රුසියාව සහ ප්‍රංශය නේටෝ සාමාජිකත්වය දැරීම පිළිබඳ වන ප්‍රංශයේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා විශාල විරෝධතාකරුවන් පිරිසක් 10 වනදා ප්‍රංශයේ අගනුවර ව්න පැරිස් නගරයේ වීදි වලට බැස උද්ඝෝෂණ ලළ බව එරට මධ්‍යය වාර්තා කරයි. මරිනෙ ල පෙන් ගේ ගේ ජාතික රැලියේ හිටපු නියෝජ්‍ය ප්‍රධානී ෆ්ලොරීන් ෆිලිපොට් විසින් නායකත්වය දෙන දක්ෂිනාංශික “ලෙස් පැට්‍රිඔට්ස් ( දේශප්‍රේමීන්)” පක්ෂය විසින් මෙම දැවැන්ත රැලිය සංවිධානය කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර සිටී.
ප්‍රංශය නේටෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බලකරමින් මෙන්ම ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනය කරමින් “සරත් සෘතුවේ සිට ප්‍රතිරෝධය” ලෙස නම් කරන ලද විරෝධතා සංවිධානය කිරීමට ෆිලිපොට් කටයුතු කරමින් සිටියි. ඒ අනුව පැරීසියේ වීදි පුරා “ප්‍රංශය නේටෝවෙන් ඉවත් විය යුතුය”, “මැක්‍රොන්ගේ දෝෂාභියෝගය” සහ “ප්‍රතිරෝධය!” යනුවෙන් සඳහන් බැනර් සහ පුවරු රැගෙන පෙලපාලිකරුවන් සිටිනු දක්නට ලැබිණි. ඔවුන් ප්‍රංශයේ ජාතික ධජය වනමින් “උර්සුලා, නිෂ්ශබ්ද වනු!” යනුවෙන් සටන් පාඨ කියමින් පුවරු ප්‍රදර්ශනය කරමින් යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩෙර් ලෙයන් වෙත විරෝධය පල කරනු දක්නට ලැබුණි.
https://twitter.com/i/status/1604117624585060353
ෆිලිපොට් පෞද්ගලිකවම සහභාගී වූ විරෝධතා වලට ප්‍රංශය පුරා කුඩා ව්‍යාපාර වසා දැමීමට බල කර ඇති ඉහළ බලශක්ති මිල ගණන් විශේෂයෙන් හොඳ උත්තේජනයක් ලබා දෙන බව ප්‍රවෘත්ති ඒජන්සි වෙත අදහස් දක්වමින් පැහැදිලි කළේය. “අපි රුසියානු විරෝධී සම්බාධක නැවැත්විය යුතුය, මන්ද එය සාමයට සේවය නොකරනවා මෙන්ම ප්‍රංශ ජනයා දුක්ඛිත තත්වයට පත් කරනු ලබනවා.” ඔහු පැවසීය.
සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන මධ්‍යම පැරීසියේ වීදි හරහා විශාල ජනකායක් ගමන් කරන ආකාරය පෙන්නුම් කළේය. ප්‍රංශ නිලධාරීන් රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර පෙලපාලිකරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිල ලේඛන කිසිවක් සපයා නැත. ප්‍රංශ මාධ්‍ය බොහෝ දුරට මෙම සිදුවීම නොසලකා හැරියේය. “ලෙස් පෙට්‍රියෝටෙස්” වෙබ් අඩවියට අනුව, පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී එවැනි රැලි පවත්වා තිබුණි.
https://twitter.com/i/status/1604167801824239617
අසල්වැසි බෙල්ජියමද පසුගිය සතියේදි බ්‍රසල්ස් නගරයේදී 16,000 කට අධික ජනතාවක් සහභාගි වූ දැවැන්ත විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබුණි. බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ඉහළ උද්ධමනය සහ ඉහළ යන බලශක්ති මිල හේතුවෙන් පාරිභෝගික භාන්ඩ වල මිල ඉහළ යාම සහ වඩා හොඳ වැටුප් ඉල්ලා 16 වනදා දහස් ගණනක් බෙල්ජියම් අගනුවර වීදි බැස සිටියහ.
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් මොස්කව් වෙත යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක හේතුවෙන් සහ කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ ආර්ථික ආතතිය තවදුරටත් උග්‍රවීමත් සමඟ යුරෝපයේ ගෑස් සහ විදුලි මිල අහස උසට නැඟ ඇති බව වාර්තා වේ.
මොස්කව්හි බලශක්ති ආනයනයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහයන් හේතුවෙන් යුරෝපයට රුසියානු බලශක්ති සැපයුම් තවදුරටත් හීන විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...