දේශීය පුවත්

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (CAR) රුසියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පාර්සල් බෝම්බ පිපිරීමකින් රෝහල් ගත කර ඇති බව එරට අගනුවර වන බංගුයි හි මොස්කව් තානාපති කාර්යාලය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇති බව වාර්තා වේ.

Dmitry Sytyy, ලෙස හඳුනාගෙන ඇති මෙම නිලධාරියා, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මධ්‍යම ආණ්ඩුව සමඟ රුසියාවේ සබඳතා ශක්තිමත් කරවීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට මීට පෙර තර්ජන එල්ල වූ බවද වාර්තා වේ.  Dmitry Sytyy, මහතා රුසියානු විදේශ අමාත්‍යාංශය යටතේ ඇති සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයක් වන “රුසියානු නිවස” හි ප්‍රාදේශීය ශාඛාවේ ප්‍රධානියා වේ.

පාර්සල් බෝම්බය සම්බන්ධ මෙම පුවත මුලින්ම ප්‍රචලිත වූයේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ රජයේ හමුදාවන්ට හමුදා පුහුණුව ලබා දෙන බව කියන රුසියානු නිලධාරීන්ගේ සංවිධානයකි.  Dmitry Sytyy ගේ අතේ පාර්සල් බෝම්බයක් පිපිරුණු බවත්, සිද්ධියෙන් පසු ඔහු රෝහල් ගත කළ බවත්, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් එම සංවිධානය විස්තර කළ බවත් එහි සඳහන් විය.

තානාපති කාර්යාලය පැවසුවේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයෙන් පිටත පිහිටි රාජ්‍ය තාන්ත්‍රිකයාගේ නිවසේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.  Dmitry Sytyy, පිපුරුමෙන් ඇතිවූ කම්පනයෙන් පීඩා විඳි බව පෙනෙන්නට තිබුණද, ජීවිතයට තර්ජනයක් නොවන බවද එම සංවිධානය අනාවරණය කර ඇත.

පසුගිය වසර ගණනාව තිස්සේම මධ්‍යම අප්‍රිකානු ජාතිය ගැටුම් හේතුවෙන් පීඩා විඳිති. මොස්කව් පදනම්ව ක්‍රියාත්මක පුද්ගලික රුසියානු හමුදා උපදේශකයින් එරට ආරක්ෂාව තහවුරු කිරීමට මධ්‍යම අප්‍රිකානු රජයට උදව් කර ඇති බව වාර්තා වේ.
Dmitry Sytyy,පිළිබඳ පුවත් හෙළි කළ ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා වූ නිලධාරීන්ගේ සංගමය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ භට පිරිස් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වේ.

1960 දශකය දක්වා මධ්‍යම අප්‍රිකානු කලාපය පාලනය කළ යටත් විජිත බලය හෙබ වූ ප්‍රංශය, අප්‍රිකාවේ තහවුරු වන රුසියානු මිත්‍රත්වය දැඩි ලෙස විවේචනය කර ඇත. පසුගිය මාසයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මොස්කව් පරිපාලනයට චෝදනා කළේ මහාද්වීපයේ සමහර කොටස්වල “කොල්ලකාරී” අභිලාෂයන් සම්බන්ධව පැරිසිය දිගු කලක් තිස්සේ මූලෝපායික උනන්දුවක් දක්වන ප්‍රදේශයක් ලෙස සැලකූ බවයි.

පසුගිය 15 වනදා ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ක්‍රියාත්මක වූ MISLOG මෙහෙයුමට සම්බන්ධවූ ප්‍රංශ හමුදා ඛන්ඩයන්ගෙන් ඉතිරි සොල්දාදුවන් 130 දෙනා ඉවත් කර ගත් බව වාර්තා කළේය. ඔවුන්ගේ කඳවුර 13 වනදා විධිමත් ලෙස මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ රජයේ පළාත් පාලන ආයතන වෙත භාර දුන් බවද මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More