“චීන තර්ජනය” නම් උදෘත පාඨය වොෂින්ටන් පරිපාලනය හිතාමතාම තම මිලිටරි වියදම් ඉහළ නැංවීමට නිදහසට කරුණක් ලෙස ඉහලට ඔසවා තබමින් ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයක් දරණ බව, ජනාධිපති ජෝ බයිඩෙන් 2023 එක්සත් ජනපද ජාතික ආරක්ෂක අධිකාරි පනත බලාත්මක කරමින් අත්සන් කිරීමෙන් පසු, ප්‍රකාශයක් නිකුත් කරමින් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ පැවසුවේය.
“එක්සත් ජනපදය ජාත්‍යන්තර සාම ක්‍රියාදාමයට සෘජු තර්ජනයක් වන අතර කලාපීය වශයෙන් සිදුවන කැළඹිලිවල වැරදිකරුවා බවට එක් වරකට වඩා ඔප්පු කිරීමට තරම් කරුණු කාරණා අනාවරණය වී ඇත,” චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් ටැන් කෙෆී චීන ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයට අත්සන් තබමින් පවසයි.
එම ප්‍රකාශය මගින් තවදුරටත් පවසා සිටින්නේ, තමන්ගේම අවශ්‍යතා සඳහා, එක්සත් ජනපදය අවස්ථා කිහිපයකදීම “එක්කෝ වෙනත් රටවලට එරෙහිව යුද්ධ කර හෝ ගැටුම් නිර්මානය කර දැවැන්ත ජීවිත හානි සහ අහිංසක සිවිල් වැසියන් අවතැන් කර ඇති” බවයි.
2023 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 858 ක එක්සත් ජනපද මිලිටරි අයවැයෙන් ඩොලර් බිලියන 10 ක ආරක්ෂක ආධාර මෙන්ම තායිවානය සඳහා වේගවත් ආයුධ ප්‍රසම්පාදනය සඳහා අවසර ලබා දී ඇත.මෙම ක්‍රියාව චීන-එක්සත් ජනපද මිලිටරි ගැටුමේ අවදානම ඉහළ නංවමින් “තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය බරපතල ලෙස අනතුරේ හෙළන ප්රකෝපකාරී පියවර මාලාවක තවත් එකකි.
චීන ජාතිය යලි ඒකාබද්ධ කිරීම සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බවට චීන මහජන විමුක්ති හමුදාව තවදුරටත් සපථ කර සිටින තත්වයක් තුළ “චීනයේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන්ට ගරු කිරීම” හැර වොෂින්ටනයට වෙනත් විකල්පයක් නොමැති බවට කර්නල් ටැන් කෙෆී සිය ප්‍රකාශය මගින් තවදුරටත් අනතුරු අඟවයි
තායිවාන් දූපත 1949 සිට ස්වයං පාලනයක් ඇති නමුත් කිසි විටෙකත් බීජිං වෙතින් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කර නැත. චීනය එය සිය එක්-චීන භූමියේ කොටසක් ලෙස සලකයි. අගෝස්තු මාසයේදී එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කළ දා සිට බීජිං සහ තායිපේ අතර ඇති රාජ්‍යතාන්ත්‍රික ආතතීන් ඉහළ මට්ටමක පත්වී ඇති බවද වාර්තා වේ.
වොෂින්ටන් පරිපාලනය බීජිං පරිපාලනය සමඟ ක්‍රීඩා කරන “ඒකපාර්ශ්වික හිරිහැර කිරීමේ පැරණි උපක්‍රමය” අත්හැරිය යුතු බව චීන විදේශ ඇමති වැන්ග් යී මේ සතිය මුලදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේය. එහිදී චීන විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ “එම ක්‍රියාව අතීතයේ දී චීනය සම්බන්ධයෙන් ඵලදායි වූවේ නැතුවා මෙන්ම, අනාගතයේදී එය ඵලදායි නොවනු ඇත.” යනුවෙන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...