යුක්රේන හමුදාවේ විනය කඩ කරන සොල්දාදුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කළ යුතු බව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලෙරි සාලුෂ්නි ඊයේ (19) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ජෙනරාල්වරයා ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිටියේ රණ බිමේ ඉදිරි වලල්ලේ සටන් කරන සෙබළුන් පලා යාම හෝ අණ පිළිපැදීම නොකිරිම නිසා ඒ අය රටේ ජනතාවගේ ජීවිත හා යුක්රේනයේ භූමිය අහිමි කරන බව අවධාරණය කළ ඔහු මෙය වැලැක්වීමට නව නීතියක් පනවන ලෙස ඉල්ලා සිටියේය.
සමහර සොල්දාදුවන් දරණ තනතුරු “අනවසරයෙන් අත්හැර දැමීම” නිසා සොල්දාදුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ ජීවිත වලට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර සොල්දාදුවන්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේ චිත්ත ධෛර්යය අඩපණ වී ඇති බව යුක්රේන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලෙරි සාලුෂ්නි ෆේස්බුක් හි පළ කරන ලද වීඩියෝවක් මගින් අවධාරණය කරයි.
“හමුදාව රඳා පවතින්නේ විනය මත. විනය නීති ප්‍රතික්ෂේප කරන අයට ඔවුන්ගේ වැටුපෙන් 10% දක්වා දඩයක් ගෙවා නිදහස් විය හැකි නම් හෝ පරිවාස කාලයක් ලබා ගත හැකි නම් එය නීතියේ අඩුපාඩුවක්,මෙය අසාධාරණයි, ”සාලුෂ්නි තර්ක කළේය. “එපමනක් නොවෙයි, හාමුදාවේ විනය ප්‍රධානතම අංගයයි.යමෙක් තමාට පැවරුණු යුද භූමියේ ප්‍රදේශ ආරක්ෂා කිරීම පැහැර හැරිය හොත් අනෙකුත් හමුදා නිලධාරීන්ට ඔවුන් පලා යාම හේතුවෙන් පෙරමුණේ නිරාවරණය වූ ප්‍රදේශ ආවරණය කිරීමට බල කෙරෙනු ලබනවා. එමඟින් එහි වෙසෙන භට පිරිසට සහ සිවිල් වැසියන්ට සිදුවන හානිය ඉහළ ගොස් භූමි ප්‍රදේශය අහිමි වීමෙන් ඇතිවන පාඩුව වැඩි වීමට හේතු වෙනවා.”
මේ අතර යුක්රේන පාර්ලිමේන්තුව පසුගියදා හමුදා විනය පිළිබඳ නීති සංශෝධන අනුමත කළේය. වීඩියෝ පණිවිඩය මගින් සාලුෂ්නි එම සංශෝධන වලට අත්සන් කරන ලෙස යුක්රේන ජනාධිපති වැලැදිමිර් සෙලෙන්ස්කි ගෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටලුව සඳහා “ක්රමානුකූල විසඳුමක්” අවශ්‍ය බවට ඔහුගේ තක්සේරුව සමඟ අණ දෙන දාමයේ සිටින නිලධාරීන් එකඟ වන බව අවධාරණය කළේය.
යුක්රේන පාර්ලිමේන්තුව සම්මත කළ නව නීතිය මගින් නීත්‍යානුකූල නියෝගයකට අවනත නොවීම සඳහා පැනවිය හැකි උපරිම දඬුවම වැඩි කරනු ඇත.
තනතුරු “අත්තනෝමතිකව ලෙස අත්හැරීමට” හේතු වූ “ගැටළු” ඇති බව සාලුෂ්නි පිළිගත්තේය, නමුත් ඔහු ඒවා නිරාකරණය කිරීමට කටයුතු කරන බවත් ඔහුගේ යටත් නිලධාරීන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති බවත් පැවසීය. මෙම විෂය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ යුද ප්රයත්නයට හානියක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
ජෙනරාල්වරයා නිල වශයෙන් ඔහුගේ පණිවිඩය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි වෙත යොමු කර ඇති අතර, සැබෑ ප්‍රේක්ෂකයින් ඔහුගේ හමුදාවන් බව ඔහු පවසා තිබේ. වත්මන් සටන්වලදී දරුණු හානි පිළිබඳ වාර්තාවන තත්වයක් මධ්‍යයේ, කෝපාවිෂ්ට සේවා සාමාජිකයින් – බොහෝ විට රට පුරා අඩක් යොදවා ඇති ප්‍රාදේශීය මිලීෂියා හමුදා සාමාජිකයින් – ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් විවේචනය කරමින් පෙරමුනේ කොන්දේසිවලට විරෝධය පළ කරන ආකාරය සමාජ මාධ්‍ය “පෝස්ට්” මගින් තහවුරු කර තිබේ. සොල්දාදුවන් ඔවුන් මැරීමට අතහැර දැමූ ස්ථානවලින් ඔවුන් පසුබසින බව එම “පෝස්ට්” මගින් ප්‍රකාශ කරයි.
පසුගිය වසන්ත හා ගිම්හාන සෘතුවලදී සොල්දාදුවන් අතර කැලැඹීමක් ඇතිවූ අතර, පැන ගිය අයට මරණ දණ්ඩනය පැනවීමට පාර්ලිමේන්තුව යෝජනා කළේය. මහජන විරෝධයෙන් පසුව එම පනත මැයි 24 දින ඉල්ලා අස්කර ගන්නා ලදී. කියෙව් පාලනය 2014 දී හමුදා විනය නීති සංශෝධනය කර ඇති අතර, අණට අකීකරු වන හෝ තම තනතුර අතහැර යාමට උත්සාහ කරන සොල්දාදුවන්ට ශාරීරිකව පහර දීමට හෝ වෙනත් ආකාරයකින් දඬුවම් කිරීමට නිලධාරීන්ට බලය පවරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...