දේශීය පුවත්

රුසියානු බොරතෙල් අපනයන සීමා කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ යාම වැළැක්වීමට බටහිර රටවල් දරන උත්සාහයන් අසාර්ථක වී ඇති බව ප්‍රමුඛ තෙල් ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම ලෝක බැංකුවේ බලශක්ති උපදේශක මම්ඩොඋහ් සලාමේ මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සලාමේට අනුව, ප්‍රධාන තෙල් නිපදවන රටවල් කිසිවක් තම බොරතෙල් වෙළඳපල සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මිලකට විකිණීමට එකඟ නොවනු ඇත. එය බටහිර රටවලට තෙල් සැපයුම අඩු මිලට ලැබීමට ඇති ඉඩකඩ අහිමි කරනු ඇත.

“රුසියානු තෙල් ආනයනයේදී පනවා ඇති බටහිර මිල සීමාව දැනටමත් අසාර්ථක වී ඇති අතර එම සීමාව ඉතාම නුදුරු අනගතයේදී අපද්‍රව්‍ය බඳුනකට දමනු ඇත. වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 85 ට වඩා වැඩි වූ විට ඔපෙක් රටවල් හෝ රුසියාව ඔවුන්ගේ තෙල් බැරලයක් ඩොලර් 60 ට විකිණීමට එකඟ නොවනු ඇත. විකුණුම්කරුවන්ට තම තෙල් සඳහා ගැනුම්කරුවන් පහසුවෙන් සොයා ගත හැකි නමුත් බටහිර රටවලට එය කළ නොහැකි අතර තෙල් නොමැති වීම  හේතුවෙන්  ඔවුන්ගේ ආර්ථිකය නතර වනු ඇත. ඒ අනුව ඔවුන් අන්තිම පරාජිතයන් බවට පත් වනු ඇත.” සලාමේ අවධාරණය කළේය.

සලාමේට අනුව, බටහිර රටවල් ගෝලීය තෙල් මිල පහත හෙලීමේ අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවට,පැනවූ සීමා යාන්ත්‍රණය ඔවුන්ගේ ආර්ථික අර්බූදය වර්ධනය වීමට පොළඹවා ඇත.

“මා ඉදිරිපත් කරන කරුණු වලට සාක්‍ෂිය නම්, දෙසැම්බර් 5 වන දින බටහිර රටවල් මිළ සීමාව ක්‍රියාත්මක කරන විට, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 73 ක් වූ නමුත් එතැන් සිට අද වන විට එය ඩොලර් 85.43 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 17% ක මිල ඉහළ යාමකි.” ඔහු පැවසීය.

වැඩිදුරටත් කරුණු දක්වමින් සලාමේ අවධාරණය කළේ රුසියාවේ ආර්ථිකයට බටහිර රටවල් පැනවූ මිළ සීමාව බලපානු ඇතැයි සිතිය නොහැකි බවයි.

“රුසියාව පරදින්නේ නැහැ. චීනය, ඉන්දියාව, ආසියාතික රටවල් වැනි එහි ප්‍රධාන ගැනුම්කරුවන් දැනටමත් බටහිර මිල සීමාව නොතකා රුසියානු බොරතෙල් අඛණ්ඩව මිල දී ගනිමින් සිටිනවා පමණක් නොවෙයි මිලදී ගන්නා ප්‍රමානයද ඉහළ නංවා තිබෙනවා. අද දින බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිල වන ඩොලර් 85.43 ට රුසියාව දිනකට බොරතෙල් බැරල් මිලියන 6ක් අලෙවි කළත් ඩොලර් 73කට දිනකට බැරල් මිලියන 7ක් අලෙවි කරනවාට වඩා වැඩි ආදායමක් ලැබේ. එබැවින් රුසියාවේ අයවැයට එක සතයක්වත් අහිමි වන්නේ නැත. ඊට පටහැනිව ,රුසියානු ආදායමේ අතිරික්තය පුලුල් වීම පමණක් සිදුවනු ඇත.” සලාමේ පැවසීය.

රුසියානු මුහුදු තෙල් අපනයනය සඳහා මිල සීමාව දෙසැම්බර් 5 වන දින යුරෝපා සංගමය, ජී7 රටවල් සහ ඕස්ට්‍රේලියාව විසින් හඳුන්වා දෙන ලදී. ඔවුන් නියම කරන ලද මිලට වඩා අඩු මිලකට භාණ්ඩ මිලදී ගන්නේ නම් මිස රුසියානු තෙල් ප්‍රවාහනය කරන යාත්‍රා සඳහා රක්ෂණ සහ වෙනත් සේවාවන් සැපයීම බටහිර සමාගම් විසින් තහනම් කරණු ලැබේ.

බටහිර රටවල් ගනු ලැබූ මෙම පියවරට ප්‍රතිචාර වශයෙන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු බොර තෙල් මිළදී ගැනීමට අත්සන් කළ කොන්ත්‍රාත්තුවේ මිල සීමාව සෘජුව හෝ වක්‍රව සඳහන් කරන රටවලට රුසියානු තෙල් සහ තෙල් නිෂ්පාදන බෙදා හැරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More