දේශීය පුවත්

චීනයේ කොරෝනා වෛරස ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක ඉන්දියාව එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ යළිත් මුහුණු ආවරණ පැළඳීම වැනි සුදුසු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසය.

මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණද යළි වේගවත් කර ඇති බව වාර්තා වේ. එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනමින් එන්නත් සහ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස ය.

පසුගිය මාස කිහිපය තුළ, චීනයේ රෝගීන් වැඩිවීමට හේතු වූ ඔමික්‍රොන් උපප්‍රභේදයක් වන BF.7 ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් හතර දෙනෙකු ඉන්දියාවෙන් හමු වී ඇති බවද සදහන් ය. එහෙයින් අසල්වැසි චීනයේ ඉහළ යන ආසාදිතයින් නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ඉන්දියාවට සිදු වී තිබේ.

ජූලි, සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල ගුජරාට් ප්‍රාන්තයෙන් රෝගීන් තිදෙනෙකු සහ ඔඩීෂා ප්‍රාන්තයෙන් එක් රෝගියෙකු ලෙස එම රෝගීන් හඳුනා ගැනුණු බවත්, ඔවුන් මේ වනවිට සුවය ලබා තිබුණ ද චීනයේ ඉහළ යන ආසාදිතයින් ගණන හමුවේ ඉන්දීය ජනතාව බියට පත් වී අති බවත් වාර්තා වේ.

මේ අතර, චීනයේ හටගෙන ඇති කොරෝනා නව රැල්ලත් සමග එරට රෝහල් රෝගීන්ගෙන් පිරී යන බව පෙනෙන්නේට ඇති බවද, රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු යැයි චීන බලධාරීන් පැවසුව ද එරට දැඩි සත්කාර ඒකක කාර්යබහුල වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් ප්‍රකාශ කර තිබේ.

චීන සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ දිනයේ කිසිවෙකුත් කොවිඩ්වලින් මිය ගොස් නැතත් රෝගයේ සැබෑ බලපෑම පිළිබඳව සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

2020 වසරේ සිට, චීනය සිය ‘Zero Covid’ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමා පැනවීමට කටයුතු කළ ද එම දැඩි සීමා කිරීම්වලට එරෙහිව පැවති විරෝධතාවලින් පසුව චීන රජය සති දෙකකට පෙර එම රීති බොහොමයක් ඉවත් කිරීමට කටයුතු කළේය.

මේ හේතුවෙන් අද වනවිට චීනයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන් අතර ඉහළ මරණ අනුපාතයක් පිළිබඳව දැඩි බියක් ද හටගෙන ඇති බව සදහන් ය.

කෙසේ වෙතත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් තිබුණ ද චීනයේ නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ කොවිඩ්වලින් මිය යන සංඛ්‍යාව රෝගීන්ට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More