ක්‍රීඩා පුවත්

ලොව මෙතෙක් බිහිවු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ‘එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ‘ හෙවත් ‘පේලේ‘ මිය ගිය බව වාර්තා වේ.

82 හැවිරිදි වියෙහි පසුවු පේලේ, බ්‍රසීල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව සදහන් ය.

වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

15 හැවිරිදි වියේ දී බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් පේලේ ජාත්‍යන්තර තරග බිමට අවතීරණ වූ අතර, ඉන්පසුව ඔහුගේ මුල් නම වූ එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ වෙනුවට ඔහු ලොව ප්‍රකට වුයේ පේ‍ලේ නම් අන්වර්ථ නාමයෙනි.

1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වු පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි.

ඊට අමතරව ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More