දේශීය පුවත්

අන්ත දක්ෂිණාංශික හා කාන්තා විරෝධී මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ඩෲ ටේට් යනු කලක් බොක්සිං ක්‍රීඩකයකු ලෙසත්, රූපවාහිනී නිවේදකයකු ලෙසත් කටයුතු කළ පුද්ගලයකු වන අතර ස්ත්‍රීන් සම්බන්ධ ඔහුගේ වෛරී ප්‍රකාශ හා ක්‍රියාකාරකම් නිසා සියලුම සමාජ මාධ්‍ය වේදිකා ඔහුට තහනම් කෙරිණි. කෙසේ වෙතත්, එලොන් මස්ක්ගේ ට්විටර් පවරා ගැනීමෙන් පසු නොවැම්බර් මාසයේදී ඔහු සිය ට්විටර් ගිණුම නැවත ලබා ගෙන ඇති බවත් පැවසේ.

දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් හා ඇන්ඩෲ ටේට් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවක් අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇති බව සදහන් ය.

ඇන්ඩෲ ටේට් සහ ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බවයි රුමේනියා පොලීසය ප්‍රකාශ කර ඇත්තේ.

කාන්තාවන් දූෂණය කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධාත්මක අපරාධ සිදුකිරීම මෙන්ම කාන්තාවන් යොදවා කාමුක වීඩියෝ පට නිපදවීම ඇතුළු චෝදනා රැසක් ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සොයුරාට එල්ලවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More