මහා බ්‍රිතාන්‍යයේ අගමැති රිෂි සුනක් ඊයේ සිය පළමු නිල අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කළ අතර, “එය එක්සත් රාජධානියට ඉතා දුෂ්කර වසරක්” බවත් 2023 දී බ්‍රිතාන්‍යය මුහුණ දෙන ගැටලු වලට විසඳුම් නොලැබෙන බවත් පිළිගත්තේය. බ්‍රිතාන්‍යය මුහුණ දෙන දුෂ්කරතා වලට රුසියානු- යුක්‍රේන ගැටුම හේතුවී ඇති බවට අගමැති රිෂි සුනක් දැඩිව දොස් පැවරීය.
“අලුත් අවුරුද්දේ අපගේ සියලු ගැටලු පහව යනු ඇතැයි මම මවාපාන්නේ නැහැ,” සුනක් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳන් වේ. “නමුත් 2023 බ්‍රිතාන්‍යයේ හොඳම දේ ලෝක වේදිකාවේ ප්‍රදර්ශනය කිරීමට අපට අවස්ථාව ලබා දෙනු ඇත. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්ව ඇති ඕනෑම තැනක එය ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යය නොපසුබට වනු ඇත.,” ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් තවදුරටත් පවසයි.
“බ්‍රිතාන්‍ය පෙර නොවූ විරූ ගෝලීය වසංගතයකින් යථා තත්ත්වයට පත් විය”, “රුසියාව යුක්රේනය වෙත ම්ලේච්ඡ හා නීති විරෝධී ආක්‍රමණයක් දියත් කළේය.යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම ලොව පුරා “ගැඹුරු ආර්ථික අර්බූදයක් ආර්ථික අර්බූදයේ නිර්මාණය කර ඇති” අතර අතර බ්‍රිතාන්‍යය කිසිසේත් එවැනි ආර්ථික අර්බූදයකට “ප්‍රතිශක්තියක්” ගොඩනගා නැති බවද සුනාක් අවධාරණය කළේය.
“දැන්, මම දන්නවා ඔබ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බූදයේ බලපෑම තම නිවෙස් වලින්ම දැනී ඇති බව. ඒ නිසා තමයි මේ රජය ණය ගැනීම සහ ණය පාලනය කර ගැනීම සඳහා දුෂ්කර නමුත් සාධාරණ තීරණ ගෙන තිබෙන්නේ. ඒ තීරණ නිසා තමයි බලශක්ති බිල්පත්වල පිරිවැය වැඩිවීමත් සමඟ වඩාත්ම අවදානමට ලක්වූවන්ට උදව් කිරීමට අපට හැකි වුණේ. ” අගමැති සුනක් සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් ප්‍රකාශ කළේය.
පසු ගිය ඔක්තෝම්බර් මස අවසානයේ පාලන බලය ලබා ගත් සුනක්, උද්ධමනය ඉහළ යාම සහ බලශක්ති පිරිවැය ඉහළ යාමේ සිට වැටුප් වැඩිකිරීම් ඉල්ලා රාජ්‍ය අංශයේ සේවකයින්ගේ දැවැන්ත වැඩ වර්ජන දක්වා විවිධ අභියෝග රාශියකට මේ වන විට මුහුණ දී තිබේ. අග්‍රාමාත්‍ය රිෂි සුනක් විසින්ම උද්ධමනය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්නවලින් එකක් ලෙස පෙන්වා දී ඇති අතර, එය විසඳීම ඔහුගේ ප්‍රමුඛතාවයක් බවට පත් කිරීමට ප්‍රතිඥා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...