දේශීය පුවත්

අමෙරිකාව තුල වැඩෙන අවපාත බිය මධ්‍යයේ 2008 මූල්‍ය අර්බුදයෙන් පසු අමෙරිකානු කොටස් වෙලඳපොල සඳහා නරකම වසර 2022 විය. අමෙරිකානු කොටස් වෙළෙඳපොල ආයෝජකයින් ඔවුන්ගේ අවසාන කොටස් වෙළඳ පොල ගනුදෙනු ඊයේ(30) දිනයෙන් අවසන් කරනු ලැබීය.

ඩව් ජෝන්ස් අගයන්හි සාමාන්‍යය 2022 අවසාන වෙළඳ දිනයේ දී ඒකක 280 ක් හෝ 0.8% කින් පහත වැටුණු අතර සමස්ත 2022 වසර සැලකීමේදී එය 9% ට වඩා පහත වැටී තිබුණි. එලෙසම “එස් ඇන්ඩ් පී 500” අගය ඊයේ 1.1% පහත වැටුණු අතර, වසර සඳහා එම අගය 20% කින් අහිමි විය.

ඉහළ යන උද්ධමනය සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ආක්‍රමණශීලී අනුපාත ඉහල දැමීම් කොටස් වෙළෙන්නහ පොලේ වර්ධනයට බාධා කළ අතර ආයෝජකයින්ගේ මනෝභාවය මත බර පැටවීම නිසා ප්‍රධාන දර්ශක තුන 2008 වසරේ සිට නරකම අගයන් වාර්තා කළේය.

එක්සත් ජනපදයේ උද්ධමනය මේ වසරේ දශක හතරක ඉහළම මට්ටමට ළඟා වූ අතර, පාරිභෝගික මිල ගණන් වාර්ෂිකව ග්‍රීෂ්මයේදී 9%කට වඩා ඉහළ ගියේය. වසර අවසානයේ උද්ධමන අනුපාතය මන්දගාමී විය. කෙසේ වෙතත්, විශේෂඥයින් එය පූර්ව වසංගත මට්ටම්වලට වඩා ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මිල වර්ධනය 2019 මට්ටම් කරා ආපසු යාමට වසර කිහිපයක් ගතවනු ඇතැයි විශ්වාස කරති.

මේ අතර, සමහර ආයෝජකයින් ලබන වසරේ වෙළඳපල ප්‍රකෘතියක් ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කළද, තවත් බොහෝ අය අනතුරු අඟවන්නේ 2023 දී කොටස් 2022 වසරටත් වඩා පහත් මට්ටමකට පැමිණිය හැකි බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More