දේශීය පුවත්

සියලුම සමාජ මාධ්‍ය භාවිත වේදිකාවන් වාරණයට එක්සත් ජනපද රජය සමඟ කටයුතු කරන බව ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් අඟහරුවාදා ප්‍රකාශ කළේය.  ට්විටර් ආයතනය මිලදී ගැනීමෙන් පසු මස්ක් විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛන මගින් පෙන්නුම් කළේ මැතිවරණ, යුක්රේනය සහ කොවිඩ් -19 පිළිබඳ තොරතුරු යටපත් කිරීමට අවශ්‍ය වේදිකාව සැකසීමේදී එෆ් බී අයි, සී අයි ඒ සහ පෙන්ටගනය මෙන්ම අනෙකුත් අමෙරිකානු රාජ්‍යය ආයතන සමඟ හවුල්ව ක්‍රියා කර ඇති බවයි.

“සෑම සමාජ මාධ්‍ය ආයතනයක්ම දැඩි වාරණයක නියැලී සිටින අතර, අමෙරිකානු රජයේ සැලකිය යුතු මැදිහත්වීමක් සහ ඇතැම් විට,අමෙරිකානු රජයේ පැහැදිලි මඟ පෙන්වීමක් කරනු ඇත,” යනුවෙන් මස්ක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. “උදාහරණයක් ලෙස ගූගල් නිතර නිතර සමහර සබැඳියාවන් අතුරුදහන් කරයි.” යනුවෙන් ඔහු තහවුරු කරයි.

මාධ්‍යවේදී මැරි ටිබ්බි විසින් ඔහුගේ අනුමැතිය ඇතිව ප්‍රකාශයට පත් කරන ලද අභ්‍යන්තර ට්විටර් සන්නිවේදනයන් සම්බන්ධයෙන් මස්ක් අදහස් දක්වමින් පවසා සිටියේ, ට්විටර් සන්නිවේදන වේදිකාවේ ජ්‍යෙෂ්ඨ විධායකයින් එෆ් බී අයි සහ සී අයි ඒ සාමාජිකයින් සමඟ නිතිපතා රැස්වීම් පැවැත්විය යුතු බවට යෝජනා කළ අතර, එම ආයතන විසින් අත්හිටුවිය යුතු “ගැටළු සහිත ගිණුම් සිය ගණනක” විස්තර ලැයිස්තුවක් 2020 මැතිවරණයට පෙර ඔවුන්ට ලබා දෙන ලදී.

ට්විටර් වලට අමතරව, ආන්ඩුව “සෑම ප්‍රධාන තාක්‍ෂණ සමාගමක් සමගම පාහේ” සම්බන්ධ වී සිටි බව ටිබ්බි කියා සිටියේය. “මේවාට ෆේස් බුක්, මයික්‍රොසොෆ්ට්, වෙරිසෝන්, රෙඩිට්, පින්ටෙරෙස්ට් පවා ඇතුළත් විය.” සීඅයිඒ නියෝජිතයන් “සෑම විටම පාහේ” එෆ් බී අයි හි විදේශ බලපෑම් කාර්ය සාධක බළකාය සමඟ මෙම සමාගම්වල ඉහල පෙලේ නියෝජිතයන් රැස්වීම්වලට සහභාගි වූ බව ටිබ්බි කියා සිටියේය. විදේශ රාජ්‍යයන් විසින් චෝදනා කරන ලද මැතිවරණ බ්ලපෑම් වලට එරෙහිව සටන් කිරීමට මෙම කාර්ය සාධක බලකාය කැඳවනු ලැබුවද, එය “දේශීය ඉල්ලීම් දහස් ගණනක් අඩංගුව ” තිබුණු බව ඔහු අනාවරණය කළේය.

මිසූරි සහ ලුසියානා ප්‍රාන්තයන්හි නීතිපතිවරයා විසින් මෙම වසර මුලදී ගොනු කරන ලද නඩුවක් මගින් චෝදනා කරන්නේ කුමන ආඛ්‍යාන සහ පරිශීලකයින් වාරණය කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා 2020 දී ට්විටර්, ෆේස්බුක් සහ අනෙකුත් දැවැන්ත තාක්ෂණික සමාගම්වල නියෝජිතයින් 12 කට නොඅඩු ගණනක් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සතිපතා හමුවූ බවයි. එහිදී ඔවුහු චෝදනා එල්ල වූ මැතිවරණ මැදිහත්වීමේ සිට කොවිඩ්-19 දක්වා වූ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට බඳුන් කර තිබූ බව අනාවරණය විය.

එලන් මස්ක් ඔක්තෝබර් මාසයේදී ට්විටර් ආයතනය ඩොලර් බිලියන 44 කට මිලදී ගත්තේය. එදින සිට එතෙක් ට්විටර් සමාගම ක්‍රියාත්මක කරන ලද වාරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ලේඛන කාණ්ඩ නිකුත් කර ඇත. ස්වාධීන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද, ට්විටර් සමාගම විසින් ජෝ බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරයට හානි කරන තොරතුරු යටපත් කළ ආකාරය, ඒජන්සියට සැඟවීමට අවශ්‍ය අන්තර්ගතය ඉවත් කිරීමට එෆ් බී අයි සමඟ හවුල් වූ ආකාරය, එක්සත් ජනපද හමුදාවේ “ඔන් ලයින්” බලපෑම් ව්‍යාපාරවලට සහය වූ සහ “යුක්රේන විරෝධී ආඛ්‍යාන” වාරණය කළ ආකාරය පෙන්නුම් කර ඇත.

එෆ්බීඅයි ආයතනය පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේ එහි නියෝජිතයන් සහ ට්විටර් කාර්ය මණ්ඩලය අතර ලිපි හුවමාරුව “අපගේ සම්ප්‍රදාය තුළ පවතින දීර්ඝකාලීන සහ අඛණ්ඩව පවතින ෆෙඩරල් රජයේ සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම් පිළිබඳ උදාහරණවලට වඩා වැඩි යමක් නොපෙන්වයි” යනුවෙනි.

කෙසේ වුවද ජෝ බයිඩන්ගේ 2020 මැතිවරණ ව්‍යාපාරයට හානිදායක තොරතුරු වාරණය කිරීමට එෆ්බීඅයි ආයතනය ට්විටර් වෙත යොමු කළ බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More