දේශීය පුවත්

චීන ජනාධිපති ෂී ජින්පිං මතතා රියාද්-ගල්ෆ්-චීන  සමුළුවේදී ප්‍රකාශ කළේ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ “පූර්ණ සාමාජිකත්වය” ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි. එලෙසම බීජිං පරිපාලනය පලස්තීනය සහ ඊශ්‍රායලය රාජ්‍යය දෙකක් ලෙස සලකන අතර නැගෙනහිර ජෙරුසලම 1967 වර්ෂයේ පැවැති දේශසීමා සැලකිල්ලට ගනිමින් පලස්තීන රාජ්‍යය පිහිටුවීමට සහාය දෙන බවද අවධාරණය කළේය.

සෞදි අරාබියේ සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ රියාද්-ගල්ෆ්-චීන සමුළුව ආරම්භ කරමින් දෙසැම්බර් 9 වනදා මෙලෙස අදහස් ප්‍රකාශ කළ චීන ජනාධිපතිවරයා, පලස්තීනයේ භූමි ප්‍රදේශ ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීම සඳහා චීනයේ සහය ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කළේය. ජනාධිපති ෂී ජින්පිං පලස්තීනුවන්ට අත්විඳීමට සිදුවී ඇති “ඓතිහාසික අසාධාරණය” සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව සිටින බවද පැවසුවේය.

“පලස්තීනුවන්ට අත්විඳින ලද ඓතිහාසික අසාධාරණය දිගටම කරගෙන යාමට ඉඩ දිය නොහැකියි” චීන ජනාධිපතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේය.

සිය සංචාරයේ තුන්වන සහ අවසාන දිනයේ දී, චීන ජනාධිපතිවරයා චීන-අරාබි සමුළුව “චීන-අරාබි සබඳතා ඉතිහාසය නිර්වචනය කරන සිදුවීමක්” ලෙස සලකන බව පැවසීය.

දෙරට අතර සබඳතා “සාමය සහ සහජීවනය පිළිබඳ අන්‍යෝන්‍ය උනන්දුව මත පදනම් වේ,” ඔහු පැවසීය.

ඊශ්‍රායල ආක්‍රමණය

1967 මැද පෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර සහ ගාසා තීරය අත්පත් කර ගත්තේය. එය ඊශ්‍රායලයේ “සදාකාලික” අගනුවර ලෙස ප්‍රකාශ කරමින් 1980 දී මුළු නැගෙනහිර ජෙරුසලම නගරයම ඈඳා ගත්තේය. එහෙත් ඊශ්‍රායලයේ එම ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාව විසින් කිසිදා පිළි නොගත් පියවරකි.

2005 දී ඇතිවූ ගැටුම් වලින් ඊශ්‍රායලය ගාසා තීරයෙන් පසුපසට ඇදී ගිය අතර එතැන් සිට වටලනු ලැබූ පලස්තීන අයත් භූමි  ප්‍රදේශය ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් දැඩි ලෙස වට කර ඇත.

පලස්තීනය ඊශ්‍රායලය අල්ලා ගෙන සිටින භූමි ප්‍රදේශ තම රටේ කොටසක් ලෙස සලකයි, නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ හදවත සහ අවසාන අගනුවර වේ.

ජාත්‍යන්තර නීතිය මගින් බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම “අත්හිටු වූ ප්‍රදේශයක්” ලෙස සලකන අතර එම භූමියේ යුදෙව් ජනාවාස ගොඩ නැගීමේ කටයුතු නීති විරෝධී ලෙස සලකයි.

ඊශ්‍රායලයේ අරාබි සහ ඉස්ලාමීය අනන්‍යතාව නැති කර දමා එහි පලස්තීන වැසියන් පලවා හැරීමෙන් ඓතිහාසික නගරය “යුදෙව්කරණය” කිරීමේ ආක්‍රමණශීලී ව්‍යාපාරයක් ඊශ්‍රායලයට ගෙන යන බවට පලස්තීනුවන් චෝදනා කරති.

ඊශ්‍රායල හමුදා ආක්‍රමණය යටතේ ජීවත් වන මිලියන තුනකට ආසන්න පලස්තීනුවන් සමඟ බටහිර ඉවුරේ පිහිටි ඊශ්‍රායල ජනාවාස 130 කට අධික සංඛ්‍යාවක 500,000 කට ආසන්න නීතිවිරෝධී ඊශ්‍රායල පදිංචිකරුවන් ජීවත් වෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More