ දක්ෂිනාංශික විකල්ප පක්ෂයේ හිටපු සාමාජිකයෙකු දෙදෙනෙකු සිටින බවද පැවසේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මානු රාජ්‍යය ස්වෛරී රටක් නොවන බව විශ්වාස කරන ඊනියා රීච්ස්බර්ගර් (‘රයිච්හි පුරවැසියන්’) ජාලයේ මතවාදී හරය සමන්විත වූ බව කියනු ලැබේ. නිව්යෝක් ටෛම්ස් පුවත් පතර අනුව සාමාන්‍ය සාමාජිකයින් යැයි කියනු ලබන 23 දෙනෙකු දැනට අත්අඩංගුවේ පසුවන අතර තවත් 31 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More