දේශීය පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරධනයෙන් චීනයේ බීජිං නුවරට පැමිණි එක්සත් රුසියානු පක්ෂයේ සභාපති දිමිත්‍රි මෙද්වදෙව් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් මෙන්ම මහජන චීන සමූහ ආණ්ඩුවේ ජනාධිපති ක්ෂී ජින්පින්ග් මහතා අද (21) දින හමුවූ බව චීන මාධ්‍ය වාර්තා කර සිටී.

එහිදී චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ කාරුණික ආචාරය සහ සුභ පැතුම් පිරිනමන ලෙස මෙද්වදෙව්ගෙන් ඉල්ලා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ක්ෂී ජින්පින් මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සමුළුවේදී සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ කේන්ද්‍රීය කර්තව්‍යයන් ඉදිරිපත් කර ඇති බවත් නවීකරණය වෙත පිය මැනීමට චීනය තෝරාගත් මාවතේ යමින් චීන ජාතියේ පුනර්ජීවනය සෑම අතින්ම ඉදිරියට ගෙන යන බවත් අවධාරණය කළේය.

නවීකරණය සඳහා චීනය තෝරාගත් මාවත ඔස්සේ යමින් සමස්ථ ලෝකයට සාමය සහ සමෘද්ධිය අත්පත් කර ගැනීමට වැඩි අවස්ථාවන් ලබා දීමට චීනයට පූර්ණ විශ්වාසයක් ඇති බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දිගුකාලීනව චීන කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් රුසියා පක්ෂය අතර ඇති දැඩි විශ්වාසය දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ උපායමාර්ගික සම්බන්ධීකරණය ප්‍රදර්ශනය කිරීමට අද්විතීය නාලිකාවක් සහ වේදිකාවක් බවට පත්ව ඇති බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර වර්ධනයට මෙම තත්වය නව යුගයට සහාය වන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවය අතර පවතනා වත්මන් අවබෝධතාවය තුන්වන දශකයට පිවිස ඇති බව සඳහන් කළ ක්ෂී ජින්පින් , දෙපාර්ශවය පාලන අත්දැකීම්, සංවර්ධන උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සහ දේශපාලන පක්ෂ අතර ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයන් දිගටම කරගෙන යන බව පෙන්වා දුන්නේය. පාලක පක්ෂ ගොඩනැගීමේදී ඔවුන්ට එකිනෙකාගෙන් ඉගෙන ගත හැකි බවත්, චීන-රුසියා විස්තීර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණය වාඩාත් දැඩි කිරීමට දෙරටේම නායකයන්ගේ ප්‍රඥාව සහ ශක්තිය දායක විය හැකි බවත් ක්ෂී ජින්පින් පැවසීය.

පසුගිය දශකය තුළ, චීන-රුසියා සබඳතා ජාත්‍යන්තරව සිදුවූ වෙනස්කම්වල පරීක්ෂණයට ඔරොත්තු දී ඇති අතර එම ශක්තිමත්, ස්ථාවර සහ ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගිය බව ක්ෂී ජින්පින් සඳහන් කළේය. නව යුගයක් සඳහා සම්බන්ධීකරණය, චීන-රුසියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් වර්ධනය කිරීම දෙපාර්ශවයේම ජාතික තත්ත්වයන් මත පදනම්ව දිගුකාලීන උපායමාර්ගික තේරීමක් බව ඔහු පැවසීය.

නව යුගයේ දී චීන-රුසියා සබඳතා ඉදිරියට ගෙන යාමට සහ ගෝලීය පාලනය වඩාත් සාධාරණීකරණය කිරීමට රුසියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, චීනය සිය ස්ථාවරය සහ ප්‍රතිපත්ති තීරණය කරන්නේ ප්‍රස්තුත කාරණයේ කුසලතාවයන් මත පදනම්ව, වාස්තවික තත්වය සහ සාධාරණත්වය තහවුරු කරමින් බව පැවසූ චීන ජනාධිපතිවරයා රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන බවද අවධාරණය කළේය. ගැටුමට මැදි වී සිටින පාර්ශ්ව තාර්කිකව සහ සංයමයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, පුළුල් සංවාදයක් සිදු කරනු ඇතැයි ද, දේශපාලන ක්‍රම මගින් ඒකාබද්ධ ආරක්ෂක ගැටළු විසඳීමට සහයෝගය දීමට බලාපොරොත්තු වන බවත් චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙද්වදෙව් , චීන ජනාධිපතිවරයා වෙත රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින්ගේ සුභ පැතුම් අඩංගු ලිපියක් භාර දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ක්ෂී ජින්පින් නැවත තේරී පත්වීම සහ  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි කොංග්‍රසයේ ප්‍රතිඵල පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයාගේ උණුසුම් සුබපැතුම් පිරිනමා තිබුණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනයේ දැවැන්ත සංවර්ධනය බිලියන 1.4 චීන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අතර එය ලෝකයේ සෙසු රටවලට ඉතා වැදගත් වන බව මෙද්වදෙව්  සඳහන් කළේය.චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි  ජාතික කොංග්‍රසය විසින් ගනු ලබන තීරණ සහ විධිවිධාන ඵලදායි ලෙස ක්‍රියාවට නංවනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙද්වදෙව්  විශ්වාසය පල කළේය.

එක්සත් රුසියා පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සහයෝගීතාවය රුසියානු-චීන සබඳතාවල වැදගත් අංගයක් බව මෙද්වදෙව්  පැවසීය. මෑත වසරවලදී දෙපාර්ශවය අතර සබඳතා ඉහළ මට්ටමේ වර්ධනයක් පවත්වා ගෙන ගිය බවත්, දෙපාර්ශවය පුළුල් හුවමාරු කරගැනීම් සහ සහයෝගීතාවයන් පැවැත්වූ බවත් ඔහු පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ජාතික පාලන අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය නායකයන් දෙදෙනා අතර එකඟතාව ක්‍රියාත්මක කිරීමටත් එක්සත් රුසියානු පක්ෂය කැමැත්තෙන් සිටින බව පවසන මෙද්වදෙව් , එමගින් ආර්ථිකය, වෙළඳ, බලශක්ති සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන බව පැවසීය. විවිධ බාහිර බලපෑම් සහ අසාධාරණ ක්‍රියාමාර්ග වලකා ලීමට රුසියානු-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැඩි දියුණුවක් ප්‍රවර්ධනය කිරීමට මෙමගින් හැකි බවද මෙද්වදෙව්  පෙන්වා දුන්නේය .

මෙද්වදෙව් මහතා යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම අර්බූදයට ඉතා සංකීර්ණ හේතු පවතින බවයි.  සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට රුසියාව කැමැත්තෙන් සිටින බව මෙද්වදෙව් මහතා දැඩිව අවධාරණය කළේය.

දෙපාර්ශවය පොදු අවධානයට ලක්විය යුතු අනෙකුත් ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ද මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගත්හ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Xi meets United Russia party chairman Medvedev



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More