කටාර්හි පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී ප්‍රංශ ජාතික කණ්ඩායම ආර්ජන්ටිනාව හමුවේ පරාජය වීමත් සමඟ ඊයේ රාත්‍රියේ පැරිස් පොලීසිය සහ පාපන්දු ලෝලීන් අතර දරුණු ගැටුම් ඇතිවූ බව එරටින් ලැබෙන වාර්තා පවසයි. රැඳී සිටි සෙනඟ විසුරුවා හැරීමට කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධ වූ පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.
“එවැනි තත්වයක් තුළ, සටන් කිරීමට පැමිණි අය පමණක් ඉතිරිව සිටිති,” පොලිස් මූලාශ්‍ර උපුටා දක්වනLe Parisien පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය. සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූප සහ වීඩියෝවල දැක්වෙන්නේ කැරලි මර්දන ආම්පන්න පැළඳ සිටින පොලිස් නිලධාරීන් කණ්ඩායම් චැම්ප්ස් එලිසීස් ක්‍රීඩා ලෝලීන්ට පහර දෙමින් ඔවුන් පසුපස හඹා යන ආකාරයයි.
La BRAV dans ses œuvres. Visiblement, personne n’a le droit de rester sur les #ChampsElysées, tout le monde doit quitter les lieux et en courant, sous peine de prendre un coup de bouclier. #WorldCupFinal #ArgentinaVsFrance #FRAARG #WorldCup #Paris #ARGFRA #FIFAWorldCupFinal pic.twitter.com/t7bSJDEJQI
— Thibault Penet (@_Thibault_penet) December 18, 2022
ඇතැම් වීඩියෝවල පාපන්දු රසිකයන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් නිලධාරීන්ට ගිනිකෙළි විසි කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත්, බොහෝ වීඩියෝවල දැක්වෙන්නේ මහජනයා පොලිස් නිලධාරීන් සමඟ ගැටුමට එක් නොවී පලා යන ආකාරයයි.එහෙත් එක් වීඩියෝ පටයක මිනිසෙක් බිම වැතිර සිටින ආකාරය සහ පොලිස් නිලධාරීන් වටකරගෙන සිටින අයුරුද දැකගත හැකි විය. Le Parisien පුවත් වෙබ් අඩවියට අනුව, පොලිසිය බෝතල් සහ ගිනිකෙළි විසි කරමින් සිටි පාපන්දු ලෝලීන් පිරිසකට චෝදනා කළ අතර ඔවුන් ඉක්මනින් විසුරුවා හැරීමට සමත්ව තිබේ.
Les forces de l’ordre chargent de tous les côtés sur l’avenue des Champs-Elysées devenue piétonne exceptionnellement. #ArgentinaVsFrance #coupedumonde2022 pic.twitter.com/G1iITSNazA
— AB7 Média (@Ab7Media) December 18, 2022
තරගය අවසන් වී පැයකට පසු ගිනිකෙළි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දස දෙනෙකු පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ළෙ ඵරිසීන් පුවත් අඩවිය පවසයි. කෙසේ වුඅවද ජීවිත හානි හෝ දේපල හානි සිදුවූ බව වාර්තා වී නැති බවද එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි.
ප්‍රංශ මාධ්‍ය පවසන පරිදි, අවසන් තරඟය ආරම්භයට පෙර පැරීස් නගරයට පමණක් නිලධාරීන් 2,700 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබූ බවද ප්‍රංශ මාධ්‍ය පවසයි. පසුගිය සතියේ මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලෝක කුසලාන අවසන් පූර්ව ජයග්‍රහණයෙන් පසු ප්‍රංශ අගනුවර මෙන්ම අනෙකුත් නගරවල ප්‍රචණ්ඩත්වය පැතිරී ගියේය.
https://twitter.com/i/status/1604578778226753537
එහිදී ප්‍රතිවාදී පාපන්දු ලෝලීන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් දකුණු ප්‍රංශයේ මොන්ට්පෙලියර් නගරයේ පිරිමි ළමයෙකු මිය ගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...