ලෝකයේ බලවත් රාජ්‍යවල දේශපාලඥයින් විසින් අධිපති මානසිකත්වයෙන් යුතුව පටවා ඇති ආර්ථිකමය වශයෙන් චීනය මත යැපීම අවම කිරීමේ අදහස භූ දේශපාලනික කුමන්ත්‍රණයක් වන අතර එය ජර්මනියට “ආර්ථික සියදිවි නසාගැනීමක්” වනු ඇතැයි ජර්මානු විශේෂඥවරියක් වන Helga Zepp-LaRouche මැතිණිය පවසයි.
එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම මුග්ධ ක්‍රියාවේ ප්‍රතිවිපාක ලෝක ආර්ථිකයට පවා විඳීමට සිදුවන බව අවධාරණය කළාය.
Xinhua පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ, ජර්මානු විද්වතකු Schiller Institute හි නිර්මාතෘ සහ සභාපතිනිය වන Helga Zepp-LaRouche මැතිණිය මෙලෙස අනතුරු ඇඟවීය. ඇයට අනුව එක්සත් ජනපදයේ පීඩනය යටතේ චීනය මත ජර්මානු ආර්ථිකය යැපීම සීමා කිරීමට ජර්මනිය දරන උත්සාහය රට කැලඹීමකට ඇද දමා ජර්මානු ආර්ථිකය පවා මහා අනතුරකට ඇද දමනු ඇති බවයි.
Helga Zepp-LaRouche මැතිණියගේ අදහසට අනුව ජර්මනිය ආර්ථික වශයෙන් ස්ථාවර වීමට නම් ජර්මන් ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍රවල චීනය සමඟ ඇති සහයෝගීතාව පුළුල් කළ යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...