දේශීය පුවත්

ඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලට රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගෙන ඇති බව ද බවත්, ප්‍රධාන භූමිකම්පාව හටගෙන ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරින් බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

භූමි කම්පාව හේතුවෙන් දැනට පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති බවද, තුවාල ලැබූ ගණන 11 ක් වන බවද වාර්තා වන අතර, එම මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ හම්බෝල්ට් ප්‍රාන්තයෙනි.

නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවී ඇති බවත්, 70,000 කට අධික පිරිසක් විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු අඩපණ වී ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More