දේශීය පුවත්

තායිපේ ආණ්ඩුව සිය පුරවැසියන් සඳහා අනිවාර්ය හමුදා සේවය මාස හතරේ සිට වසරක් දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(29) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි ලෙස විවේචනය කළේය. මෙම පියවර තායිවානයේ “බෙදුම්වාදී” අභිලාෂයන් පෝෂණය කිරීම සඳහා තායිවාන පුරවැසියා “කාලතුවක්කු උඬ” ලෙස භාවිතා කිරීමට පමණක් හේතු වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය.

“ජාතිය යළි එක්වීම සාක්ෂාත් කර ගැනීමේ මහඟු කර්තව්‍යය සඳහා අරගල කිරීම මැනිය නොහැකි තරම් වටිනාකමක් ඇති කර්තව්‍යක්. තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා මිය යාම සම්පූර්ණයෙන්ම වැදගැම්මකට නැති නිෂ්ඵල ක්‍රියාවක්” වැන්ග් වෙන්බින් මහතා තායිපේගේ පරිපාලනයේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.

“තායිවාන ජාතිකයන් ඉතා ප්‍රතිපත්තිගරුක වන අතර, ඔවුන් තායිවාන ස්වාධීන බෙදුම්වාදී බලවේග විසින් කාලතුවක්කු උන්ඩ ලෙස නොතබනු ඇතැයි බීජිනය විශ්වාස කරන බව වැන්ග් වෙන්බින් මහතා පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More