දේශීය පුවත්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සිරදඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇති බව වාර්තා වේ.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වරදකරු වීමෙන් පසු එම තීන්දුව ලබාදී තිබේ.

2019 වසරේදීත් රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ වරදකරු වූ යමීන් ට වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරුණු අතර, 2020 වසරේදී නිවාස අඩස්සියට පත් ඔහු ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවය.

කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.



One thought on “මාලදිවයිනේ හිටපු ජනාධිපතිට සිරදඬුවම්”

  1. මාල දිවයිනේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More