ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කලාපයේ පැන නැගී ඇති ආතතීන් උත්සන්න කිරීමට බීජිං පාලනය ගනු ලබන උත්සහායට “පීඩනයක්” ඇති කිරීමේ උත්සාහයක් ලෙස තම රට චීන දේශසීමාවේ වාර්තාගත හමුදා භට පිරිසක් යොදවා ඇති බවය. 2020 වර්ෂයේ සිට මතභේදයට තුඩු දී ඇති දේශසීමාවේ චීනය සිය පැවැත්ම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඔහු සිය නිවේදනය මගින් තහවුරු කර තිබේ.
වසර දෙකකට ආසන්න කාලයක් තුළ න්‍යෂ්ටික අවි සහිත ආසියානු රාජ්‍යයන් දෙක අතර ඇති වූ පළමු ගැටුම සනිටුහන් කරමින් පසුගිය දෙසැම්බර් 9 වන දින ඊසාන දිග ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයේ දී චීන සහ ඉන්දීය හමුදා ගැටුමක් ඇති විය.ගැටුමෙන් සෙබළුන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදු වූ අතර දෙපාර්ශ්වයම වහාම ඉවත් වීම හේතුවෙන් මෙම ගුටිබැට හුවමාරුව වැඩි වේලාවක් පැවතියේ නැත.
මතභේදයට තුඩු දී ඇති හිමාලයානු දේශසීමාව තරණය කිරීමට උත්සාහ කළ චීන හමුදා විසින් සටන අවුලුවාලූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටි අතර, කලාපයේ පවතින තත්ත්වය “ඒකපාර්ශ්විකව” වෙනස් කිරීමට බීජිං පාලනය උත්සාහ කරන බවට වැඩිදුරටත් චෝදනා කළේය.
මෙම සිද්ධියෙන් පසුව, ඉන්දියාවේ විරුද්ධ පක්ෂය වන ජාතික කොංග්‍රස් පක්ෂය, චීනයෙන් එල්ල වන තර්ජනයට වත්මන් ඉන්දීය රජය “උදාසීන” ලෙස ක්‍රියා කරන බව රජයට චෝදනා කළ අතර දේශසීමා තත්ත්වය වහාම සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය.
එම චෝදනාවට පිළිතුරු දෙමින් චීන විදේශ ඇමති ජයිශංකර් පවසා සිටියේ “අපි චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උදාසීන නම්, ඉන්දීය හමුදාව දේශ සීමාවට යැව්වේ කවුද? අපි චීනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් උදාසීන වූවා නම්, අද අපි චීනයට ගැටුම් වලට නොඑන ලෙස සහ භට පිරිස් ආපසු කැඳවන ලෙස බලපෑම් කරන්නේ ඇයි? චීනයේ හැසිරීම සම්බන්ධයෙන් අපගේ මැදිහත්වීම සාමාන්‍ය නැහැ කියා අපි ප්‍රසිද්ධියේ කියන්නේ ඇයි?” යනුවෙනි.
මේ අතර, බීජිං පාලනය නව දිල්ලියෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි පෙළේ ඉන්දීය හමුදා දැඩි ලෙස පාලනය කර රඳවා තබා ගන්නා ලෙසයි. එලෙසම බීජිං පාලනය දේශසීමාවේ සාමය සහ සන්සුන් භාවය පවත්වා ගැනීම සඳහා සයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත.
මීට පෙර, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කර තිබුනේ, චීන-ඉන්දියා දේශසීමා ප්‍රදේශය “සාමාන්‍යයෙන් ස්ථාවර” බවත්, දෙපාර්ශ්වයම දේශසීමා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් සංවාදයක් පවත්වා ගෙන යන බවත්ය.
කිලෝමීටර් 3500කට ආසන්න හිමාලයානු දේශසීමාව දිගු කලක් තිස්සේ ආසියානු රාජ්‍යයන් දෙක අතර මතභේදයට තුඩු දුන් කරුණකි. 1962 දී චීනය සහ ඉන්දියාව, බීජිං පාලනය තම භූමියේ කොටසක් ලෙස සලකන ටිබෙටයේ අයිතිය වෙනුවෙන් පූර්ණ පරිමාණ යුද්ධයකට අවතීර්ණ වූයේය. 2020 දී ඉන්දියාව තමන් හිමිකම් කියන භූමියේ මාර්ගයක් ඉදිකිරීමට චීනය විරුද්ධ වීමෙන් පසුව මායිම් රීඛාව දිගේ නිරායුද සටන් වල නියැලුණි. ඉන්දියාව ප්‍රකාශ කළේ ගැටුමේදී තමන්ට හමුදා භටයන් 20ක් පමණ අහිමි බවයි. එහෙත් චීනය ප්‍රකාශ කළේ තමන්ට සෙබළුන් හතර දෙනෙකු පමණක් අහිමි වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...