රුසියානු හමුදා යුක්රේනයේ කරන මෙහෙයුම් වලදී යුද උපක්‍රම නවීකරණය කර ඇති අතර එක්සත් ජනපදයේ නිෂ්පාදිත HIMARS බහුවිධ රොකට් විදිනයන් ඇතුළු බටහිරයන් විසින් සපයන ලද කියෙව් හමුදා භාවිත කරන යුද උපකරන වලට රුසියානු හමුදා අනුවර්තනය වී ඇති බව යුක්‍රේනයේ යුද හමුදා ජෙනරාල් වැලරි සලුෂ්නි ඉකොනොමිස්ට් වෙත පැවසීය.
“රුසියානු හමුදා බලමුලු ගැන්වීම ක්‍රියාත්මක වී තිබෙනවා. රුසියානුවන්ට සටන් නොකර සිටීමට තරම් ඔවුන්ගේ ප්‍රශ්න දරුණු යැයි කීම සත්‍යයක් නොවේ. රුසියානු සොල්දාදුවෝ කිසිවිටකත් සටනින් බැහැර නොවනු ඇත. සාර් රජ කෙනෙක් ඔවුන්ට යුද්ධයට යන්න අණ කරනවා .අණ ලැබුණු සැනින් රුසියානු සොල්දාදුවන් යුද්ධයට යනවා,” සලුෂ්නි ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රුසියානු සොල්දාදුවන්”එතරම් හොඳින් සන්නද්ධව සිටිනවා නොවිය හැකි නමුත් ” ඔවුන් තවමත් “අපට තර්ජනයක් වී සිටියි.” මොස්කව් හමුදා යුක්‍රේන අගනුවර වන කියෙව් දෙසට නව පීඩනයක් දීමට උත්සාහ කරනු ලබනවාය යන්න පිළිබඳව තමාට “සැකයක් නැහැ” ඔහු අවධාරණය කළේය.
පවතින ගැටුමේදී මොස්කව් සිය උපක්‍රම වෙනස් කර ඇති බවත්, රුසියාවට එරෙහිව භාවිතා කරන ආයුධවලට අනුවර්තනය වී ඇති බවත් ජෙනරාල් සලුෂ්නි ප්‍රකාශ කළේය. “රුසියානු හමුදා HIMARS ට ළඟා විය නොහැකි තරම් දුරකට ගොස් තිබෙනවා. අපට දිගු පරාසයක පහර දිය හැකි ආයුද කිසිවක් ලැබී නැහැ,” සලුෂ්නි පැහැදිලි කළේ, දිගු දුර විහිදුම් යුධෝපකරණ සැපයීම සඳහා කියෙව් පාලනය එහි බටහිර ආධාරකරුවන් වෙත නැවත නැවතත් කරන ලද ඉල්ලීම් ප්‍රතිරාවය කරමිනි. රුසියානු හමුදා HIMARS පද්ධතිවලට ළඟාවිය නොහැකි ලෙස “පසු පසට ගොස්” ඇත්තේ කොතැනටද යන්න ගැන හමුදා ප්‍රධානියා විස්තර කළේ නැත.
තීරනාත්මක යුක්රේන යටිතල පහසුකම් වලට එරෙහිව මොස්කව් විසින් දියත් කරන ලද වේගවත් මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන්ද යුක්රේන හමුදා අණදෙන නිලධාරියා සිය කණගාටුව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඒ අතරම, ඔහු කියා සිටියේ යුක්රේන ගුවන් ආරක්ෂක ඉතා ඉහළ අන්තර් හුවමාරු අනුපාතයන් පෙන්නුම් කරන බවයි.
“දැන් අපගේ මිසයිල කඩා වැටීමේ අනුපාතය 0.76 අනුපාතයක පවතිනවා. රුසියානුවන් ඔවුන්ගේ ප්‍රහාර සැලසුම් කිරීමේදී මෙම 0.76 කාර්යක්ෂමතාවයේ සංගුණකය භාවිතා කරනවා. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මිසයිල 76 වෙනුවට 100 දියත් කරන බවත් මිසයිල 24 ක් ආරක්ෂණ පද්ධතිය හරහා ගොස් ඔවුන්ගේ ඉලක්කයට ළඟා වෙනවා. මෙම මිසයිල 24න් මිසයිල දෙකක් බලාගාරයකට කඩා වැදුනොත් අප කරන්නේ කුමක්ද? එම බලාගාරය වසර දෙකක් ක්‍රියා විරහිතව තිබෙනු ඇත.” සලුෂ්නි පැහැදිලි කළේය.
යුක්‍රේන යටිතල පහසුකම් මත බෝම්බ හෙලීමේ ක්‍රියාවලිය ක්‍රිමියානු පාලම වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසුව සිදු වූ අතර, ඉහළ යුක්රේන නිලධාරීන් දැඩි සතුටකට පත්වූ අතර කියෙව් ඔත්තු සේවා වෙත මොස්කව් විසින් දෝෂාරෝපණය කරන ලදී. රුසියානු ප්‍රහාර දැන් යුක්‍රේනයේ බලශක්ති පද්ධතිය “අද්දරටම” පැමිණ ඇති අතර, ඒවායෙහි බිඳවැටීම යුක්‍රේන හමුදාවන්ට ද විශාල හානියක් සිදු කරනු ඇති බව සලුෂ්නි අවධාරණය කළේය.
“මම බලශක්ති විශේෂඥයෙක් නොවන නමුත් මගේ පුද්ගලික මතය අනුව, මට පෙනෙන්නේ අපි බිඳ වැටීමේ අද්දරටම පැමිණ සිටින බවයි. අපි සියුම් රේඛාවක සමතුලිතව සිටිමු. නමුත් විදුලිබල පද්ධතිය විනාශ වුවහොත් … සොල්දාදුවන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සීතලෙන් මිය ඇදීම ආරම්භ වනු ඇත. ඒ අනුව යුක්‍රේන සටන්කරුවන් කුමන ආකාරයේ මනෝභාවයකින් සිටීදැයි ඔබට සිතාගත හැකිද? ජලය, ආලෝකය සහ තාපය නොමැතිව, දිගටම සටන් කිරීමට ආරක්ෂිත කලාප සකස් කිරීම ගැන කතා කළ හැකිද?” ඔහු අවධාරණය කළේය.
“තවමත්, යුක්රේනියානුවන් දිගටම සටන් කිරීමට සූදානම්ව සිටිනවා”, සලුෂ්නි, අවධාරනය කළේය. “රුසියානුවන් සහ වෙනත් ඕනෑම සතුරකු මරා දැමිය යුතුයි,වඩාත්ම වැදගත් දෙය නම්, එය කිරීමට අප බිය නොවිය යුතුයි” යනුවෙන් පවසමින් ඔහුගේ “ආගමික” විශ්වාසයේ ස්ථිරව සිටින බව පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...