දේශීය පුවත්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (31) සිය සාම්ප්‍රදායික අලුත් අවුරුදු දේශනය පවත්වමින් පසුගිය වසර තුළ රට මුහුණ දුන් අභියෝග සහ එය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව රුසියානු ජාතිය ඇමතීය.රුසියානු ජනාධිපතිවරයාගේ සම්ප්‍රදායික ක්‍රෙම්ලින් මළුවෙහි සිට කරනු ලබන අලුත් අවුරුදු සුබ පැතුම වෙනුවට දක්ෂිණ හමුදා දිස්ත්‍රික් මූලස්ථානයේ සිට සිය සම්ප්‍රදායික වාර්ෂික සුබ පැතුම් පණිවිඩය පටිගත කළේය.පුටින් සිය සංචාරය තුලදී ඉහළම හමුදා නිලධාරීන් හමු වූ අතර කීර්තිමත් සොල්දාදුවන්ට රාජ්‍ය සම්මාන පිරිනැමීය.

මෙවර ජනපති පුටින්ගේ අසාමාන්‍ය දිගු අවුරුදු සුභ පැතුම් පණිවිඩය මූලික වශයෙන් යුක්රේනයේ සිදුවෙමින් පවතින විශේෂ මිලිටරි මෙහෙයුම, පෙබරවාරි අගදී ඇති වූ මහා පරිමාණ ගැටුම මත කේන්ද්‍රව පැවතුනි. රුසියාව නම් අපගේ බහු වාර්ගික රට සෑම දුෂ්කර අවස්ථාවලදී දී සෑම විටම මෙන් එහි ධෛර්යය සහ අභිමානය පෙන්නුම් කර තිබෙනවායැයි තම අවුරුදු පණිවිඩයෙන් පවසන රුසියානු ජනාධිපතිවරයා සිය දේශනය තුල එම සිදුවිම් නාට්‍යමය ආකාර්යෙන් පෙන්නුම් කරනු ලැබුවේය. ඔහු රටේ හමුදාවට මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ටද එකසේ ප්‍රශංසා කළේය.

“රුසියානු සොල්දාදුවන්, මිලීෂියා සහ ස්වේච්ඡා සේවකයන් රුසියාවේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා සත්‍යය සහ යුක්තිය වෙනුවෙන්, අපේ මව්බිම වෙනුවෙන් සටන් කරනවා. ඔවුන් සියල්ලෝම අපට වීරයෝ වන්නේය. ඔවුන් සියලු දෙනා ජාතිය වෙනුවෙන් උසුලන වගකීම් සම්භරයෙ බර දැවැනතම බරක්.විශේෂ හමුදා මෙහෙයුමට සහභාගි වූ සියලුම දෙනාටම මගේ මුළු හදවතින්ම සුබ නව වසරක් මම ප්‍රාර්ථනා කරනවා” යැයි ජනාධිපතිවරයා පැවසීය.

“ගෙවී යන වසර බොහෝ දුක්ක දෝමනස්සයන්ගෙන් පිරී තිබුණා. නමුත් “දැඩි, එහෙත් අවශ්‍ය තීරණ” බොහෝමයක් ගෙන තිබෙනවා. “රුසියාවේ පූර්ණ ස්වෛරීභාවය සහ අපගේ සමාජයේ අවශ්‍යයතාවයන් ඒකාබද්ධතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක පියවර පසුගිය වසර තුල ගෙන තිබෙනවා” යැයි ජනාධිපතිවරයා පැවසීය. .
“මෙය අපගේ පොදු අනාගතයේ සහ අපගේ සැබෑ ස්වාධීනත්වයේ අත්තිවාරම දැමූ තීරණාත්මක හා දෛවෝපගත සිදුවීම් සිදුවූ වසරක්. අපි අද සටන් කරන්නේ අපගේ ඓතිහාසික ඉඩම්වල, රුසියානු සමූහාණ්ඩුවේ නව සංඝටක භූමිවල අපගේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙනුයි.” පසුගිය සැප්තැම්බරයේ පැවැත්වූ ජනමත විචාරණයෙන් පසු රුසියාවට ඇතුළත් කරන ලද කලින් යුක්රේන කලාප හතර ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ රුසියාව පමණක් නොව මුළු ලෝකයම “සැලකිය යුතු වෙනසක්” අත්විඳින බව පුටින් පැවසූ අතර, පවතින ගැටුමේදී යුක්රේනයට සහාය දක්වන සාමූහික බටහිර රටවල් විසින් රුසියාවට හානි කිරීමට ගත් උත්සාහයන් බොහෝ දුරට අසාර්ථක වූ බව පැවසීය. “පවතින ගැටුම ‘සාධාරණ සහ බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට අපේක්ෂා කරන අනෙකුත් ජාතීන්ට’ ප්‍රබෝධමත් බවක් අත්පත් කර දෙනවා. ” ජනාධිපතිවරයා සඳහන් කළේය.

“2014 වසරේ ක්‍රිමියාවේ සිදු වූ සිදුවීම් වලින් පසුව රුසියාව සම්බාධක යටතේ ජීවත් වේ. එහෙත් මේ වසරේ අපට එරෙහිව සම්පූර්ණ සම්බාධක යුද්ධයක් ප්‍රකාශයට පත් කර ඇත. එය පිටුපස සිටි මහ මොළකරුවන් අපේ කර්මාන්ත, මූල්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍ර කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කළහ.නමුත් එය එසේ සිදු නොවනු ඇත.” පුටින් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More